හැරී පෝටර් හෙවත් හෙළයේ පොට්ට හැරී කුමරු

හෙළසුර
හෙළසුර


හැරී පොටර් උපන්නේ ලංකාවෙ කියලා මට සාක්ෂි ඇතුව පෙන්වන්න පුලුවන්.....

මෑතකදී මම සොයා ගත්තු පුස්කොළ පොතක සහ සෙල් ලිපි දෙකක මෙහෙම කොටලා තිබුණා......
"එකු පුතු ශොබන ලිලිය කඩුසු ජෙම්ස පොටර හැරි ඉද හෙළෝ දිවි ජනම දිනි "
මේකෙ තේරුම :

" එකු පුතු - එකම පුත්‍රයා

ශොබන ලිලි කඩුසු ජෙම්ස පොටර - ශෝභමාන වූ ලිලී සහ කඩවසම් ජේම්ස් පොටර් යන දෙදෙනාගේ

හැරි - හැරී

ඉද හෙළෝ දිවි ජනම දිනි - මේ හෙළය නම් දූපතේ ජන්මය ලද්දේය"

_________________________________________

තව තැනක මෙහෙම සඳහන් උනා....
"රකුසු මයු නයු සිවු දනෝ මහරු ග්‍රිෆිදුරු, මහරු රවණකලු, මහරු සලසරු, මහරු හෙල්ගු ඉද පසලෝ හොගු පිණිස කර සිස් ලෝ"
මේකෙ තේරුම තමයි -

"රකුසු මයු නයු සිවු - රාක්ෂස මායාකාර නායකයන් සිවු දෙනා වන

මහරු ග්‍රිෆිදුරු - මහ ඇදුරු ගොඩ්‍රික් ග්‍රිෆින්ඩෝ
මහරු රවණකලු - මහ ඇදුරු රොවීනා රේවන්ක්ලෝ
මහරු සලසරු - මහ ඇදුරු සැලසා ( ස්ලිදරින් )
මහරු හෙල්ගු - මහ ඇදුරු හෙල්ගා හෆ්ල්පෆ්

ඉද පසලෝ - මේ පාසැල
හොගු - හොග්වට්ස්
පිණිස කර - පින් තකා සාදවා
සිස් ලෝ - ලොව පුරා සිසුන් වෙනුවෙන් "

_________________________________________

මේ හොග්වට්ස් පාසැල තිබුණු බවට සාක්ෂි තියෙන්නෙ වත්මනේ "ගාල්ල" නමින් හඳුන්වන ප්‍රදේශයේ......අදටත් ගාලු කොටු පවුරේ සැඟවුණු සාක්ෂි බොහොමයක් තියෙනවා මේ ගැන......මේ සාක්ෂි වසන් කරන්න තමයි ගාල්ලෙ කොටුවෙ එක්තරා බාළිකා විද්‍යාලයක් ඒ සාක්ෂි තිබෙන භූමියට උඩින් සුද්දෝ හදලා තියෙන්නෙ......අපි ඒකෙ කැණීම් කරන එක වළක්වන්න......

හෙළයේ උපන් මේ මහා මන්ත්‍රාචාරීන්ගේ උරුමය පර සුද්දෝ අපෙන් පැහැර ගෙන, ජේ.කේ.රොව්ලින් නම් වංචනික ගැහැණියක් සතු කොට පවරා, උන්ගේ දේවල් වගේ අද ලොවට කියනවා.......

තව පුස්කොළ ඡේදයක මෙහෙම තියෙනවා.....
"රොනු හමිනි දිනියේ ඉද දනවු දනු "

"රොනු - රොන්
හමිනි - හර්මයිනි
දිනියේ - දිනා ගත්තේ
ඉද - මෙහි
දනු - දනව්වේ
දනු - දැන ගන්න "

_________________________________________

ඔය හැරී පොටර් පොත් පෙළේ අන්තිමට කියන මහ ලොකු "ප්‍රොෆසි" එකත් අපේ දෙයක්.....ඒක මුලින් ගොඩවායෙ සෙල් ලිපියෙ තිබ්බෙ මෙහෙම .....

" එකු අනෙකු රඳ නොරඳ" - ඒ කියන්නෙ එකෙකු අනෙකා ජීවත් වෙන තෙක් ජීවත් විය නොහැක.....

"ඩක ලොඩ වොල්ඩු මිනි හිස සපු නුබ දවන දින ඩුම්දෝ මහ නා මියෙදු " කියලත් එකක් තිබුණා.....ඒ කියන්නේ

"ඩක ලොඩ - ඩාක් ලෝඩ්
වොල්ඩු - වොල්ඩ්මෝට්
මිනි හිස සපු නුබ දවන - මිනී හිස සහ නාගයා සහිත ලකුණ අහසේ දිදුළන දිනෙක
ඩුම් දෝ මහනා මියෙදු - ඩම්බ්ල්ඩෝ මහ නා හෙවත් විදුහල්පති මිය යයි "

_________________________________________

පහත සඳහන් මන්ත්‍රයනුත් මට ඒ පෞරාණික පුස්කොළ පොතේම තිබී හමු උනා.... මුලින් මේ ස්ටේටස් එකට දාන්න අමතක වුනාම මේ ත්‍රෙඩ් එකේ මිත්‍රයෙක් මතක් කරල දුන්නා..... ( Edit )
"විගු ලෙවිස මතුරු උසි කරැ පවනු " - වින්ගාඩියම් ලෙවියෝසා මන්ත්‍රයෙන් යමක් ඔසවා පා කෙරේ

" ලුමොස මතුරු පලවු අඳුරු " - ලූමොස් නම් මන්ත්‍රය අඳුර පළවා හරියි

"කෘසි මතුරු මහ භය වධක දෙම්හා " - " කෘෂියාටස් මන්ත්‍රය මහත් භයංකර වූ වද පමුණුවයි"

" අව කදවුරු මතුරු පණ හරුමෙයි " - "අවාඩා කෙඩව්‍රා මන්ත්‍රය ජීවිතය තොර කරයි "

"එක්ස් පෙතුරු මිතුරු මතුරු මිතුරු මත ලා සතු මවු දිමතුරු පලවු " - "එක්ස්පෙක්ටෝ පට්‍රෝනම් නම් මිතුරු මන්ත්‍රය ප්‍රියමනාප මතකයන්ගේ සතෙකු මවා ඩිමෙන්ටරයන් පලවා හරියි "

ඕන පර සුද්දෙකුට, සුදු වෙස් ගත් ගැත්තෙකුට මාත් එක්ක විවෘත වාදයකට මම අභියෝග කරනවා.......හැරී පොටර් උරුමය හෙවත් ඔහු උපන් "අම්බ භූමිය" පර සුද්දන්ට "ක්ලේම්" කරන්න මම ඉඩ තියන්නෙ නෑ........එංගලන්ත මතය හිසින් ගත් කලු සුද්දන්ටත් අභියෝග කරනවා වාදයට එන්න කියලා......

"දමිත් කේතක" ගෙන් උපුටාගන්නා ලදී.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

වොල්ඩමෝට ගේ ප්‍රහාරයෙන් හානි වුනේ හැරීගේ නළලට පමණක් නොවේ. ඔහුගේ අක්ෂි වලටද හානි වීම නිසා කුඩා කල සිටම දෘශ්‍යාබාධ ඇතිවී උපැස් පැළඳීමට සිදුවුනා.
මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු හෙළ බසින් " පොට්ට හැරී " ලෙස නම් වුනා. ඒ අනුව තමයි ඔහුව පසුකාලීනව හැරී පොට්ටයා -> හැරී පොටර් ලෙසින් නම් වුනේ.
මේ බව හැරී පොටර් චිත්‍රපටයේදී ඩම්බල්ඩොර් හැරිව ආමන්ත්‍රණය කරන නිවැරදි අකාරය බැලීමෙන් ඔබට තහවුරු කරගන්න පුළුවන්. ඔහු නිතරම "හැරී පොට්ටාහ්" ලෙස ආමන්ත්‍රණය කිරීම දකින්න ලැබෙන්නේ මේ නිසා...

හෙළබිම සත්‍ය හෙළිවීම කාටනම් වැළකිය හැකිද....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බුදුන් ලංකාවේ ඉපදුනා කියන වුන් හා රාවණ බේගල් කාරයන් තමන්ගේ පච සමාජගත කරන්නේ මෙන්න මේ විදියට.

Comments

  1. ekenm atti helenna deela mehem therenneth neththn gobba gon harak thm

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය