ස්වයංජාත ඇල් වී



නිධානයකින් ලැබුනා යයි කියන ස්වයංජාත නම් සහල් වර්ගයක් මේ වන විට ලංකාවේ සංසරණය වෙමින් පවතී.
ස්වයංජාත සහල් දැන් ලෝකයේ නොමැත.
ඒ නමින් ප්‍රසිද්දව ඇත්තේ සෝගම් හෙවත් ඉදල් ඉරිගු නම් සත්ව ආහාර වර්ගයයි.
එය මිනිස් පරිභෝජනයට නුසුදුසු අතර ජීර්ණය අපහසුය. පෝෂණයද සාමාන්‍ය සහල් වලටත් වඩා ඉතා දුර්වලය.

එය ස්වයංජාත නමින් ප්‍රසිද්ද කිරීම වහරක නම් ධර්ම විකුර්ති ආගමික කල්ලියක වැඩක්. එමනිසා නොරැවටෙන්න

"නිධානයකින් ලැබුනා"
"වසවිස නැති හාලක්" යයි බොරුවක් පවසා සෝගම් ගව අහාරය ස්වයංජාත බවට පත් කිරීමට මොවුන් කුට ලෙස ක්‍රියා කලද
ශාඛ හඳුනාගැනීම,තහවුරු කිරීම පිලිබඳ රටේ තියෙන ප්‍රධානම ජාතික ආයතනය "ජාතික ශාඛාගාරය" ලැබුනු නිදර්ශක සේරම සෝගම් බවට තහවුරු උනා මීට අමතරව "වී පර්‍යේෂණාගරයෙනුත්" තහවුරු කලා.

ඇතැමුන් මෙය වී වර්ගයක් ලෙස හඳුන්වනු ලැබුවත් එය විද්‍යාත්මක වශයෙන් ඉරිඟු කුලයට (Sorghum) අයත් තෘණ ශාක විශේෂයක් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට පැවසුවාය.

අවශ්‍ය අයට වී පර්යේෂනායතනයෙන් මේ පිලිබස සත්‍යය දැනගත හැකිය

-----------------------------------------------------------------------

මොවුන් ස්වයංජාත යන වචනය අහුලගත්ත අග්ගඥ සුත්‍රය කියවන්න.
ස්වයංජාත තම්බන්නේ නැතුව කන්න පුළුවන්

බුදුහාමුදුරුවෝ අග්ග්ඥ සුත්‍රයේදී දේශනා කරලා තියෙන දෙයක් ඔය ස්වයංජාත කියන්නේ.

ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉන්න ආලෝකමය ශරීර තියෙන බ්‍රහ්මයන් පොලව ඇතිවෙන කාලයේදී බ්‍රහ්ම ලෝකෙන් මිදිලා ආශාව ඇතිකරගෙන පොලවට එනවා.

ඇවිත් පොලවේ සාරය අනුභව කරනවා. එතකොට ඒ බ්‍රහ්ම ශරීර ඝන වෙලා ගොරෝසු වෙලා මනුෂ්‍ය ශරීර හැදෙනවා . ශක්තිමය බ්‍රහ්ම ශරීර පදාර්තමය මනුෂ්‍ය ශරීර වෙනවා.

ඒ කාලේ මිනිස්සුන්ගේ හිත් වල රාග ද්වේශ මෝහ අඩු නිසා මිනිසුන්ගේ කුසගින්නේ අවශ්‍යතාව සොබාදහම විසින්ම සම්පුර්ණ කරන්න ඉබේම සහල් වර්ගයක් ඇතිවෙනවා. ඒවා තමයි ස්වයංජාත කියන්නේ. ඒවා ලිපේ තම්බලා කන්න ඕනි නෑ. අමුවෙන්ම කන්න පුළුවන් සුවද රස අධික වී ජාතියක්

මින්ස්සුන්ගේ කෙලෙස් වැඩිවෙනකොට හිත් වලින් පිටවෙන අහිතකර සිතුව්ලි කිරණ නිසා පෘථිවි රසය නැතිවෙලා ස්වයංජාත අතුරුදහන් වෙලා සාමාන්‍ය සහල් වර්ග ඇතිවෙනවා. ඒවා තමයි තම්බලා බත් කරලා කන්න ඕනි වෙන්නේ .ඒ සහල් වර්ග පරිනාමය වෙලා තමයි අද තියෙන වී වර්ග ඇතිවෙලා තියෙන්නේ

ඔන්න ඕකයි සුත්‍රයේ තියෙන කතාව

---------------------------------------------------------------------------

අග්ගඤ්ඤ සූත්‍රයේ උදෘතය

"දිගුකලක්‌ ඇවෑමෙන් මහ පොළොව මෙපිට විවිධ තුරුලතා හටගැනීම ආරම්භ විය. ඒ වන විට බදුලතා වැල් විනාශ වී යැමේ තර්ජනය එල්ල විනි. ඒ අතරතුර ස්‌වයංජාත ඇල්වී නම් ගොයම් වර්ගයක්‌ ශීඝ්‍රයෙන් බෝවන්නට විය. එහි වී කරල ඉතා විශාලය. පොත්තක්‌ද නැත. සවිමත් බවක්‌ද නැත. ප්‍රසන්න සුවඳ මෙන්ම කිරි රස මිශ්‍ර මධුර රසයෙන් යුක්‌ත විය. මෙය කා බැලූ මානවායට බදුලතා වැල්වලට වඩා රසවත් බව දැණුනේය. නෙළාගත් සැණින් බත් මෙන් අනුභව කිරීමට හැකිවූ බැවින් දැඩි විශේෂත්වයක්‌ මානවයා තුළ ඇතිවිය."

-----------------------------------------------------------------------------
ඕව ස්වයංජාත නම් ඕව අමුවෙන් කන්න පුළුවන් වෙන්න ඕනි. සුවද රස අනිත් මොනවටත් වඩා වැඩි වෙන්න ඕනි

ස්වයංජාත යයි ලංකාවේ පැතිරෙන සෝගම් අමුවෙන් කෑ හැක්කේ එළු බැටළු හරක් ආදීන්ට පමණි. හැකිනම් බැටළුවෙක් මෙන් අමුවෙන් අනුභව කරන්න. 😆😆
බලය ජවය ශක්තිය පිරි ස්වයංජාත
ගවයන්ට විශේෂයි
ජම්බු හෙවත් දඹ සමග ආහාරයට ගැනීමෙන් වඩාත් බල අත්වේ 😅😅

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය