ඔරායන් තරු හා ඊජිප්තුවේ ගීසා පිරමිඩ Orion Belt Pyramid Rawana

ඔරායන් තරු ගීසා පිරමිඩ
ඔරායන් තරු ගීසා පිරමිඩ 




අග්ගඥ්ඥ සුත්‍රය හා ආභස්සර ලෝකය පිළිබඳ පිළිබඳව විකෘති අසත්‍ය පතිරවිමේදී සමහරුන් ඔරායන් බඳ පටියේ ඇති ඇල්නිලම් ආදී තරු තුනෙහි සිට පිටසක්වලයන් අප සිටින ලොවට පැමිණ මනුෂ්‍ය වාසය ඇතිකළ බවත් බුදුන් අග්ගඥ්ඥ සුත්‍රයේදී දේශනා කර ඇත්තේ ඒ පිළිබඳව බවත් අමුලික බොරු පතුරවන බව දකින්න ලැබෙනවා. අන්තර්ජාලයේ කොහෙන් හෝ දැකගත් දෙයක් තමන්ගේ විදියට බොරු ටිකක් ගොතා අනා පැතිරවීම මිසක් මොවුන් කියන දේ පිළිබඳව හැදෑරීමක් වත් මොවුන් කර නෑ. මොවුන්ගෙන් සමහරුන් මහා ආධ්‍යාත්මික පුද්ගලයන් විදියට පෙනී ඉදිමින් මිනිසුන් රවටන භාවනා හොරුන්.

ඔරායන් බඳ පටියේ පෙනෙන්නේ තරු තුනක් මිස ග්‍රහලෝක තුනක් නෙවෙයි. තරු කියන්නේ අපගේ සුර්යයා වැනි ගිනිගෙන දැවෙන ලෝකයන්. ඒවායේ මිනිසුන්ට හෝ කිසිම සතෙකුට ජිවත් වීමේ හැකියාවක් නෑ. භෞතික ජිවින්ට තබා දේව බ්‍රහ්ම ආදින්ටව්ත් ඒවා තුල ජිවත් විය නොහැකි බව බුදුරජාණන් දේශනා කල සප්ත සුරියෝද්ගමන සුත්‍රය කියවීමෙන් තේරුම්ගන්න පුළුවන්. ලෝක විනාශය වන කාලයේදී සුර්ර්යයන් හතක පහල වීම නිසා අකනිටා බඹ ලොවට වනතෙක් සියලු මනුෂ්‍ය දේව බ්‍රහ්ම ලෝක විනාශ වන බව බුදුන් දේශනා කර තිබෙනවා.

ආභස්සර ලොව උපත ලබන මිනිසුන්ගේ ලක්ෂණ හයක් බුදුන් දේශනා කරනවා.
* මනොමයා- ඝන ශරීර නැති මනෝමය ශරීර ඇති
* පීතිභක්ඛා- මිනිසුන් මෙන් ඝන කබලින්කාර ආහාර අනුභව නොකරන ප්‍රීතිය ආහාර කර සිටින
* සයංපභා - ශරීරයෙන් විහිදෙන ස්වයං ආලෝකයකින් දිදුලන
* අන්තලික්ඛචරා - අහසින් ගමන් කරන
* සුභාට්ඨායිනෝ - සුවසේ වාසය කරන
* චිරං දීඝමද්ධාන - බොහෝ කාලයක් වාසය කරන

මේ සියලු ලක්ෂණ දෙවියන් බ්‍රහ්මයන් සතු ලක්ෂණ මිසක් පිටසක්වල මිනිසුන්ගේ ලක්ෂණ නෙවෙයි. දෙවියන් හා බ්‍රහ්මයන් ගැන දේශනා කරන වෙනත් දේශනා වලදීත් මිනිසුන්ගෙන් දෙවියන් බ්‍රහ්මයන් වෙනස් වන කරුණු විදියට මෙම ලක්ෂණ බුදුන් දේශනා කර තිබෙනවා.

ඒ වගේම අග්ගඥ්ඥ සුත්‍රයෙන් කිසිසේත්ම පිටස්ක්වලයන් පැමිණීමක් ගැන කියවෙන්නේ නෑ. මේ ලෝකයේ සිටින මනුශ්‍යන්ම ලෝක විනාශය කාලයේදී ධ්‍යාන වඩා ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදී නැවත ඒ මිනිසුන්ම පොළවට පැමිණීමක් ගැනයි බුදුන් දේශනා කර තිබෙන්නේ. ඒ නිසා වෙනත් ලෝකයක වෙනම ජීවින් පිරිසක් පැමිණීමක් ගැන මෙහි සදහන් වෙන්නේ නෑ.

ඒ වගේම ආභස්සර බ්‍රහ්ම ලෝකය කියන්නේ වෙනත් සක්වලක පිහිටා තිබෙන පිටසක්වල ලෝකයක් නෙවෙයි මේ මිනිස් ලෝකය ආශ්‍රය කරගෙනම පවතින ඉහල තලයක් පමණයි. ඒ නිසා මේ මිනිස් ලෝකයේ මිනිසුන් මේ සක්වලේ සිට වෙනත් සක්වල ලෝකයකට යාමක් අග්ගඥ්ඥ සුත්‍රයේ සදහන් වෙන්නේ නෑ.
__________________________________________

ඒ වගේම මේවා අතුරින් සමහර ඒවා එක තරුවක් විදියට පෙනුනත් තරු කිහිපයක් එකට පොකුරු විදියට පවතිනවා. ඒවා ඈතට පෙනෙන්නේ එක තරුවක් විදියටයි. අග්ගඥ සුත්‍රය හා ඔරායන් බඳ පටි තරු සමාන කරන්න දගලන පුද්ගලයන් හට ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. සමහරවිට මේ ලිපිය කියවීමෙන් පසු ඒ කරුණු වලටද කතා ගොතා පල කරන්න පුළුවන්. ඒත් ඒ කිසිවෙක් මිට පෙර ඒ පිළිබඳව කිසිම සඳහනක කර නෑ.

ඒ වගේම මේ තරු කාණ්ඩ තුන පොලවට පෙනෙන ලෙස එකම රේඛාවක පවතින්නේ නෑ. ඒවා එකිනෙකින් වෙන වෙනම ඈත්ව පිහිටන ඒවා මිසක් එකම සරල රේඛාවක පිහිටන ඒවා නෙවෙයි.

මෙම තරු තුල කිසිසේත්ම කිසිම ආකාරයක ජීවින් සිටීමක් වෙන්නේ නෑ. ඒවා ආශ්‍රය කරගෙන තිබෙන ග්‍රහලෝක වල පමණයි ජීවින් සිටීමේ හැකියාවක් තිබෙන්නේ. ,මෙය කියවීමෙන් පසු ඔරායන් පච ගෙතු පචෝරිස්ලා විසින් ඔවුන් කියුවේ සුර්යයා ගැන නෙවෙයි ග්‍රහලෝක ගැන යයි තවත් කෙබර දෙසාබා තමන්ගේ විලි වසාගන්න පුළුවන්. නමුත් ඔවුන් කිසි කෙනෙක් මිට පෙර එවැනි දෙයක් කිසි අවස්තාවක් ප්‍රකාශ කර නෑ. ඔවුන් සියලු දෙනා ඊජිප්තු පිරමිඩ තුන ට සමරෙඛිය ලෙස මෙම තරු තුන තිබෙනවා දැක චුන් වී අමුලික බොරු ගොතා ප්‍රචාරය කිරීම විතරයි කලේ.

ඒ වගේම මෙම තරු ආශ්‍රය කරගෙන පවතින ග්‍රහලෝක වලත් ජිවින්ට වාසය කල හැකි පරිසරයක් ඇත්තේ නෑ. ජිවින්ට සුදුසු උෂ්ණත්වයක් පවතින ග්‍රහලෝක කිහිපයක් පමණක් තිබෙනවා. ඒවා තුල උෂ්ණත්වය ජිවින්ට සුදුසු උනත් ජිවින්ට සුදුසු වායුගෝලයක් පවතින්නේ නෑ. ඒ අනුව ඔරායන් බඳ පටියේ පෙනෙන තරු තුන ලෙස පෙනෙන තරු රාශිය තුල හා ඒවා ආශ්‍රය කරගෙන ඇති ග්‍රහලෝක කිසිවක ජීවින් කිසිවෙක් ජිවත් නොවෙන බව ඉතාම පැහැදිලියි.

ඇල්නිලම් ආදිය පිළිබඳව අමුලික බොරු පතුරවමින් මිනිසුන් මුලා කර සමාජයේ වීරයන් වෙන්න උත්සහ කරන නිවටයන් කිසිවෙක්ට මේවා පිළිබඳ කිසිදු අවබෝධයක් නෑ. කොහෙන් හෝ අමුතු දෙයක් අහුලන් ඒකට කතාවක් ගොතා ධ්‍යානයෙන් දැක්කා භාවනාවෙන් දැක්කා මෙන් පච ගොතා මිනිසුන් රැවටීම විතරයි මේ නිවටයන් කරන්නේ. මොවුන්ට තරු පිළිබඳව වත් අග්ගඥ සුත්‍රය පිළිබඳව වත් කිසිම අවබෝධයක ඇත්තේ නෑ.

ඔරායන් බඳ පටියේ තරු පිළිබඳව, ඒවායේ දුර ප්‍රමාණ, ආශ්‍රිත ග්‍රහලෝක, උෂ්ණත්ව , මතුපිට පෘෂ්ට ස්වභාව ඇතුළු සියල්ල ගැන ත්‍රිමාණ සජීවී දර්ශන සහිතව ඉතාම පැහැදිලිව සිදුකරන හැදින්වීමක් මේ වීඩියෝවෙන් නරඹන්න පුළුවන් :-

https://www.youtube.com/watch?v=PYZKrdSh5Dc

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය