පාරාවෝ සහ රාවණා Rawana pharaoh

රාවණ පාරාවෝ රජ
රාවණ පාරාවෝ රජ



රාවණා පිළිබඳ අසත්‍ය ප්‍රවාද පතුරවන්නන් ඊජිප්තු පිරමිඩ ආදිය ලංකාවට පටවාගැනීම සදහා පාරාවෝ යන නාමය පිළිබඳව අමුලික බොරු සමාජගත කරන බව දකින්න ලැබෙනවා.

ඊජිප්තු දේව මණ්ඩලයේ සුර්ය දෙවියන් රා නමින් හැදින්වෙන නිසා රා-වනා යනු සුර්ය වංශිකයා බවත් පාරාවෝ යනු ලංකාවේ සිට ඊජිප්තුවට ගොස් ඊජිප්තුව පාලනය කල රාවණ හා ඔහුගේ යටත් පාලකයන් බවත් මොවුන් ප්‍රචාරය කරනවා. මෙම මතය මුලින්ම සමාජගත කර ඇත්තේ  අරිසෙන් අහුබුදු විසින් බව දකින්න ලැබෙනවා. මොන පණ්ඩිත වියතෙක් විසින් ප්‍රචාරය කලත් අසත්‍ය නුගත් මත අසත්‍ය නුගත් මතමයි. මෙම පාරාවෝ විකෘතිය ඊජිප්තු භාෂා හා ඊජිප්තු ඉතිහාසය නොදත් කමින් නිර්මාණය කරන ලද ඉතාම නුගත් මතයක්.

ඊජිප්තු භාෂාවෙන් පාරාවෝ කියා වචනයක් ඇත්තේ නෑ. ඊජිප්තු රජවරුන් හැදින්වුයේ " ෆේරෝ" ලෙසින්. එය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ " pharao" විදියටයි. ෆේරෝ ලංකාවේ පාරාවෝ බවට් පත් කරගෙන තිබෙන්නේ ඊජිප්තු භාෂාව වත් ඉංග්‍රීසි උච්චාරනයවත් නොදන්නා අන්ධ පුද්ගලයන් විසින්. නිවැරදිව pharao උච්චාරනය කරන ආකාරය අන්තර්ජාලයෙන් උවත් සොයා බැලිය හැකි :- ( https://www.youtube.com/watch?v=zx0S7Hgvwc0 )

ආදී ඊජිප්තු අක්ෂර ක්‍රමය සාමාන්‍ය අක්ෂර ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක්. මෙහිදී බොහෝවිට අක්ෂර හෝ ශබ්ද දෙක බැගින් එකට ලිවීමක් සිදුකරන්නේ. ෆේරෝ යන වචනය ලියන්නේ    
pr
aA
විදියට. මෙ සලකුණු දෙකෙන්  ප්ර + ආ කියන දේ අර්ථවත් වෙනවා. එම පද දෙකෙහි තේරුම උසස් + නිවස යන්නයි.

ඊජිප්තු අක්ෂර වලින් රා යන නාමය ලියන්නේ
N5

විදියට.
ෆේරෝ හා රා අතර කිසිම සම්බන්ධයක් නැති බව මෙම අක්ෂර වලින්ම දැකබලාගන්න පුළුවන්.
ඊජිප්තුවේ 12 වන රාජවංශය තෙක් ෆේරෝ යන වචනය භාවිත වී තිබෙන්නේ රජමාළිගය හැදින්විමටයි. 12 වන රාජවංශයෙන් පසුකාලින ලේඛන වලදියි එය රජවරු හැදින්වීමට භාවිත කර තිබෙන්නේ.


අනෙක් අතට සිංහල හෝ ආදී හෙළ භාෂාවන් අතර හා ඊජිප්තු භාෂාව අතර ව්‍යවහාරික, අක්ෂර වින්‍යාසමය, ව්‍යාකරණමය ආදී  කිසිම සමාන කමක් හෝ සම්බන්ධ කමක් දකින්න ලැබෙන්නෙත් නෑ. ඒ වගේම  ලංකාවේ භාෂාවන් සහිත කිසිවක් ඊජිප්තුවේ කොතනකවත් දකින්න ලැබෙන්නෙත් නෑ ඊජිප්තු භාෂා සහිත කිසිවක් ලංකාවේ කොතනකවත් දකින්න ලැබෙන්නෙත් නෑ.

රාවණ හා ඊජිප්තු තාක්ෂනය අතර සම්බන්ධතාවක් තිබුනත් නැතත් පාරාවෝ යන වචනය හා රාවණ යන වචනය අතර කිසිදු සම්බන්ධතාවක් නෑ. පාරාවෝ ලෙස වචනයක් ඇත්තෙත් නෑ.

මෙම කරුණු වලින් හොදින්ම පැහැදිලි වෙන්නේ ඊජිප්තුවේ ෆේරෝ ලංකාවේ පාරාවෝ බවට පත් කරගෙන එයට රාවණ නාමයක් සම්බන්ධ කර සුරංගනා කතා ගොතා තිබෙන්නේ
- ඉංග්‍රීසි උච්චාරණය නොදන්නා
- ඊජිප්තු අක්ෂර නොදන්නා
- ඊජිප්තු ඉතිහාසය නොදන්නා
පුද්ගලයන් විසින් බවයි .

ලංකාවේ බහුතරය තමන් අසන දකින දේ පිළිබඳව  කිසිදු විමර්ශනයක් නැති අධ්‍යනයක් නැති  ඔහේ රැල්ලට ගසාගෙන යන, තමන් අහන්න කැමති බොරු ටිකක් අසා මෝඩ රසවින්දයක් ලබාගන්නා පිරිසක්. එවැනි පිරිසක් මෙවැනි බොරු සුරංගනා කතා වලින් රැවටීම ඉතාම පහසුයි. තමන් අහන දකින දේ පිළිබඳව කිසිදු සත්‍යක් නොදන්නා මොවුන් කරන්නේ තමන් අහේතුකව, අනධ්‍යනව  පිළිගත් දේට විරුද්ධ සත්‍ය හෙළිවන විට ඊට දෝෂාරෝපණය කිරීම පමණයි.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය