බුදුන් උපදින මධ්‍ය මණ්ඩලය



නාලන්දා ගෙඩි ගෙය පිලිබදව බොරු පතුරවන එක් වැඩසටහනකදී නාලන්දා ගෙඩි ගෙය ඇත්තේ ලංකාවේ මධ්‍යයේ බවත් , "බුදුවරුන් ඉපදෙන්නේ මධ්‍ය මණ්ඩලේ බව ඔබ අසා ඇති" යයි ප්‍රකාශයක් සිදුකරයි. මෙයින් මෙම මිත්‍යාදෘෂ්ඨිකයා උත්සහ කරන්නේ බුදුන් (සිදුහත් කුමරු) ලංකාවේ ඉපදුන බව වක්‍රාකාරව ශ්‍රාවක ඔලු තුලට ඇතුල් කිරීමයි.

බුදුන් ලංකාවේ උපන් බව කියමින් පැතිරවූ පට්ටපල් බොරුව මේ වනවිට සම්පුර්ණයෙන්ම බොරු බව ඔප්පු කර හමාරය. එම මත පැතිරවූ භික්ෂුන් මහා විහාර විසින් සාමනේර භාවය අවලංගු කර ශාසනයෙන් පන්නා දමා අවසන්ය. එම මත පැතිරවූ භික්ෂුන් කියාගන්නා බහුතරය ගිහි කල කට්ටඩි කම් කල මානසික රෝගීන් වන අතර බහුතරය උපසම්පදාව වත් නොමැති සාමනේර වරුන්ය.
ඔවුන් විසින් ඉදිරිපත් කල ඉතිහාස සාධක, පාලි අර්ථ දැක්වීම ආදී සියල්ල මේ වන විට විශ්ලේෂණ කර ඒවා සියල්ල ව්‍යාජ ඒවා බව සාක්ෂි සාධක ඇතුව පෙන්වා එම විකෘතිය සම්පුර්ණයෙන්ම නිෂ්ප්‍රභා කර අවසන්ය.

** එම සියලු හෙළි කිරීම් ධර්ම යාත්‍රා සමුහයට පැමිණීමෙන් ඔබට කියවා දැක බලා විශ්ලේෂණය කල හැක ------>
https://www.facebook.com/groups/405548173257170/

** බුදුන් උපන්නේ ඉන්දියාවේ බවට සාක්ෂි විශාල ප්‍රමාණයක් ඇති ලිපියක් ------>
https://rawanakingg.blogspot.com/2017/11/1.html

** බුදුන් ලංකාවේ ඉපදුනා කියන හොරුන්ගේ බොරු විග්‍රහ කර ඇති ලිපි පෙළක් --> https://mahamevnawa.lk/janbuddeepaya-1/

බුදුන් ලංකාවේ ඉපදුන බව මතුරවමින් ධර්මය හා ඉතිහාසය විකෘති කරන්නන් තමන්ගේ බොරු ඔලු තුලට පැටවීම සදහා ප්‍රධාන ලෙසම ජාත්‍යාලය, හෙළ බව හා රාවණ ඉතිහාසය උපයෝගී කරගනී. ඔවුන් බොහෝ විට රාවණ ඉතිහාසයට සම්බන්ධ සමුහ තුල තම විකෘති පැතිරවීමට උත්සහ කරති. රාවණ ඉතිහාසය සොයන්නන් බහුතරය තුල ධර්ම දැනුමක් නොමැති බවත් සමත විදර්ශනා වඩා ප්‍රායෝගික භාවිතයක් නොමැති බවත් විචාරශිලිත්වය නොමැති බවත් "අපේ දේ" "හෙළ කම" "රාවණ උරුමය" ආදී ස්වභාව වලින් එන ඕනෑම සංකල්පයක් කිසිදු විමසීමකින් තොරව අනුමත කරනා බව ඔවුන් දනී.
ගයාන් සදකලුම් හොරදෙටුවාද භාවිතා කරන්න මෙම අංගයන්මය. ඔහුද ඔවුන්ගේම අතකොලුවෙකු බව ඔහුගේ මෙම මධ්‍ය මණ්ඩල විහිළුවෙන් පැහැදිලි වේ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

*** මධ්‍ය මණ්ඩලය යනු කුමක්ද යන්නත් එහි සීමාවන් මොනවාද යන්නත්, ඒවායේ දිග ප්‍රමාණයත් බුද්ධ දේශනා මෙන්ම අටුවා තොරතුරු ඉතා පැහැදිලිව සදහන් වී ඇත.
-----------------------------------------------------------------------------------

තව ද බුදුරජාණන් වහන්සේ සිය සම්බුදු දිවිය තුළදී නිබඳව සැරිසැරූ දඹදිව මධ්‍ය මණ්ඩලයේ සීමාවන් පවා, භාග්‍යවතුන් වහන්සේ විසින් ම මෙසේ පෙන්වා දී තිබේ.

“මහබෝමැඩට පෙරදිගින් කජංගල නම් නියම්ගම ය. ඉන් පිටත මහා ශාලයෝ ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. පූර්ව දක්ෂිණ දිශාවෙන් හෙවත් ගිණිකොණින් සලලවතී නම් ගංගාව ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශය යි. දකුණු දිගින් ශ්වේත කර්ණිකා නම් නියම්ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. බස්නාහිරින් ථූණ නම් බමුණු ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. උතුරු දිගින් උසීරධ්වජ නම් පර්වතය යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මොබ මධ්‍ය දේශය යි.”

(පුරත්ථිමාය දිසාය කජංගලං නාම නිගමෝ. තස්සාපරේන මහාසාලා. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පුරත්ථිමදක්ඛිණාය දිසාය සලලවතී නාම නදී. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. දක්ඛිණාය දිසාය සේතකණ්ණිකං නාම නිගමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ්මණගාමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. උත්තරාය දීඝාය උසීරද්ධජෝ නාම පබ්බතෝ. තතෝ පරා පච්චත්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ.)

--------------------------------------------------------------------------------------------------------

වර්තමානයේ දී ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන සුවිශාල රාජ්‍යය බුද්ධ කාලයේ හැඳින්වූවේ ජම්බුද්වීප හෙවත් දඹදිව යනුවෙනි. එය අපේ අටුවාවලින් දැක්වෙන ආකාරයට කොටස් තුනකට බෙදී තිබුණි. එනම් මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය සහ අන්තර් මණ්ඩලය යනුවෙනි. මෙයින් මහා මණ්ඩලය මධ්‍ය දේශය වූ බව කියවේ. යොදුන් නවසියයක් වූ මෙම මහා භූමි ප්‍රදේශය බුද්ධාදී උතුමන් වහන්සේලාගේ ජන්ම භූමිය ලෙස සැලකේ. මෙම මධ්‍ය මණ්ඩල ප්‍රදේශයේ සීමා වශයෙන් සඳහන් වන්නේ නැගෙනහිරින් කජංගලා නියම් ගම, ගිනි කොනින් සළලවතී ගඟ, උතුරින් උශීරධ්වජ පර්වතය, බටහිරින් ථූනා නම් බමුණුගම වශයෙනි. මෙසේ පැවති ජම්බුද්වීපය මහා ජනපද මෙසේ විය. අංග, මගධ, කෝසල, කාසි, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර සහ කාම්බෝජ යන දහසයයි.

මෙයින් සිදුහත් කුමරු උපත ලද කෝසල දේශයේ එදා දේශ මායිම් වූයේ උතුරෙන් ගංගා නදිය ද නැගෙනහිරින් චම්පා නදිය ද නිරිත දිගෙන් වින්ධ්‍යා කඳු වැටිය ද බටහිරෙන් සෝනා නදියට ද වට වූ මගධ දේශය රාජගහ නගරය අගනගරය කොටගෙන පැවතියේය. රජගහනුවර සිට යොදුන් හැටකට ඈතින් පිහිටි කපිලවස්තු නගරය ප්‍රධාන කොටගත් ශාක්‍ය ජනපදය පිහිටියේය. හිමාල කඳුවැටියේ දකුණු පැත්තේ බෑවුම් ප්‍රදේශය ශාක්‍ය ජනපදයට අන්තර්ගත වූවේය. මෙකී ප්‍රදේශය ශුද්ධෝදන රජතුමා විසින් ආණ්ඩු කරන ලදී. පසුව සිද්ධාර්ථ බෝසත් තුමන් දහතුන් වසරක් රාජ්‍ය කළ බව කියවේ. උන්වහන්සේ ගිහිගෙය හැරයාමෙන් පසුව නැවතත් ශුද්ධෝදන රජ යටතට පත්වූ මෙම රාජධානිය භද්දිය නම් ශාක්‍ය රජුද ඉන්පසු මහානාම රජුද මෙම ජනපදය පාලනය කළ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

------------------------------------------------------------------------------------------------------------

පින් මෝරා ගිය පුද්ගලයන් උන්වහන්සේගේ නුවණ දැළට හසු වූ විට ඔහු ළඟ සිටියත් දුර සිටියත් ඔහු කරා වහා වැඩිය යුතු නම් තුරිතචාරිකාවෙන් වැඩම කොට ඔහුට හෝ ඔවුන්ට දහම් දෙසා සිවුසස් අවබෝධ කරවති. මහාකාශ්‍යප හා අංගුලිමාල සොයා වැඩියේ තුරිත චාරිකාවෙනි. ලෝ වැසිය, කෙරෙහි අනුකම්පාවෙන් පිණ්ඩපාතය සඳහා දවසක් දවසක් පාසා ගම් නියම්ගම් නගර සිසාරා පිළිවෙළින් යොදුන වශයෙන් පියෙවි ගමනින් වැඩම කිරීම අතුරිත චාරිකාවයි. එයට සපදාන චාරිකාවයි කියාද කිය හැකියි.

මෙම ක්‍රම දෙකෙන් චාරිකාවේ වැඩම වන බුදුරජාණන් වහන්සේ දඹදිව මහාමණ්ඩලය, මධ්‍ය මණ්ඩලය හා අන්තර් මණ්ඩලය යන මණ්ඩල තුනෙහි වරින්වර සැරිසරණ සේක. මෙයින් මහා මණ්ඩලය යොදුන් (නව යොජන සතිකං) නවසියයකි. මධ්‍ය මණ්ඩලය යොදුන් (ඡ යොජන සතිකං) තුන් සියයකි. අන්තර් මණ්ඩලය යොදුන් (තියොජන සතිකං) තුන්සියයකි. මහ මණ්ඩලයෙහි මෙසේ සැරී සරන්නට නවමසක් ද මධ්‍ය මණ්ඩලයෙහි සැරිසරන්නට අටමසක්ද අන්තර් මණ්ඩලයෙහි සැරිසරන්ට සත්මසක් ද ගතවන බව සඳහනි. (ධර්ම ප්‍රදීපිකාව බලන්න) යම් අවස්ථාවක බුදුන් වහන්සේට මහා මණ්ඩලයෙහි සැරිසරන්නට සිත් වුවහොත් වප් පුන් පෝ දවස් මහා පවාරණයෙන් වස් පවරා පෑලවිය (පසළොස්වක දිනට හෝ මාසෙපෝය දිනට) දිනට පසුදා මහා භික්ෂූ සංඝයා පිරිවරාගෙන විහාරයෙන් නික්ම නවසියයක් යොදු නැති මහා මණ්ඩලයෙහි චාරිකා කොට නව මසකින් නිමා කරන සේක.

බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්නට පෙරාතුව උන්වහන්සේ චාරිකාවේ වඩින පුවත යොදුන් සියයක් ප්‍රදේශයෙහි පැතිර යයි. ඒ බව අසන මහජනයා අතර ‘බුදුන් වඩිනවා, බුදුන් වඩිනවා’ යන මහා ඝෝෂාව තුඩ තුඩ පැතිරයයි. කිසියම් මණ්ඩලයකට බුදුන් වඩින බව හෙවත් සැරිසරණ බව සැලවත්ම ඒ මණ්ඩලයෙහි මහාජනයා පමණක් නොව අසල මණ්ඩලවල මහාජනයා ද තම තමන්ගේ දේශයේදී බුදුන් පුදන්නට ඒ ඒ දිශාවෙන් ආහාර පාන, රෙදිපිළි, ගඳ මල් ආදිය රැගෙන අවුත් බුදුන් කොහිද? බුදුන් කොහිද? යනුවෙන් අස අසා උන්වහන්සේ සොය සොයා ඇදෙති. උන්වහන්සේ සමීපයට පළමුවෙන් ළඟාවිය හැකි වූ අයට දානයට ආරාධනා කරන්නට අවකාශ ලැබෙතත් පමාවන්නන්ට අවකාශ නොලැබේ. ඈත දුරසිට සිය ගණන් ගැල් පුරවා ගෙනෙන ලද සිවුපසය පිර වූ ගැල් සාත්තු ගව්වක් පමණ ප්‍රදේශයෙහි එකින් එක පැහැර සිිටින සේ නවතා තබති. මෙසේ මෙහි දී බුදුරජාණන් වහන්සේට මෙන්ම මහාසංඝයාට ද ලැබෙන මහා ලාභ සත්කාර අපමණ වේ. මෙසේ ලාභයෙන් හා යසසින් අගතැන්පත් වූවන් අතර භික්ෂු සංඝයා හැර වෙනත් කිසිම පිරිසක් ලොව මම නොදනිමියි බුදුන් වහන්සේම චුන්දට වදාළේ ඒ නිසයි. ‘ස්වාමීනි, මහවැස්සක් වටකල්හි ගංගා දෙකකින් එක්ව ගලා බස්නා මහා ජලකඳ නිසා පහත් තැන් ජලයෙන් පිරී ඉතිරී දෙගොඩ තලා ගමන් කරන්නාක් මෙන් බුදුන් වහන්සේ යම් යම් තැනෙකට චාරිකාවෙහි වඩින්නේ ද බ්‍රාහ්මණ ගෘහපතියෝ ද ගම් නියම්ගම් ජනපද වැසියෝ ද ඔබවහන්සේ වඩිනා දෙසටම යන්නේ ඔබවහන්සේගේ සුසිල්වත්භාවය හා ප්‍රඥා මහිමය නිසායැයි නාගිත තෙරණුවන් ප්‍රකාශ කළේ ඒ නිසයි.

මධ්‍ය මණ්ඩලයෙහි හා අන්තර් මණ්ඩලයෙහි පෙරමෙන් සැරිසරණ බුදුන් වහන්සේට ඒවායෙහි දී ද ලැබෙන සත්කාර මහා මණ්ඩලයෙහි දී මෙන්ම කිසි අඩුවක් නැත. එහිදී බුදුන් වහන්සේ ඒ ඒ ගම්වල දිනක් දෙකක් තුනක් වැඩ වෙසෙමින් දානමානාදිය පිළිගෙන මහාජනතාවට අනුග්‍රහ දක්වමින් ධර්ම දේශනා කරමින් ඔවුනට නිවන් සැප ළඟාකර ගැනීමට පිහිට වන සේක. මෙසේ කුසල් වඩාගැනීමට ඔවුනට පිහිට වෙමින් මහාමණ්ඩල චාරිකාව නවමසකින් සමාප්ත කරන නමුත් ඇතුළු වස් කාලය තුළ භික්ෂූන්ගේ සමථ විදර්ශනා භාවනා තරුණ වී නම් (මාර්ගඵලබෝධයට තරම් මුහුකුරා නොතිබුණි නම්) බුදුන් වහන්සේ මහාපවාරණයෙන් පවාරණය නොකොට ඉල්මස පුර පෝදා වස් පවාරණය කොට පළමු මහා භික්ෂු සංඝයා සමඟ විහාරයෙන් නික්ම සයසියයක් යොදුනැති මධ්‍ය මණ්ඩලයෙහි සැරිසරා අටමසකින් පෙරලා වඩින සේක. වෙනත් කරුණක් සඳහා මධ්‍ය මණ්ඩලයෙහි සැරිසරනු කැමැත්තේ නම් සිවු මසක් වැස ඉන් නික්මී වඩින සේක. මෙකී පරිදිම සෙසු මණ්ඩල දෙක්හි මෙන් මධ්‍ය මණ්ඩලයෙහි දී ද සත්කාර නොවඩුව ලැබේ. මෙසේ ලෝකයාට අනුග්‍රහ පිණිස පෙරමෙන් මධ්‍ය මණ්ඩල චාරිකාව ද අටමසකින් නිමා කෙරේ.

_____________________________________________________________________________

මෙම තොරතුරු අනුව ඉතා පැහැදිලිව මධ්‍ය මණ්ඩලය යනු ඉන්දියාව නේපාලය අතර ප්‍රදේශය බව තහවුරු වේ.









Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය