වශවත් තාණ්ඩව කුනුහරපය

වශවත තාණ්ඩව
වශවත තාණ්ඩව


රාවණ භක්තිකයන් ලෙස පෙනී සිටිමින් ධර්මය විකෘති කරන "රාවණ බ්‍රදර්ස් " නම් පිරිස විසින් බුදුන් ලංකාවේ ඉපදුන බවක් දක්වමින් වෂවර්ති යනු සුද්දෝදන රජුගේ සහෝදරයෙක් බව දක්වමින් තවත් ඉතා විශාල ධර්ම විකෘති රැසක් ඇතුලත් කර "වෂවත තාණ්ඩවය" නම් ව්‍යාජ ශ්ලෝකයක් නිර්මාණය කර ඇත. තමන්ගේ බොරු බේගල් පහසුවෙන් සමාජගත කිරීමේ අවශ්‍යතාව මත ඝාම්භිර වචන යොදාගෙන නිර්මාණය කර හෙළ බෙර වාදන යොදා මිනිසුන්ගේ ලේ ඇවිස්සෙන ලෙස නිර්මාණය කර ඇති මෙම විහිළු ශ්ලෝකය කිසිදු සත්‍යතාවක් හෝ වටිනාකමක් නැති නිර්මාණයකි. එහි අගටද තාණ්ඩව යන පදය යොදා එයට මහා ඝාම්භිර ස්වභාවයක් ආරෝපණය කිරීමට උත්සාහ කිරීමෙන්ම ඔවුන්ගේ දැනුමේ මොට බව ප්‍රදර්ශනය වේ. තාණ්ඩව යන්නෙහි අර්ථයවත් නොදන්නා අඳ බාලයන් විසින් නිර්මාණය කර ඇති මෙය එහෙන් මෙහෙන් සංස්කෘත වචන අහුලා නිර්මාණය කර ඇති විකෘතියකි. මොවුන් රාවණ නාමය හෙළ කම උලුප්පා පෙන්වමින් ධර්මය විකෘති කරන ඉතිහායවත් ධර්මයවත් රාවණ ඉතිහාසයවත් සංස්කෘත, සිංහල ආදී භාෂාවන් වත් පිළිබද කිසිදු දැනීමක් නැති විකෘතිකයන් පිරිසක් පමණි. මෙම විහිලු ශ්ලෝකයේ පද අරුත් ගැලපීම මෙන්ම ඝන, විරිත් ගැලපීම් සම්පුර්ණයෙන්ම වැරදිය. ශ්ලෝක නිර්මාණයේ සිරිත් විරිත් නොදන්නා මෙම පිරිස බුදු බණ විකෘති කිරීමට අමතරව මන්ත්‍ර ශ්ලෝක ශබ්ද විකෘති කිරීමෙන් මේ සිදු කර ඇති අනර්ථකාරී ක්‍රියාව නිසා ඒකාන්තයෙන්ම වස් වැදීම සිදුවන බව සිහිතබාගැනීම වටී.


සිව තාණ්ඩව, වශ්වත තාණ්ඩව ආදී තාණ්ඩව දෙක තුනක් මේ ලෝකයේ නැත. ඇත්තේ එක් තාණ්ඩවයකි. ඒ ශිව තාණ්ඩවයි!
තාණ්ඩව යනු ගාථාව, ශ්ලෝකය යන අර්ථය සහිත පදයක් නොවේ. තාණ්ඩව යනු ශිව දෙවියන්ගේ නර්තන ශෛලියයි. ශිව දෙවියන්ගේ තාණ්ඩව නර්තනය වර්ණනා කරන ශ්ලෝක "ශිව තාණ්ඩව ස්තෝත්‍ර " ලෙස හදුන්වන අතර එය කෙටි කර ශිව තාණ්ඩව ලෙස හදුන්වනු ලබනවා මිස ඕනෑම ස්තෝත්‍රයක් අගට තාණ්ඩව යන පදය යෙදිය නොහැක.
එක් එක් දෙවිවරුන්ට අදාළ මන්තර ශ්ලෝක වලදී ඒවායේ නම අගට යෙදිය හැකි පොදු වචන තිබේ. භාවිත වෙන අරමුණ අනුව එම පොදු වචන විවිද මන්ත්‍ර ශ්ලෝක අගට යෙදිය හැකිය.

ලක්ෂ්මි ගයාත්‍රි
සුර්ය ගයාත්‍රි
ඉන්ද්‍ර ගයාත්‍රි

මහා ලක්ෂ්මි අශ්ටකම්
කාල බහිරව අශ්ටකම්
ගනේශ අශ්ටකම්

ශ්‍රී මාතාංගි ස්තෝත්‍රම්
ශ්‍රී ශිව් තාණ්ඩව ස්තොත්‍රම්

මහසොහොන් දිශ්ටිය
ශ්‍රී රාම දිශ්ටිය
නවනීල දිශ්ටිය

මහසොහොන් අලගුව
සත් භුමිකම්පා අලගුව
අශෙටාත්‍ර අලගුව

විදුර ගිනි රාම ශරය
වෙසමුනි ශරය

මහා රැවන් දොර පෙරළුම
මරැ යක්ශ පෙරළුම
ගිනි බ්‍රාඩි පෙරළුම
එවැනි ඒවාය.

තාණ්ඩව යනු එවැනි පදයක් නොවේ. වෂවත තාණ්ඩවයක් පිලිබදව මත පතුරවන පිරිසට යන්ත්‍ර මන්ත්‍ර ශ්ලෝක ශාස්ත්‍ර පිලිබදව කිසිදු දැනුමක් නැති අතර තාණ්ඩව යන්නෙහි අර්තයවත් නොදන්නා පිරිසකි.

එමෙන්ම මේ තුල බුදුන් දේශනා කළා යයි කියමින් බුදුන් කිසිදා දේශනා නොකළ බහුභූත ඇතුලත් කර තිබීමෙන් මොවුන් කිසිසේත්ම බෞද්ධ නොවන මිථ්‍යාදෘෂ්ඨිකයන් පිරිසක් බව හොදින්ම තහවුරු වේ.

එමෙන්ම මෙම බහුභුතය තුලින් මාරයා යනු බුදුන්ගේ නෑයෙක් හා හෙළයෙක් ආදී මිථ්‍යාදෘෂ්ඨික බේගල් ඇතුලත් කර මාරයා වන්දනා කිරීමක් සිදු කර ඇති ආකාරයෙන් ඉතා පැහැදිලිව මෙම ධර්ම හා ඉතිහාස විකෘතිකයන් පිරිස ධර්මය විනාශ කිරීමටම පැමිණි මාර දුතයන් බව හොදින්ම පැහැදිලි වේ. මෙය රාවණ භක්තිකයන් යනු බුදුදහම විනාශ කිරීමට පැමිණි මාර දුතයන් බවට ඇති මාර සළකුණු වලින් එකකි. රාවණ ඉතිහාසය නමින් බොරු බේගල් සමාජගත කරනා ගයාන් සඳකැලුම් නැමැත්තා ද මේ ලෙසටම මාරයා බුදුන් බවට ඔප්පු කිරීමට උත්සහ කිරීමෙන් මොවුන් සියල්ල එකම මාර සේනාවක සිට මෙලොවට පැමිණි මාරයන් බව පැහැදිලි වේ.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri