මුහුදේ සැඟවුණු රාවණ රාජධානිය Hidden Rawana Kingdom

රාවණ රාජධානිය
රාවණ රාජධානිය 


පහත චායාරුපයේ ඇති ලෙස සිංහයෙකු සහිත චායාරුප හා තවත් චායාරුප සහිතව මුහුදු පත්ලෙන් සොයාගත් රාවණ රාජධානියක් පිළිබඳව youtube video, facebook posts, හා gossip ලිපි රැසක් ඔබ දැක ඇතුවාට සැක නැත.

එය හෙළයන් විසින් අතීතයේ ඉදිකළ බවත් හෙළයෙන් ගිය සිංහ මිනිසුන් නිර්මාණය කල බවත් මුහුදට ගිලා බැසි අට්ලන්ටික් නගරය මෙය බවත් විවිද විග්‍රහයන්ද ඉදිරිපත් කරනු දැක ඇතුවාට සැක නැත.

එහෙත් මෙය සත්‍ය වශයෙන්ම 2007 වසරේදී පමණ ආරම්භ කරන ලද Neptune memorial reef නම් ගොඩනැගිමකි. කිසිසේත්ම පැරණි නගරයක් නොවෙන මෙය Gary Levine ගේ අදහසක් පරිදි Kim Brandell නම් නිර්මාණකරුවා විසින් නිර්මාණය කල සාගර ජීවින් සංරක්ෂණය කිරීමේ Atlantis Reef Project නම් ව්‍යාපෘතියේ අංගයකි. මේ පිළිබඳව වැඩි තොරතුරු අන්තර්ජාලයේ අඩංගු වේ.

මෙවැනි ව්‍යාජ පුවත් දකින විට ඔබ කිසිදා හෝ ඒවා සත්‍යද අසත්‍යද යන්න පරික්ෂා කර තිබේද?
තමන්ගේ යුටියුබ් චැනලයට හෝ ෆේස්බුක් පිටුවකට විව්ස් ලයික්ස් රැස් කරගැනීමට මිනිසුන් මුලා කරන නිවටයන් පතුරවන මෙවන් බොරු පිළිබඳව ඔබ අවධානයෙන් සිටීද?

සත්‍ය වශයෙන් පුරාවිද්‍යාත්මක සාගර පතුලෙන් සොයාගත් නගර ඕනෑතරම් තිබේ.
එහෙත් අන්ධ භක්තියෙන්, රැල්ලෙන් ප්‍රයෝජන ගැනීමට මෙවැනි බොරු රාවණ ඉතිහාසයක් පිළිබඳවත් , ධර්මය පිළිබඳවත්, ලංකා ඉතිහාසය පිළිබඳවත් ඕනෑතරම් හුවමාරු කෙරේ.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය