Posts

හැරී පෝටර් හෙවත් හෙළයේ පොට්ට හැරී කුමරු

Image
හෙළසුර හැරී පොටර් උපන්නේ ලංකාවෙ කියලා මට සාක්ෂි ඇතුව පෙන්වන්න පුලුවන්..... මෑතකදී මම සොයා ගත්තු පුස්කොළ පොතක සහ සෙල් ලිපි දෙකක මෙහෙම කොටලා තිබුණා...... "එකු පුතු ශොබන ලිලිය කඩුසු ජෙම්ස පොටර හැරි ඉද හෙළෝ දිවි ජනම දිනි " මේකෙ තේරුම : " එකු පුතු - එකම පුත්‍රයා ශොබන ලිලි කඩුසු ජෙම්ස පොටර - ශෝභමාන වූ ලිලී සහ කඩවසම් ජේම්ස් පොටර් යන දෙදෙනාගේ හැරි - හැරී ඉද හෙළෝ දිවි ජනම දිනි - මේ හෙළය නම් දූපතේ ජන්මය ලද්දේය" _________________________________________ තව තැනක මෙහෙම සඳහන් උනා.... "රකුසු මයු නයු සිවු දනෝ මහරු ග්‍රිෆිදුරු, මහරු රවණකලු, මහරු සලසරු, මහරු හෙල්ගු ඉද පසලෝ හොගු පිණිස කර සිස් ලෝ" මේකෙ තේරුම තමයි - "රකුසු මයු නයු සිවු - රාක්ෂස මායාකාර නායකයන් සිවු දෙනා වන මහරු ග්‍රිෆිදුරු - මහ ඇදුරු ගොඩ්‍රික් ග්‍රිෆින්ඩෝ මහරු රවණකලු - මහ ඇදුරු රොවීනා රේවන්ක්ලෝ මහරු සලසරු - මහ ඇදුරු සැලසා ( ස්ලිදරින් ) මහරු හෙල්ගු - මහ ඇදුරු හෙල්ගා හෆ්ල්පෆ් ඉද පසලෝ - මේ පාසැල හොගු - හොග්වට්ස් පිණිස කර - පින් තකා සාදවා සිස් ලෝ - ලොව පුරා සිසුන් වෙනුවෙන් &

ස්වයංජාත ඇල් වී

Image
නිධානයකින් ලැබුනා යයි කියන ස්වයංජාත නම් සහල් වර්ගයක් මේ වන විට ලංකාවේ සංසරණය වෙමින් පවතී. ස්වයංජාත සහල් දැන් ලෝකයේ නොමැත. ඒ නමින් ප්‍රසිද්දව ඇත්තේ සෝගම් හෙවත් ඉදල් ඉරිගු නම් සත්ව ආහාර වර්ගයයි. එය මිනිස් පරිභෝජනයට නුසුදුසු අතර ජීර්ණය අපහසුය. පෝෂණයද සාමාන්‍ය සහල් වලටත් වඩා ඉතා දුර්වලය. එය ස්වයංජාත නමින් ප්‍රසිද්ද කිරීම වහරක නම් ධර්ම විකුර්ති ආගමික කල්ලියක වැඩක්. එමනිසා නොරැවටෙන්න "නිධානයකින් ලැබුනා" "වසවිස නැති හාලක්" යයි බොරුවක් පවසා සෝගම් ගව අහාරය ස්වයංජාත බවට පත් කිරීමට මොවුන් කුට ලෙස ක්‍රියා කලද ශාඛ හඳුනාගැනීම,තහවුරු කිරීම පිලිබඳ රටේ තියෙන ප්‍රධානම ජාතික ආයතනය "ජාතික ශාඛාගාරය" ලැබුනු නිදර්ශක සේරම සෝගම් බවට තහවුරු උනා මීට අමතරව "වී පර්‍යේෂණාගරයෙනුත්" තහවුරු කලා. ඇතැමුන් මෙය වී වර්ගයක් ලෙස හඳුන්වනු ලැබුවත් එය විද්‍යාත්මක වශයෙන් ඉරිඟු කුලයට (Sorghum) අයත් තෘණ ශාක විශේෂයක් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට පැවසුවාය. අවශ්‍ය අයට වී පර්යේෂනායතනයෙන් මේ පිලිබස සත්‍යය දැනගත හැකිය --------------------------------

බුදුන් උපදින මධ්‍ය මණ්ඩලය

Image
නාලන්දා ගෙඩි ගෙය පිලිබදව බොරු පතුරවන එක් වැඩසටහනකදී නාලන්දා ගෙඩි ගෙය ඇත්තේ ලංකාවේ මධ්‍යයේ බවත් , "බුදුවරුන් ඉපදෙන්නේ මධ්‍ය මණ්ඩලේ බව ඔබ අසා ඇති" යයි ප්‍රකාශයක් සිදුකරයි. මෙයින් මෙම මිත්‍යාදෘෂ්ඨිකයා උත්සහ කරන්නේ බුදුන් (සිදුහත් කුමරු) ලංකාවේ ඉපදුන බව වක්‍රාකාරව ශ්‍රාවක ඔලු තුලට ඇතුල් කිරීමයි. බුදුන් ලංකාවේ උපන් බව කියමින් පැතිරවූ පට්ටපල් බොරුව මේ වනවිට සම්පුර්ණයෙන්ම බොරු බව ඔප්පු කර හමාරය. එම මත පැතිරවූ භික්ෂුන් මහා විහාර විසින් සාමනේර භාවය අවලංගු කර ශාසනයෙන් පන්නා දමා අවසන්ය. එම මත පැතිරවූ භික්ෂුන් කියාගන්නා බහුතරය ගිහි කල කට්ටඩි කම් කල මානසික රෝගීන් වන අතර බහුතරය උපසම්පදාව වත් නොමැති සාමනේර වරුන්ය. ඔවුන් විසින් ඉදිරිපත් කල ඉතිහාස සාධක, පාලි අර්ථ දැක්වීම ආදී සියල්ල මේ වන විට විශ්ලේෂණ කර ඒවා සියල්ල ව්‍යාජ ඒවා බව සාක්ෂි සාධක ඇතුව පෙන්වා එම විකෘතිය සම්පුර්ණයෙන්ම නිෂ්ප්‍රභා කර අවසන්ය. ** එම සියලු හෙළි කිරීම් ධර්ම යාත්‍රා සමුහයට පැමිණීමෙන් ඔබට කියවා දැක බලා විශ්ලේෂණය කල හැක ------> https://www.facebook.com/groups/405548173257170/ ** බුදුන් උපන්නේ ඉන්දියාවේ බවට සාක්ෂ

නාලන්දා ගෙඩිගෙය - විශ්ව ශක්ති කේන්ද්‍රය Nalanda gedi geya

Image
නාලන්දා ගෙඩි ගෙය  මේ හෙලි කරන්නෙ නාලන්දා ගෙඩිගෙය ගැන කියු පට්ටපල් බොරැ ගැන. 1.නාලන්දා ගෙඩිගෙය රාවණ යුගයට අයත් නෑ! නාලන්දා ගෙඩිගෙය හදලා තියෙන්නෙ ක්‍රි ව 7-9 කාලයේ මානවම්ම රජ කාලේ 2.නාලන්දා ගෙඩිගෙය තිබෙන තැන වෙනස් කර නෑ! මේක තමයි සුපිරිම ටොම් පචය. ජැක්සන් ඇන්තනි ගේ ගග දිගේ වැඩසටහන තුළදීත් මේ ගැන වැරදි මතයක් සමාජගත කර තිබෙනවා. රාවණ බේගල් කරුවන් කියන විදියට නාලන්දා ගෙඩිගෙය බෝවතැන්න ජලාශය හදද්දි ජලාශයට යටවෙන නිසා තිබ්බ තැනින් අයින් කරලා වෙනත් තැනක පිහිටෙව්වාලු. නාලන්දා ගෙඩිගෙය ගැන බෝහෝ දෙනෙක් හිතන් ඉන්න වැරදි මතයක් ඒක. ඇත්ත ඒක නෙවෙයි. නාලන්දා ගෙඩි ගෙය කලින් තිබුන තැනමයි තියෙන්නෙ . ජලාශයට යට නොවිම සදහා මහවැලි අධිකාරියෙන් කලේ තිබුන තැනම පොලව අඩි 25ක් පස් ගොඩ කර පොලව ඉස්සිම විතරයි. අක්ෂාංශ දේශාංශ වෙනස් කර නෑ. මේක සැලසුම් කරන්න සහබාගි වුනේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය pl prematilaka ඇතුලු මන්ඩලය. ජලාශයේ ජල මට්ටම තියෙන්නෙ අඩි 22 වෙනකන් විතරයි. ඊජිප්තුවෙ අබුසිම්බල් දේවස්තානයට අනුරැපව ගෙඩිගෙය සංරක්ශණය කලා. හැබැයි අබුසිම්බල් එකට කලා වගේ කොටස් කරලා මුල් ස්තානයෙන් බැහැර වෙනත්

සරවනභව - රාවණ භවය සහිත Saravanabava Ravana

Image
සරවනභව saravanabava කතරගම දෙවියන් රාවණාට ඈදන පුද්ගලයන් සරවනභව යන්නෙහි අර්ථය රාවණ භවය සහිත යයි මිත්‍යාවක් ප්‍රචාරය කරනවා. යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව හෝ කතරගම දෙවියන් පිළිබඳව ප්‍රාථමික මට්ටමෙවත් දැනුමක් මොවුන්ට නැති බව මෙයින් තහවුරු වෙනවා. සරවනභව යන නාමය ලාංකීය මහසෙන් දෙවියන්ට අදාළ යන්ත්‍ර මන්ත්‍ර ස්තෝත්‍ර කවි කන්නලව් කිසිවක භාවිත වෙන්නේ නෑ. සරවනභව නාමය මුරුගන් දෙවියන්ට අදාළ දෙමළ යෙදීම් වලයි භාවිත වෙන්නේ. එය මුරුගන් වන්දනාවෙන් පසු ලංකාවෙත් කතරගම දෙවියන් වෙනුවෙන් භාවිත වුවා මිසක් අතීතයේ සිට ආ සිංහල යෙදීමක් නෙවෙයි. කතරගම දෙවියන් යනු රාවණා යයි අමුලික මිත්‍යා පතුරවන ගයාන් සඳකැළුම් නම් පුද්ගලයා තමාගේ මිත්‍යාව තහවුරු කිරීමට ඉදිරිපත් කරන එක අසත්‍ය සාධකයක් තමයි සරවන භව කියන එකේ අර්ථය ස-රවන-භව හෙවත් රාවණ භවය සහිත යන මන්ද මානසික විග්‍රහ කිරීම. මොහුගේ සියලු අසත්‍ය ප්‍රචාර වගේම මේකත් අමුලික බොරුවක්. *** සරවනබව යන්නෙහි අර්ථය රාවණ භවය සහිත යන්න නෙවෙයි. සරවනභව යනු රාවණ භවය සහිත යයි ඔප්පු වන කිසිම ඓතිහාසික සාධකයක් හෝ ජනප්‍රවාදයක් හෝ යන්ත්‍ර මන්ත්‍ර යෙදීමක් ඇත්තේ නෑ. සරවනභව යන්න මුලින්ම යෙදිලා තියෙන්නේ ශ

ඔරායන් තරු හා ඊජිප්තුවේ ගීසා පිරමිඩ Orion Belt Pyramid Rawana

Image
ඔරායන් තරු ගීසා පිරමිඩ  අග්ගඥ්ඥ සුත්‍රය හා ආභස්සර ලෝකය පිළිබඳ පිළිබඳව විකෘති අසත්‍ය පතිරවිමේදී සමහරුන් ඔරායන් බඳ පටියේ ඇති ඇල්නිලම් ආදී තරු තුනෙහි සිට පිටසක්වලයන් අප සිටින ලොවට පැමිණ මනුෂ්‍ය වාසය ඇතිකළ බවත් බුදුන් අග්ගඥ්ඥ සුත්‍රයේදී දේශනා කර ඇත්තේ ඒ පිළිබඳව බවත් අමුලික බොරු පතුරවන බව දකින්න ලැබෙනවා. අන්තර්ජාලයේ කොහෙන් හෝ දැකගත් දෙයක් තමන්ගේ විදියට බොරු ටිකක් ගොතා අනා පැතිරවීම මිසක් මොවුන් කියන දේ පිළිබඳව හැදෑරීමක් වත් මොවුන් කර නෑ. මොවුන්ගෙන් සමහරුන් මහා ආධ්‍යාත්මික පුද්ගලයන් විදියට පෙනී ඉදිමින් මිනිසුන් රවටන භාවනා හොරුන්. ඔරායන් බඳ පටියේ පෙනෙන්නේ තරු තුනක් මිස ග්‍රහලෝක තුනක් නෙවෙයි. තරු කියන්නේ අපගේ සුර්යයා වැනි ගිනිගෙන දැවෙන ලෝකයන්. ඒවායේ මිනිසුන්ට හෝ කිසිම සතෙකුට ජිවත් වීමේ හැකියාවක් නෑ. භෞතික ජිවින්ට තබා දේව බ්‍රහ්ම ආදින්ටව්ත් ඒවා තුල ජිවත් විය නොහැකි බව බුදුරජාණන් දේශනා කල සප්ත සුරියෝද්ගමන සුත්‍රය කියවීමෙන් තේරුම්ගන්න පුළුවන්. ලෝක විනාශය වන කාලයේදී සුර්ර්යයන් හතක පහල වීම නිසා අකනිටා බඹ ලොවට වනතෙක් සියලු මනුෂ්‍ය දේව බ්‍රහ්ම ලෝක විනාශ වන බව බුදුන් දේශනා කර තිබෙනවා. ආභස්සර ලොව

මුහුදේ සැඟවුණු රාවණ රාජධානිය Hidden Rawana Kingdom

Image
රාවණ රාජධානිය  පහත චායාරුපයේ ඇති ලෙස සිංහයෙකු සහිත චායාරුප හා තවත් චායාරුප සහිතව මුහුදු පත්ලෙන් සොයාගත් රාවණ රාජධානියක් පිළිබඳව youtube video, facebook posts, හා gossip ලිපි රැසක් ඔබ දැක ඇතුවාට සැක නැත. එය හෙළයන් විසින් අතීතයේ ඉදිකළ බවත් හෙළයෙන් ගිය සිංහ මිනිසුන් නිර්මාණය කල බවත් මුහුදට ගිලා බැසි අට්ලන්ටික් නගරය මෙය බවත් විවිද විග්‍රහයන්ද ඉදිරිපත් කරනු දැක ඇතුවාට සැක නැත. එහෙත් මෙය සත්‍ය වශයෙන්ම 2007 වසරේදී පමණ ආරම්භ කරන ලද Neptune memorial reef නම් ගොඩනැගිමකි. කිසිසේත්ම පැරණි නගරයක් නොවෙන මෙය Gary Levine ගේ අදහසක් පරිදි Kim Brandell නම් නිර්මාණකරුවා විසින් නිර්මාණය කල සාගර ජීවින් සංරක්ෂණය කිරීමේ Atlantis Reef Project නම් ව්‍යාපෘතියේ අංගයකි. මේ පිළිබඳව වැඩි තොරතුරු අන්තර්ජාලයේ අඩංගු වේ. මෙවැනි ව්‍යාජ පුවත් දකින විට ඔබ කිසිදා හෝ ඒවා සත්‍යද අසත්‍යද යන්න පරික්ෂා කර තිබේද? තමන්ගේ යුටියුබ් චැනලයට හෝ ෆේස්බුක් පිටුවකට විව්ස් ලයික්ස් රැස් කරගැනීමට මිනිසුන් මුලා කරන නිවටයන් පතුරවන මෙවන් බොරු පිළිබඳව ඔබ අවධානයෙන් සිටීද? සත්‍ය වශයෙන් පුරාවිද්‍යාත්මක සාගර පතුලෙන් සොයාගත් නගර ඕනෑතරම් තිබේ. එහෙත්