Posts

Showing posts from May, 2020

රාවණ කතා පතුරවා ඉතිහාසය විකෘති කිරීමේ කුමන්ත්‍රණය Ravana history NGO

Image

සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීම හා RAWANA TRAIL ව්‍යාපෘතිය

Image
රාවන ඉතිහාසය රාවණ මතවාදය සමාජගත කිරීමේ සත්‍ය අවශ්‍යතාව කිසිදු සාධකයක් නොමැති අවුරුදු 2500 ට එපිට ඉතිහාසයක් මතුකිරීම නොව සාධක දහස් ගණනකින් සනාථ වූ 2500 ඉතිහාසය විකෘති කර ශ්‍රී ලංකා භූමියට ඇති සිංහල බෞද්ධ උරුමය නැතිකිරීම බව පෙර ලිපි වලින් පැහැදිලි කළා. https://mahasammathamanu.blogspot.com/2020/05/blog-post_76.html දිනෙන් දින එය සත්‍ය බවට සාක්ෂි මතුවන බවට උදාහරණයකුත් එංගලන්ත මහා කොමසාරිස් වරියගේ ප්‍රකාශයක් දක්වමින් සනාථ කළා. https://mahasammathamanu.blogspot.com/2020/05/blog-post_86.html මේ ඒ සියල්ලටම වඩා මේ මහා කුමන්ත්‍රණයේ අගමුල හෙළි වන තොරතුරක්. * පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා මෙම රාවණ ප්‍රවාදය සමාජගත කිරීම Ravana trail  නම් ඉන්දීය ව්‍යාපෘතියක් මගින් සිදුකරන ලද්දක් බව නම් ගම සහිතව හෙළි කර තිබෙනවා. 12.47 - 14.06 කොටස බලන්න " මේක පටන්ගත්තේ ඇත්තටම 2012 වගේ කාලේ මමත් එවකට හිටපු සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් කලෙයි සෙල්වම් මහත්තයාත් අපි දෙන්නා ජෝර්දානයේ සමුළුවකට ගියා. අපි එහෙදි කතා බහ කර කර ඉන්නකොට එතුමා කිවුවා අපි ලංකාවෙන් ගියාට පස්සේ මෙහෙම දෙයක්

රාවණ රැල්ලෙන් කළඑලි බහින ඊලාම් සෙවනැලි Ravana history terrorism

Image
ravana history මිට පෙර ලිපියකින් රාවණ රැල්ල මෙහෙයවන පුද්ගලයන් කිසිදු මුලාශ්‍ර සාධකයක් නොමැති බොරු ඉතිහාස සමාජගත කරමින් සාක්ෂි සාධක සිය දහස් ගණනකින් තහවුරු වූ මහා වංශය ආදී සිංහල බෞද්ධ ඉතිහාසයට අපහාස කරමින් එය ප්‍රතික්ෂේප කරනා සිංහල බෞද්ධ ගොන් රැලක් බිහිකර ඇති පසුබිමක විග්නේශ්වරන් විසින් "මහා වංශය බොරුවක්, ලංකාව දෙමල නිජබිමක්" කීම තුලින් මෙම රාවණ රැල්ල පිටිපස ඩයස්පෝරා කුමන්ත්‍රණයක් තිබීමේ ඉහල සම්භාවිතාවක් ඇති බව පැහැදිලි කළා. එම ලිපිය කියවීමට :- https://mahasammathamanu.blogspot.com/2020/05/blog-post_76.html මේ දිනෙන් දින එය සත්‍යයක් බවට මතුවන ඊලාම් අදුරු සෙවනැලි. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් සරෝජා සිරිසේන විසින් Guardian පුවත්පත ශ්‍රී ලංකාව හැදින්වීමට "ඊලාම්" යන නාමය භාවිත කිරීමේ ගැටළු සහගත බව ප්‍රශ්න කර ඔවුන් වෙත යැවූ ලිපියක් පිළිබඳව පළවූ කමෙන්ට් දෙකක් මෙහි දැක්වෙනවා. එහිදී ඔවුන් සදහන් කර තිබෙන්නේ ඊලාම් යන්න LTTEය නිර්මාණය කළ නමක් නොව එය දමිල "රාවණ සාහිත්‍ය" තුලදී ශ්‍රී ලංකාව හැදින්වූ නම බවයි. රාවණ මතවාදය හරහා සිදුවන සිංහල බෞද්ධ ඉතිහාස විකෘ

රාවණ රැල්ල පිටුපස සිටින්නේ ඩයස්පෝරාවද? Rawana history terrorism

Image
රාවන ඉතිහාසය බොලව් ගොබ්බයිනේ! ප්‍රභාකරන් හට යුද්ධයෙන් සිංහල භුමිය අල්ලාගැනීමට නොහැකි විය. යුද්ධයෙන් දිනිය නොහැකි නිසා ඩයස්පෝරාව දැන් අලුත්ම සෙල්ලමක් පටන්ගෙන ඇත. ඒ රාවණ වාදය හා බුදුන් ඉපදුනේ ලංකාවේ වාදය හරහා සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමයි. * මෙම මිත්‍යා ප්‍රවාද දෙක සදහාම ඉදිරිපත් කරන කරුණු පිළිබඳ සොයාබලු විට ඒවා එක්කෝ පට්ටපල් බොරුය. එසේ නැතිනම් අර්ථ විකෘති කරන ලද කරුණුය. මොවුන් ඉදිරිපත් කරන එක කරුණක් තුළවත් සත්‍ය මුලාශ්‍රයක්, සාධකයක්, සාක්ෂියක් ඇත්තේ නැත. උදා:- ලංකාවේ කිසිදා නොතිබුණු සිව් හෙලයක් හා අසුර ගෝත්‍රයක් ගැන දෙඩවීම නාලන්දා ගෙඩි ගෙය තිබුණු ස්ථානය වෙනස් කළා යයි කීම ඌරු වලවල්, උමං ගුහා පෙන්නා ඒවා මාලිගා යයි කීම * මෙලෙස මොවුන් බොරු බේගල් වලින් බොරු ඉතිහාසයක් කටින් මවයි. ඒ අතරතුර පුරාවිද්‍යා සාධක, කාල නිර්ණ සාධක, විද්‍යාත්මක සාධක ආදී සාධක දහස් ගණනකින් තහවුරු වී ඇති සත්‍ය ඉතිහාසය බොරුවක් බව ප්‍රකාශ කරයි. සත්‍ය ඉතිහාසය සුද්දා විසින් තනන ලද ඉන්දියානුවන් විසින් තනන ලද එකක් යයි මහා අවලාද කියයි.නමුත් ඔවුන් කරනා චෝදනා එකක්වත් ඔවුන්ට ඔප්පු කිරීමටද එකදු සාධකයක් නැත. මේ කරුණු ද්විත්වය

සිව් හෙළය හා අසුර ගෝත්‍රය siwhela asura

Image
සිවහෙළ අසුර ලංකාවේ කිසි දිනක සිව් හෙළයක් හෝ අසුර ගෝත්‍රයක් කියා දෙයක් තිබුනේ නැත ලංකාවේ තිබුනේ තුන් සිංහලයයි. ඒ රුහුණු පිහිටි මායා ප්‍රදේශ තුනයි ලංකාවේ යක්ෂ නාග දේව ගෝත්‍ර 3ක් මිස ගෝත්‍ර 4ක් තිබු බවට කිසිදු ඉතිහාස හෝ පුරාවිද්‍යා සාධකයක් නැත! සිව්හෙළ හා අසුර මිත්‍යාවන් මීට අවුරුදු කිහිපයකට පෙර නිර්මාණය කරන ලද ඒවාය Siwhela asura fake history.

මහා සම්මත පෙළපත ලංකාවට සමබන්ධ වන අයුරු Maha sammata

Image
මහාසම්මත රජු මහා සම්මත පෙළපත ලංකාවට සමබන්ධ වෙන්නේ විජය රජුගේ ආගමනය නිසා. විජය රජුගෙන් පසු ලංකාවට පැමිණි පණ්ඩුවාසදේව රජු විවාහ වෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසේ සිට ලංකාවට පැමිණෙන ශාක්‍ය පරපුරට අයත් භද්‍රකච්චායනා කුමරිය සමග. භද්‍රකච්චායනා කුමරිය යනු සුද්ධෝදන රජුගේ සහෝදරයෙකු වන අමිතෝදන රජුගේ පුත් පණ්ඩුශාක්‍ය රජුගේ දියණියයි. ඇය සමග ඇයගේ සහෝදරයන් පිරිසක් ලංකාවට පැමිණෙනවා. ලංකාවට මහා සම්මත පරපුරේ සුර්ය වංශයේ ශාක්‍ය ගෝත්‍රය සම්බන්ධ වෙන්නේ මේ හරහා. මිට පෙර ලංකාවේ කිසිදු ආකාරයකින් වංශයක් හෝ මහා සම්මත පරපුරක් සිටියේ නෑ. මිට පෙර ලංකාව පාලනය කල රාවණ රජු මහා සම්මත පරපුරට කිසිසේත්ම සම්බන්ධ නෑ රාවණරජු පැවතගෙන එන්නේ පුලස්ත්‍ය ඍෂි ගෙන් ආරම්භ වුනු වෙනම පෙළපතක් ඔස්සේ. භද්දකච්චායනා කුමරියගේ දුව වන චිත්‍රා කුමරිය හා භද්දකච්චායනා කුමරියගේ සහෝදර දීඝායු ගේ පුත් දීඝගාමිණි දෙදෙනාගේ පුතෙකු ලෙස උපදින පණ්ඩුකාභය කුමරු තමයි ලංකාවේ පළමු උභයකුල පාරිශුද්ධ මහා සම්මත පරපුරේ සුර්ය වංශික ශාක්‍ය ගෝත්‍ර රජු විදියට වෙන්නේ. පසුකාලින ලේඛන වලදී ලංකාවේ විවිද රජවරුන් මහා සමමත පෙළපතින්, සුර්ය වංශයෙන්, ශාක්‍ය වංශයෙන් පැවතගෙන එන බ

සිව ලිත සිවාලිඛිතය ශිව ලිත ශිවාලිඛිතය Sivalitha Sivalikitha

Image
සිවාලිඛිතය  ගයාන් සඳකැළුම් නම් පුද්ගලයා තමන්ගේ වැඩසටහන් වලදී සිව තාණ්ඩව මිත්‍යාව තහවුරු කිරීමට "සිවා ලිඛිතය" නම් පුස්කොල පොතක් ඇති බවත් එහි සූර්යයාගෙන් හෙළයන් වැඩ ලබාගත් අයුරු ඇති බවත් ප්‍රකාශ සිදු කර තිබේ. අන්ධ භක්තිකයන් එය ඒ ලෙසින්ම පිළිගෙන ඇත. එහෙත් සිවාලිඛිතය හෙවත් ශිවා ලිඛිතය යනු පුස්කොල පොතක් නොව ලිතකි. එය සිවලිත/ සිවාලිඛිතය/ ශිවලිත / ශිවාලිඛිත නම් වේ. එහි ඇත්තේ හිරුගෙන් වැඩ ගන්නා ආකාරයක් නොව හිරුගේ ගමන් මග අනුව එනම් දවසේ වෙලාව අනුව මුහුර්ත හෙවත් නැකත් 16ක් වෙන් කිරීමකි. සිංහල අලුත් අවුරුද්දේ නැකත් මෙන් විවිද කාරණා වලට ශුභ නැකත් 16කට බෙදා දැක්වීමක් පමණි. සිවාලිඛිතය දවසේ වෙලාව අනුව මුහුර්ත වෙන් කර ඇති ලිතක් පමණි. හිරුගේ පිහිටීම අනුව දවස කලාවන් වලට වෙන් කර ඇත්තේ මෙම සිවා ලිඛිතයේ පමණක් නොවේ. ලාංකීය ඉන්දිය සියලු ලිත් වල කාලය වෙන් කර ඇත්තේ මේ ආකාරයටය. * සිවා ලිඛිතය ආරම්භ වන ශ්ලොකයේම "ශිවම් ලිඛිතම් ශිවාලිතම්" ලෙස ඉතා පැහැදිලිව සදහන් වෙ. ශිව දෙවියන් විසින් දායාද වුනු දැනුමින් ලියු ලිත ශිවා ලිත නම් වේ යනු එහි අර්ථයයි. පැරණි කාලයේ ඔරලෝසු නොතිබුණු නිසා සියළු ලිත් හ

රාවණ හට වදුරන් ගෙන් මරණයට පත්වීමට හේතු වූ නන්දි ගේ ශාපය Rawana nandi shapa

Image
පුරාවෘත වල හැටියට රාවණා කෛලාශයට ඉහලින් යන්න හදද්දී කෛලාශයට අධිපති ශිව දෙවියන්ගේ වාහනය වන නන්දි නම් ගවයා රාවණව නවත්වනවා. ගවයෙක් කිවුවත් මේ ශිව දෙවියන් හට උපකාර කිරීමට ගව වේශයකින් සිටින දෙවි කෙනෙක් කියල සලකන්නේ. එතකොට රාවණා නන්දි හටත් ශිව හටත් අපහාස කරනවා. ශිව දෙවියන් වගේම භාවනා වඩන්නෙක් වන නන්දි මෙයින් කෝපයට පත් වෙලා ඍෂි වරු මෙන් රාවණ හට ශාප කරනවා. ඒ "නුඹ වදුරන් අතින් මැරුම් කත්වා" කියලා. කොහොමහරි අවසානයේ හනුමන්ගේ වානර සේනාවට රාවණ පරාජයට පත්වෙනවා. රාවණ මරණයට හෝ සිහිමුර්ජාවට පත්වෙන්නේ වදුරන් අතින් නෙවෙයි රාම ගේ හී පහරකින්. නමුත් රාවණ වාදීන් හා රාවණ විරෝධීන් අතර වාද විවාද වලදී නිතරම රාවණ වදුරන්ගෙන් මැරුම් කෑවේ ඇයි කියන අපහාසාත්මක ප්‍රශ්නය නිතර දකින්න ලැබෙන්නේ එදා නන්දි ගේ ශාපය නිසා නේද? ශිව දෙවියන් හට කල අපහාසය නිසා අවුරුදු දහස් ගණනක් ගියත් අපහාස විදීමට රාවණ හට සිදුවෙලා තියෙනවා. ඉතින් රාවණ වාදී චුටි දුවේ පුතේ ඔයාලගේ මහා රාවණ රජ්ජුරුවන්ටත් ගවයෙකුගේ සාපය නිසා අවුරුදු දහස් ගණනක් ගිහින් අදටත් අපහාස විදින්න සිදුවුනා නම් ඔයාලා වගේ දෙකයි පනහේ ඇටිකිච්චෝ යක්කු උඩදාගෙන අසුරයෝ උඩදාගෙන බ

රාවණ රජු සූර්ය වන්දනා කළ සිව තාණ්ඩව ස්තෝත්‍රය rawana siva thandava

Image
සිව තාණ්ඩව ශිව තාන්ඩවය මතක තබාගැනීමට හෝ කියවීමට ලේසි ස්තෝත්‍රයක් නෙවෙයි. සකස්කඩය ගණදෙවිහෑල්ල නොකියවපු කටකින් ශිව තාන්ඩවය කියවන්න ඉතාම අමාරුයි. ශිව තාන්ඩවය නිර්මාණය කරලා තියෙන්නේ සිව්පද ශ්ලෝක වලින්. සෑම ශ්ලොකයකම පද  හතරක් තිබෙනවා. සෑම පදයකම මාත්‍රා 16ක් තිබෙනවා. ඒ  16   පිහිටන්නේ ලඝු - ගුරු - ලඝු - ගුරු  ලෙස මාරුවෙන් මාරුවට ලඝු ගුරු අකුරු පිහිටීමෙන්. ඒ නිසා මෙම ස්තෝත්‍ර නිර්මාණය භාෂා ඥානය, කාව්‍ය සාහිත්‍ය ඥානය හා ඝන ගැලපීම් පිලිබදව පරිපුර්ණ දැනුමක් ඇති කෙනෙකුට පමණක්  කල හැකි නිර්මාණයක් විදියට සලකනවා. පද ගැලපීමේදී අනුප්‍රාසය, ශබ්දානුකරණය, අනුනාදය භාවිතා කිරීමෙන් ජල තරංග ඇතිවෙමින් රැළි පෙරලන ශබ්ද ස්වභාවයක් ගායනා  කිරීමේදී ඇතිවෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. ශිව තාණ්ඩවය නිර්මාණයට සම්බන්ධ ඉතිහාස කතාවක් තියෙනවා. රාමායනයේ උත්තර කාණ්ඩයේ මෙය සදහන් වෙනවා. කුවේර සමග සටනින් ආලකමන්දාව යුධ ජයග්‍රහණය මගින් අත්පත් කරගත් රාවණා තමන්ගේ බලය තවදුරටත් දියුණු කරගැනීමට කල්පනා කළා. මහා රාවණා රජු දිනක් තමන්ගේ පුෂ්පික විමානයට නැගිලා ලොව වටා සංචාරය කළා. තමන් සතු වූ අධික බලය නිසා බාධක මගහැර යාම වෙනුවට තම

ත්‍රිපිටකය වැරදියි ද?

Image
බුදුන් තවමත් ජීවමාන බව ඔබ දැන සිටියාද?  ඕනෑම පරම්පරාවක ගුරු මිය යන විට ඉදිරි පරම්පරාව සදහා නව ගුරුවරයෙකු නම් කෙරේ. ගුරුවරයාට ඉතා හිතවත් වූ ගුණගරුක වූ ඉතා දක්ෂ වූ ගෝලයා මීලග ගුරු ලෙස නම් කරයි. බුදුරජාණන් වහන්සේද එසේම අප හට ශාස්තෘ වරයෙකු පවරා පිරිණිවුහ. බුදුන්ගේ ඇවෑමෙන් ශාතෘ වන්නේ බුදුන් විසින් වදාළ ධර්ම විනය යයි බුදුන් පිරිනිවන් මංචකයේදී දේශනා කළහ. බුදුන්ගෙන් ඇවෑමෙන් පසු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ට හෝ මහා බල සම්පන්න මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට ශාසනය පැවරුවේ නැත. එනම් ඒ මහා පුරුෂයන්ටත් වඩා ධර්මය අති ශ්‍රේෂ්ට බව බුදුන් සිතු නිසා නොවේද? කාලයාගේ ඇවෑමෙන් ධර්ම විනය විකෘති වේ නම්, පාලි සිංහලට පරිවර්තනය කරද්දී අර්ථ වෙනස් වේ නම් මහා දිවැසින් යුත් බුදු නුවණට එය වැටහී නොතිබේද? එසේ ධර්මය යට යනවා නම් වෙනස් වෙනවා නම් බුදුන්ගෙන් පසු ධර්මය ශාස්තෘ කරගන්න යයි දේශනා කරන්නේ නැත. බුදුන්ගේ ඇවෑමෙන් පසු ධර්ම විනය ශාතෘ කරගැනීමට දේශනා කලේ ලෝක විනාශය වන තෙක් බුදුන් දෙසු ධර්ම විනය අකුරක්වත් වෙනස් නොවී ඒ ආකාරයෙන්ම තිබෙන බැවිනි.!!! අනාගතයේ ධර්මය යටගොස් මතු කාලයේ අහවල් නම ඇති භික්ෂුවක් ධර්මය මතු කරනවා යයි බුද

ඉතිහාසය හා ධර්මය විකෘති කරන්නන් පහළවන බව ආනන්ද මෛත්‍රය හිමියන්ගේ අනාවැකිය

Image
බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමි” දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත. මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය. වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ. වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කට