සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

සීගිරිය සිංහ පාද ගුරුළු පාද
සීගිරිය සිංහ පාද ගුරුළු පාද 


සීගිරියේ සිංහයෙකු පිළිබඳව මුල්ම සඳහන හමු වන්නේ අපගේ ප්‍රධානම ඓතිහාසික මූලාශ්‍රය වන මහාවංශයෙනි.

":ඉක්බිති ඒ පාපී වූ කස්සප නමැති රජු....බියවී සීගිරියට ගියේය. මිනිසුන් විසින් අපහසුවෙන් නැගිය යුතු එය හාත්පසින් පිරිසිදු කරවා, ප්‍රාකාරයකින් වට කොට ඉණිමං සහිත ගෙවල් සිංහයකුගේ ආකාරයෙන් කරවීය. එහෙයින් සීගිරි (සීහගිරිං) නම් විය.


කැටපත් පවුර

කාශ්‍යප රජුගෙන් පසුව හෝ එම ස්ථානයේ පැවති බවට ඇතැම් වියතුන් අනුමාන කරන මහායාන සංඝාරාමයේ පරිහාණි කාලයෙන් අනතුරුව සීගිරිය නැරඹීමට පැමිණි තත් කාලීන නරඹන්නන් තබා ගිය සීගිරි ගී වලින් හෙලිවන තොරතුරු එහි සිංහ රුවක් තිබූ බවට අනතුරුව හමුවන ප්‍රබලම සාධක වේ. මේ එම ගී සහ ඒවායේ අර්ථයයි.

1) අවුද් මුළු වෙ ගිරිහී යන වි අප මුළු විසිරි
සිහිඳුන් සෙය හැඟැ අප සිහි වන්නට් සිහිගිරි
මෙහි පැමිණ මිනිසුන් එක්වී ගල මත ඒකරාශී වේ. සිංහ රජු මෙය වටහාගෙන මෙහි සිටින්නේ, අපට එම ඒකරාශී වීමෙන් වෙන්වී ඈතට යෑමට මෙනි. එසේම සිහිගිරි ය අපගේ මතකයට කාවැද්දීමටය.
යුගය - 9 වන සියවසේ අවසාන භාගයේ හෝ 10 වන සියවසේ මුල් කාලය.

2) නැගී ඇති බලනට බැලිමි සිහිමියන් සිහිගිරි
මනදොළ පුරය් ඇති බලනරිසි නොවෙ බෙයන්ද් රන්වන්
එහි ඇත්තේ කුමක්දැයි බැලීමට සිහිගිරි නැග්ගෙමි. සිංහ රාජයන් දැකීමෙන් මාගේ මනදොළ පිරිගියේය. ගුහාවේ සිටින රන්වන් ලියන් දැකීමට ආසාවක් නොවේ.
යුගය - 9 වන සියවස

3) සීරජු යසස සිරී තුබූ මුළුලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරී බැලුමො සිහිගිරී
අපි සිහිගිරියේ ඔහුගේ යසස සහ විභූතිය මුළු ලොව පැතිරවූ සිංහ රජුද, නිල් උපුල් වන් ඇස් ඇති අප්සරාවන්ගේ අසිරියද දුටිමු.
යුගය - 8 වන සියවස

4) දිගැස් ගිරිහිසැ හිඳි ඇවිද් මෙ ගල බැලුමො
බලමනා තක් ඇවිද් බැලුමො සි සිහිගිරී
මේ ගලට පැමිණ එහි මුදුනේ සිටින දිගැසියන් බැලුවෙමු. අප මෙහි පැමිණ සිහිගිරියේ සිංහයා බැලුවෙමු. ඒ සියල්ල බැලීමට වටිනවාය.
යුගය - 9 වන සියවස

5) අතින් මල් ගත් කලූ මෙ දුට පවහි සිරෙ වෙයි
සිහිමියන් තමන් දුට නොවන්නෙ යි සිහි තමහට
අතින් මල් ගත් මේ අප්සරාව දුටු කල යමෙකු ගල මත සිර වේ. සිංහ රජු දුටුවද සිංහයා මතකයේ නොරැඳේ.
යුගය - 8 - 9 සියවස්.
කැටපත් පවුරේ ගීයක්

මෙම සීගිරි ගී වලට අනුව අවම වශයෙන් 9 සියවස හෝ ඇතැම් විට 10 වන සියවසේ මුල් කාලය දක්වාම සිංහයෙකුගේ විශාල රූපයක් සීගිරියේ තිබී ඇත. මෙම ගී වලට අමතරව තවත් සීගිරි ගී කිහිපයකම මෙහි තිබූ සිංහ රූපයක් පිළිබඳව වර්ණනා දැක්වෙන මුත් පක්ෂියෙකු හෝ ගුරුලෙකුගේ රුවක් පිළිබඳව එකදු සඳහනක් වත් මේ දක්වා කියවා ඇති කිසිදු සීගිරි ගීයකින් හමු නොවේ




* අද සිංහ පාදය තිබෙන තැන 1890 දශකය තුල බෙල් විසින් නිරීක්ෂණය කරන විට තිබුනේ ගඩොල් ගොඩැල්ලක් විදියට. ඉහලින් තිබුණු ගඩොල් නිර්මාණ කොටස් කඩා වැටිලා ගොඩගැහිලා තිබුනා.
ගඩොල් ඉවත් කලාට පස්සේ පාද දෙකක් දකින්න ලැබුනා. වම් පාදය ගොඩක් හානි වෙලා තිබුනා.
ඒ යුගයේදීත් longhearts කියන පුරාවිද්‍යාඥයා මේ පාද කුරුල්ලෙකුගේ පාද විය හැකියයි අනුමාන කර තිබෙනවා.

* අතීතයේ සිට සතර දිශාවට යොදන සතුන් හතර දෙනෙක් වාස්තු විද්‍යාත්මකව භාවිත වෙනවා. දිශා හතරට අධිපති සතර වරම් දෙවි වරුන්ගේ වාහන ලෙස සලකන සතුන් හතර දෙනා භාවිත වෙලා තියෙන්නේ. ගොඩනැගිලි නිර්මාණ වල මෙන්ම සඳකඩ පහන තුලත් මේ සතුන් දිශා හතර නිරුපණයට භාවිත කරලා තියෙනවා. ඒවායින් උතුරට අයත්වෙන්නේ සිංහයා. එමනිසා සීගිරියේ උතුරු දිශාවේ තියෙන මේ නිර්මාණය සිංහ මුණක් හා සිංහ පාදයක් වීම වාස්තු විද්‍යාත්මකව සනාත වෙනවා. වෙනත් කිසිම නිර්මාණයක උතුරට ගුරුලෙකු හෝ වෙනත් කුරුල්ලෙකු යොදා නෑ.

* සිංහයෙකුගේ පාද හා ගුරුලෙකුගේ පාද සංසදනය කරලා මේ පාද ගැන නිගමනයකට එන්න පුළුවන්. මේවා සිංහ පාද නොවෙයි කියන්න පෙන්වන ප්‍රධාන කාරණයක් වෙන්නේ සීගිරියේ පාද වල ඇගිලි 3ක් පමණක් තිබීම.

සිංහයෙකුගේ ඉදිරි පාද වල ඇගිලි 5ක් තියෙනවා. පිටුපස පාද වල ඇගිලි 4යි තියෙන්නේ. ඉදිරිපස පාද වල ඇගිලි වලින් මහපට ඇගිල්ල පිහිටන්නේ අනෙක් ඇගිලි වලට ඇතුලින් හා ඉහලින්. ඒ නිසා සිංහයෙක් පොලවේ ඇවිදිනකොට පොලවේ වදින්නේ ඇගිලි 4යි.
පිටතට එකපාරට පෙනෙන්නේ නැති උනාට සීගිරියේ ඇති පාද වල පිටත 3ට අමතරව ඇතුලට වන්නට තවත් ඇගිල්ලක් තියෙනවා. එතකොට සීගිරියේ සිංහ පාද වල දක්නට නොලැබෙන්නේ සිංහයාගේ ශරීරය පැත්තෙන් තියෙන මහපට ඇගිල්ල විතරයි.
ක්‍රි.පු 6 සියවසට අයිති තෙරියස් රජ කාලයට අයිති වැතිරගත් සිංහ මුර්තියකත් සීගිරියේ විදියටම පාද නිරුපනය කරලා තියෙනවා.
අභයගිරියේ බිසෝ මාලිගය අසලත් තිබෙන සිංහ රුපයකත් සීගිරියේ ආකාරයටම සිංහ පාද නිර්මාණය කරලා තියෙනවා.
සීගිරියේ ඉහලට නැගල පාද දිහා බැලුවම සිංහ පාද පිහිටලා තියෙන්නේ තනි කෙලින් ඉස්සරහට පාද තියන් ඉන්න විදියට නෙවෙයි සිංහයෙක් ඔලුව බිම තියන් නිදා ඉන්න අවස්ථාවක තමන්ගේ ශරීරය දෙසට ලං කරගෙන පාද තියන් ඉන්න විදියට. ඒ පිහිටීමෙන් ඉන්න සිංහයෙක් දිහා ඉදිරියෙන් සිට බලන විට සිගිරි චිත්‍ර වල තියෙන ක්ෂය වෘධ ලක්ෂණ අනුවත් සිංහයාගේ ශරීරය පැත්තට තියෙන ඇතුල් ඇගිල්ල පෙනෙන්නේ නෑ.

මේ පාද සිංහයෙකුගේ නෙවෙයි කියන අනිත් ප්‍රධානම හේතුව වෙන්නේ නියපොතු වල ස්වභාවය. සංචි ස්ථම්භයේ සිංහයාගේ නියපොතු දක්වලා තියෙන්නෙත් මේ විදියටමයි. ඒවා කවාකාර නෑ දිගටි උල් හැඩතියි. හැබැයි සාරානාත් ස්ථම්භයේ සිංහයාගේ නියපොතු ඉතාම සජීවී විදියට නිර්මාණය කරලා තියෙනවා. එක් එක් නිර්මාණ ශිල්පියා නිර්මාණ කරන්නේ එක් එක් විදියට. සිංහයාගේ මුහුණ නිර්මාණය කරලා තියෙද්දී ඇගිලි කොහොම නිර්මාණය කලත් බලන අය දනනවා මේ සිංහයෙක් කියල.
සීගිරියේ සිංහ පාද වල නියපොතු වලට ඉහලින් සිංහයන්ගේ හා පුසාන් වැනි බිළාලයන්ගේ පිහිටන ආකාරයේ කෝෂයන් සමාන්තර රේඛා තුනකින් පෙන්නුම් කරලා තියෙනවා.

කුරුල්ලන්ගේ පාද විවිද විදියට පිහිටනවා. පියාඹන කුරුල්ලන්ගේ එක විදියක්, පිහිනන කුරුල්ලන්ගේ එක විදියක්, ඇවිදින කුරුල්ලන්ගේ එක විදියක්. ඒ කිසිම පාදයක් සිගිරි පාද වලට සමාන නෑ.


ඒ මොනවා නැතත් සිගිරි ගී 30 කට වැඩි සංඛ්‍යාවක සිංහ මුහුණ ගැනත් සදහන් වෙනවා.
"සීරජ යසස සිරි
දිග් වූ මුළු ලෝ පැතිරී
නිලුපුල් අසුන් අසිරි
බැලුම සිගිරි"

කියන කවියෙන් කියවෙනවා සීගිරියේ සිංහයා ගැන ලෝකයේම පැතිරී තිබුණු කිර්තිය.

"තොප කිමැ බහකය පවසන මෙසිහි ශ්‍රි පදේ "
කියන කවියෙන් දැක්වෙන්නේ මේ ශ්‍රීමත් සිංහ පාදය අසල සිට නුබලා මොනවද කතා කරන්නේ කියල ප්‍රශ්න කිරීමක්.

තවත් කවියක තියෙනවා සිගිරි කැටපත් පවුරේ ඇවිදන් යනකොට එක තැනකදි සිංහ හිස දුටු බව කියන කවියක්. අපි වෙහෙරහේන පන්සලේ පඩිපෙළේ ඇවිදන් යනකොට එක තැනකදී හරියටම බුදු පිළිමයේ මුහුණ පෙනෙන තැනක් එනවා. මාලිගාවිල බෝසත් පිලිමයේත් පඩිපෙළ නගිනකොට එක තැනකදී හරියටම මුහුණ පෙනෙන තැනක් තියෙනවා. ඒ වගේ සිගිරිය උඩට නැග්ගම හැම තැනදීම සිංහ හිස පෙනිලා නෑ. හැම තැනදීම පේනවා නම් එක තැනකදී පෙනුන බවක් අමුතුවෙන් ලියන්න ඕනි නෑ. ඒ ස්ථානය විශේෂ නිසයි විශේෂයෙන් ලියල තියෙන්නේ. සිගිරි කැටපත් පවුරේ එක තැනකදී හරියටම සිංහ හිස දුටු නිසා ඒ බව කවියකින් ලියල තියෙනවා.

මේ වගේම තවත් කවි තියෙනවා
"මම සිංහයා දැක්කා" "සිහ රජු අභිමානෙන් නැගී සිටියා" කියන අර්ථ තියෙන දේ ලියපු කවි.

sigiriya gurulu pada
sigiriya gurulu pada


ගුරුලා යනු ශ්‍රීලංකාවට හෝ ශ්‍රීලාංකික ජනශ්‍රුතියට ආවේනික කුරුල්ලෙක් නෙවෙයි. ගුරුලා ගැන සදහන් වෙන්නේ ඉන්දියානු සාහිත්‍යයේ. ඒ ප්‍රධාන වශයෙන් විෂ්ණු දෙවියන්ගේ වාහනය වන සතා විදියටයි. විෂ්ණු දේවියගේ සතෙකුගේ පාද සීගිරියේ නිර්මාණය කරන්නේ සිගිරිය විෂ්ණු දේවාලයක්ද?

මහා රාවණ සීගිරිය
මහා රාවණ සීගිරිය

 ගුරුලා කියන්නේ උකුස්සන් රාජාලියන් අයත් වංශයේ ලක්ෂණ දරන කුරුල්ලෙක්. ඒ පක්ෂීන් වගේම ඕනෑම පක්ෂියෙකුගේ පාද වල ඇගිලි පිහිටන්නේ එකිනෙකින් ඉතා ඈත්ව මිසක් සීගිරියේ වගේ එකිනෙකට ලංව නෙවෙයි. ඒ වගේම ගුරුලන්ගේ පාද වල කොරපොතු පිහිටීමක් මිස පුසන් සිංහයන් වැනි සතුන්ගේ මෙන් නිය ආශ්‍රිතව කොට්ටයක් වැනි පිහිටීමක් නෑ. සීගිරියේ ඉතා පැහැදිලිව නිය වටා ඉරි තුනකින් බිලාල සතුන්ගේ ආකාරයට කොට්ටයක් වැනි පිහිටීමක් පෙන්නුම් කර තිබෙනවා.


සිවගිරි රාවන රජු
සිවගිරි රාවන රජු 

සීගිරියේ සිංහපාද හරියටම සිංහයෙක්ට සමාන නොවන නිසා එය සින්හපාද නොවන බව කියමින් යාපහුවේ සිංහපාද නිවැරදි සිංහපාද බව සමහරු කියනවා. හැබැයි යාපහුවේ සිංහ පිළිම වල මුහුණු කිසිසේත්ම සිංහ මුණකට සමාන නැති බව ඒ පිරිසට මතක නෑ. එක් එක් නිර්මාණ කරුවා නිර්මාණ කරන්නේ තම තමන්ගේ පුද්ගලික ශෛලීන් වල හැටියට මිසක් ලෝකේ සියලු සිංහ නිර්මාණ හරියටම ඇත්ත සිංහයන්ට සමාන නෑ



7.10 ඉදන් බලන්න :-







Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

වශවත් තාණ්ඩව කුනුහරපය