නාලන්දා ගෙඩිගෙය - විශ්ව ශක්ති කේන්ද්‍රය Nalanda gedi geya

නාලන්දා ගෙඩි ගෙය
නාලන්දා ගෙඩි ගෙය 


මේ හෙලි කරන්නෙ නාලන්දා ගෙඩිගෙය ගැන කියු පට්ටපල් බොරැ ගැන.

1.නාලන්දා ගෙඩිගෙය රාවණ යුගයට අයත් නෑ!
නාලන්දා ගෙඩිගෙය හදලා තියෙන්නෙ ක්‍රි ව 7-9 කාලයේ
මානවම්ම රජ කාලේ


2.නාලන්දා ගෙඩිගෙය තිබෙන තැන වෙනස් කර නෑ!
මේක තමයි සුපිරිම ටොම් පචය.
ජැක්සන් ඇන්තනි ගේ ගග දිගේ වැඩසටහන තුළදීත් මේ ගැන වැරදි මතයක් සමාජගත කර තිබෙනවා.
රාවණ බේගල් කරුවන් කියන විදියට නාලන්දා ගෙඩිගෙය බෝවතැන්න ජලාශය හදද්දි ජලාශයට යටවෙන නිසා තිබ්බ තැනින් අයින් කරලා වෙනත් තැනක පිහිටෙව්වාලු. නාලන්දා ගෙඩිගෙය ගැන බෝහෝ දෙනෙක් හිතන් ඉන්න වැරදි මතයක් ඒක. ඇත්ත ඒක නෙවෙයි.
නාලන්දා ගෙඩි ගෙය කලින් තිබුන තැනමයි තියෙන්නෙ. ජලාශයට යට නොවිම සදහා මහවැලි අධිකාරියෙන් කලේ තිබුන තැනම පොලව අඩි 25ක් පස් ගොඩ කර පොලව ඉස්සිම විතරයි. අක්ෂාංශ දේශාංශ වෙනස් කර නෑ. මේක සැලසුම් කරන්න සහබාගි වුනේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය pl prematilaka ඇතුලු මන්ඩලය. ජලාශයේ ජල මට්ටම තියෙන්නෙ අඩි 22 වෙනකන් විතරයි.

ඊජිප්තුවෙ අබුසිම්බල් දේවස්තානයට අනුරැපව ගෙඩිගෙය සංරක්ශණය කලා. හැබැයි අබුසිම්බල් එකට කලා වගේ කොටස් කරලා මුල් ස්තානයෙන් බැහැර වෙනත් ස්තානයකට ගෙනිච්චෙ නැ තියෙන ස්තානයේම උස වැඩිකලා විතරයි. ⁣අබුසිම්බල් ක්‍රමයට සංරක්ශනය කලා කිව්වම බොහො දෙනෙක් හිතන් ඉන්නෙ තිබෙන තැන වෙනස් කලා කියලා.

නාලන්දා ගෙඩිගේ
නාලන්දා ගෙඩිගේ


මේ තොරතුරැ කිසිවක් නොදන්න බේගල් කරුවන් ටොම්පච ගහන්නේ පුරාවිද්‍යඥයො ජලාශය හදන්න ගල්ගෙය තිබුන තැනින් වෙනත් තැනකට ගෙනිච්චා කියලා. ඒ නිසා එමගින් ලංකාවට ලැබුන විශ්ව ශක්තිය නැතිවෙලා ගිහින් කියලාත් පච දෙසාබෑවා. මේ ගැන හොයන්නෙ නැතුව පිලිගත්ත අවිචාරයො ඒ කතා එහෙම්මම දාලා ෆේස්බුක් පෝස්ට් හදලා තියෙනවා දකින්න තියෙනවා. රාවණ භක්තිය අවිචාරයේ හා මෝඩකමේ උපරිමත්වයට ගිහින් තියෙනවා කියන්න මේක හොදම උදාහරණයක්. එක පචකාරයෙක්ට සමාජයක්ම නොමග යවන්න පුලුවන්.


3.නාලන්දා ගෙඩිගෙය සුර්ය දෙවොලක් නෙවෙයි!

ගෙඩිගෙය මහායාන ප්‍රතිමා ගෘහයක්. ඒ තුල පල්ලව සම්ප්‍රදායේ ගෘහ නිර්මාණ ශිල්පය තනිකරම තියෙන්නෙ

ගෙඩිගෙය කැටයම් වල අවලෝකිතේශ්වර කැටයම් තියෙනවා. බුදුපිලිමය අමිතාභ බුදු පිලිමයක් .

එහි තන්ත්‍රයාන කැටයම් තියෙනවා.
එක් කැටයමක සමුහ රමණ අවස්තාවක් නිරැපණය කර තිබෙනවා. තන්ත්‍රයානික ස්තාන වල එවැනි කැටයම් බහුලව තියෙනවා.

සුර්ය දෙවොලක සමුහ රමණ(group sex) කැටයම් අඹනවද?
දැන් අහන්න හිතෙයි එහෙනම් බුදුගෙයක රමණ කැටයම් අදිනවද කියලා. තන්ත්‍රයානික සම්ප්‍රදාය අනුව පිලිම ගෘහ වලත් එවැනි පිලිම ඉතා සුලබව දකින්න තියෙනවා.
තන්ත්‍රයානය කියන්නෙ මහායානයෙන්ම බිහිඋන ලිංගිකත්වය අනුමත කරන සම්ප්‍රදායක්.

සමහරැ මේ කැටයම් පසුකාලින හින්දු බලපැම් නිසා පසුකාලිනව ඇතිවුන එුවා බව කියනවා. ඊට හේතුව මීට ඉතා සමාන කැටයම් ඉන්දියාවෙ කාමසුත්‍රය කැටයම් කර ඇති කජුරාහෝ කෝවිලේ කැටයම් කර තිබෙන නිසා. ඒත් ඉතා පැහැදිලිව මේ හින්දු බලපැමකින් ආ කැටයමක් නෙවෙයි ලංකාවෙ තන්ත්‍රයානික සම්ප්‍රදායට අයත් කැටයමක්. ඊට හේතුව කජුරාහෝ කෝවිල නිර්මාණය කලේ 1300 පමණ කාලයේ. ඒ කියන්නෙ ගෙඩිගෙය නිර්මාණය කර අවුරැදු 600කට පමණ පසුවයි.
ඒ නිසා පැහැදිලිවම මේ කැටයම් ඒ කාලයේ දකුනු ඉන්දියාවේ ප්‍රචලිතව තිබුනු තන්ත්‍රයානිකයන්ට අයත් පල්ලව සම්ප්‍රදායේ කැටයම්. ඒ අනුවත් නාලන්දා ගෙඩිගෙය ලංකාවෙ මහායානයේ තන්ත්‍රයානිකයන් විසින් නිර්මාණය කල පිලිම ගෘහයක් බව තහවුරැ වෙනවා.

4. තවත් ටොම් පචයක් කියනවා මේකෙ පිටසක්වලයන් කැටයම් කර තියෙනවලු. පිටසක්වල ප්‍රතිමා කිසිදෙයක් නැ. අවශ්‍ය අය ගිහින්ම පරික්ශා කරන්න. පුලුවන් නම් එහෙම තියෙන තැනක් පෙන්වන්න. මොවුන් පිටසක්වල පිළිම කියන්නේ වාමන හා බහිරව රුප වලට. ඒවා ලංකාවේ ඕනෑතරම් පුරාවිද්‍යා ස්ථාන වල දකින්න තියෙනවා.


5. මේ සියල්ලට වඩා අමුලික බොරුවක් නාලන්දා ගෙඩිගෙය ගැන ප්‍රකාශ කළා ලංකාවේ මධ්‍යයේ එය තියෙන නිසා එතන තමයි මධ්‍ය මණ්ඩලය , බුදුන් උපදින්නේත් මධ්‍ය මණ්ඩලයේ කියා ඔබ අසා ඇති කියලා බුදුන් ඉපදුනේ ලංකාවේ යන මිත්‍යාදෘෂ්ටික අමුලික බොරුව සත්‍ය බව අගවන්න උත්සහ කරනවා. බුදුන් උපන් මධ්‍ය මණ්ඩලය කියන්නේ මොකක්ද, එහි සීමාවන් මොනවාද, දුර ප්‍රමාන මොනවාද, aආසන්න නගර මොනවාද ආදී සියලු විස්තර බුදුන් විසින්ම දේශනා කර පැහැදිලි කර තිබෙනවා. ඒ දේශනා අනුව ඉතාම පැහැදිලිව බුදුන් උපන් මධ්‍ය මණ්ඩලය වෙන්නේ වර්තමාන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ලෙස හදුන්වන කලාපය. මේ කාඩ්බෝඩ් ඍෂිවරයා ට එය ධ්‍යානයෙන් දැකීමේ කිසිම හැකියාවක් ඇත්තෙත් නෑ අඩුමගානේ ත්‍රිපිටක දේශනා කියවා එය ගවේෂණය කරවත් නෑ. තමන්ගේ මැටි මොලයේ ප්‍රමාණයෙන් එය තෝරාගෙන තමන්ගේ මැටි මත සමාජගත කර මුළු සමාජයම මුලා කරනවා. මධ්‍ය මණ්ඩලය පිළිබද සම්පුර්ණ තොරතුරු විස්තර කල ලිපියක් මේ ලින්ක් එක ඔස්සේ කියවීමට පුළුවන් :-

https://www.facebook.com/photo.php?fbid=2287912604812730&set=pb.100007820371011.-2207520000.1557635589.&type=3&theater

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය