සරවනභව - රාවණ භවය සහිත Saravanabava Ravana

සරවනභව saravanabava
සරවනභව saravanabava


කතරගම දෙවියන් රාවණාට ඈදන පුද්ගලයන් සරවනභව යන්නෙහි අර්ථය රාවණ භවය සහිත යයි මිත්‍යාවක් ප්‍රචාරය කරනවා. යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව හෝ කතරගම දෙවියන් පිළිබඳව ප්‍රාථමික මට්ටමෙවත් දැනුමක් මොවුන්ට නැති බව මෙයින් තහවුරු වෙනවා. සරවනභව යන නාමය ලාංකීය මහසෙන් දෙවියන්ට අදාළ යන්ත්‍ර මන්ත්‍ර ස්තෝත්‍ර කවි කන්නලව් කිසිවක භාවිත වෙන්නේ නෑ. සරවනභව නාමය මුරුගන් දෙවියන්ට අදාළ දෙමළ යෙදීම් වලයි භාවිත වෙන්නේ. එය මුරුගන් වන්දනාවෙන් පසු ලංකාවෙත් කතරගම දෙවියන් වෙනුවෙන් භාවිත වුවා මිසක් අතීතයේ සිට ආ සිංහල යෙදීමක් නෙවෙයි.

කතරගම දෙවියන් යනු රාවණා යයි අමුලික මිත්‍යා පතුරවන ගයාන් සඳකැළුම් නම් පුද්ගලයා තමාගේ මිත්‍යාව තහවුරු කිරීමට ඉදිරිපත් කරන එක අසත්‍ය සාධකයක් තමයි සරවන භව කියන එකේ අර්ථය ස-රවන-භව හෙවත් රාවණ භවය සහිත යන මන්ද මානසික විග්‍රහ කිරීම. මොහුගේ සියලු අසත්‍ය ප්‍රචාර වගේම මේකත් අමුලික බොරුවක්.

*** සරවනබව යන්නෙහි අර්ථය රාවණ භවය සහිත යන්න නෙවෙයි. සරවනභව යනු රාවණ භවය සහිත යයි ඔප්පු වන කිසිම ඓතිහාසික සාධකයක් හෝ ජනප්‍රවාදයක් හෝ යන්ත්‍ර මන්ත්‍ර යෙදීමක් ඇත්තේ නෑ. සරවනභව යන්න මුලින්ම යෙදිලා තියෙන්නේ ශිව පුරාණය තුලදී. එහි තේරුම සර - වනයේ - උපන් කියන එකයි. සර හෙවත් ශර කියන්නේ ගංගා නදිය වගේම ආසියාව පුරා ගංගා ආශ්‍රිතව වැවෙන බට පඳුරු (පන් ගස්) වලට.

සරවනභව යන්නේ අර්ථය සර-වන-භව හෙවත් බට (පන් ) -වනයේ-උපන් කියන එකයි. ස්කන්ධ දෙවියන්ගේ උප්පත්ති කතාවේ සඳහන් විදියට ස්කන්ධ කුමරුන්ව අග්නි දෙවියන් ගංගා නදියේ පා කල පසු ගංගා නදී දේවතාවිය විසින් කුමරුන්ව සරවන විල වෙත රැගෙන එනවා. ස්කන්ධ කුමරුන් පෝෂණය කල මාතාවන් හයදෙනා හට කුමරුන්ව ලැබෙන්නේ සරවන විලේදියි. අදටත් එම සරවන පොකුණ "සරවන පොයිහායි" (සරවනගේ පොකුණ) නමින් හැදින්වෙනවා වගේම එම ස්ථානයේ ස්කන්ධ දෙවියන් සදහා කෝවිලක් ඉදිකර වන්දනා කරනවා.

සර -වන යන්නේ තේරුම උණ - වනය කියන එකයි. ජලයේ පාවී ආ ස්කන්ධ කුමරුන්ව මේ උණගස් අතර රැඳුනු බව පුරාණ ග්‍රන්ථ වල සදහන් වෙනවා.
මෙම සිදුවීමට සම්බන්ධ නොවුනත් මෝසස් පිලිබඳ කතා පුවතේදීත් මේ හා සමාන තොරතුරක් දැකගන්න පුළුවන්. ඊජිප්තු රැජිණ හට මෝසස් බිලිඳා ව ලැබෙන්නෙත් මාලිගාව අසල පොකුණේ පඳුරු අතර රැඳී තිබියදීයි.

* සරවන විල පිළිබඳව ශිව පුරාන ස්කන්ධ පුරාණ වැනි ඉතා පැරණි ග්‍රන්ථ වල කාර්තිකේය දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් සඳහන් වෙනවා

පැරණි පුස්කොල ග්‍රන්ථයක් වෙන අමරකෝෂය තුල ස්කන්ධ දෙවියන් පිළිබඳව ශර ජන්මා යනුවෙන් දක්වා තිබෙන්නේ ශර-වනයේ උපන් යන කාරණයයි. කිසිදු සාක්ෂියක් නැති ස-රවණ -බව යන ව්‍යාජ අර්ථ දැක්වීම බොරුවක් බව මේ තුලිනුත් පැහැදිලි වෙනවා.

ඒ වගේම සරවනභව මන්ත්‍රය ඉන්දීය කාර්තිකේය, මුරුගන්, ස්කන්ධ දෙවියන් වෙනුවෙන් තැනුණු මන්ත්‍ර හා යන්ත්‍ර දහස් ගණනක යෙදුනත් කිසිදා ලාංකීය මහසෙන් දෙවියන්ට අදාළ ඉතිහාසමය සාධකයක හෝ මන්ත්‍රයක හෝ කවියක් ආදී කිසිවක සදහන් වෙන්නේ නෑ. සරවනභව යන්න කතරගම දේවාලයට වඩින ඉන්දීය ස්කන්ධ දෙවියන්ට අයත් යෙදුමක් මිසක් හෙළ මහසෙන් දෙවියන්ට අදාළ යෙදුමක් නෙවෙයි. සරවනභව යන්න රාවණ රජුට කිසිසේත්ම සම්බන්ධ දෙයක් නෙවෙයි.

සමහරුන් සරවනභව යන ස්කන්ධ මන්ත්‍රය විකෘති කර රාවණ රජු වන්දනාවට ඕම් සරවන භව සිද්ධම් සිද්ධි බලවරම් ලෙස විකෘති ප්‍රචාරය වෙනවා. මෙවැනි අඥාන විකෘති මන්ත්‍ර භාවිත කිරීමෙන් වෙන්නේ වස් වැදී ජීවිතය විනාශවීම පමණයි.

තවත් සමහරුන්
ශිව මස්තු නමෝ රාමඃ
කන්දසේනා සමාගමඃ
වඩිගතන්ත්‍ර මණි ඛණ්ට
ඔඩ්ඩි මංගල නමෝ නමඃ

යන සුනියම් දැහැන විකෘති කර ඉතා ලාමක ආකාරයෙන් එය තුලට රාවණ නාමය යොදා විකෘති මන්ත්‍රයක් ප්‍රචාරය කරනවා දකින්න ලැබෙනවා.

යන්ත්‍ර මන්ත්‍ර ශ්ලෝක දිෂ්ටි ජීවම් පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව අක්ෂර පිහිටවීම් ඝන පිහිටවීම් පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව ශබ්ද විද්‍යාව සමග සෙල්ලම් කිරීම තමන් විසින් තමන්ගේ විනාශය උරුම කරගැනීමක් පමණයි. තමන් විනාශ වෙනවා මදිවට මොවුන් මුළු සමාජයක් විනාශ කරනවා.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය