සිව ලිත සිවාලිඛිතය ශිව ලිත ශිවාලිඛිතය Sivalitha Sivalikitha

සිවාලිඛිතය
සිවාලිඛිතය 


ගයාන් සඳකැළුම් නම් පුද්ගලයා තමන්ගේ වැඩසටහන් වලදී සිව තාණ්ඩව මිත්‍යාව තහවුරු කිරීමට "සිවා ලිඛිතය" නම් පුස්කොල පොතක් ඇති බවත් එහි සූර්යයාගෙන් හෙළයන් වැඩ ලබාගත් අයුරු ඇති බවත් ප්‍රකාශ සිදු කර තිබේ.
අන්ධ භක්තිකයන් එය ඒ ලෙසින්ම පිළිගෙන ඇත. එහෙත් සිවාලිඛිතය හෙවත් ශිවා ලිඛිතය යනු පුස්කොල පොතක් නොව ලිතකි. එය සිවලිත/ සිවාලිඛිතය/ ශිවලිත / ශිවාලිඛිත නම් වේ. එහි ඇත්තේ හිරුගෙන් වැඩ ගන්නා ආකාරයක් නොව හිරුගේ ගමන් මග අනුව එනම් දවසේ වෙලාව අනුව මුහුර්ත හෙවත් නැකත් 16ක් වෙන් කිරීමකි. සිංහල අලුත් අවුරුද්දේ නැකත් මෙන් විවිද කාරණා වලට ශුභ නැකත් 16කට බෙදා දැක්වීමක් පමණි. සිවාලිඛිතය දවසේ වෙලාව අනුව මුහුර්ත වෙන් කර ඇති ලිතක් පමණි.
හිරුගේ පිහිටීම අනුව දවස කලාවන් වලට වෙන් කර ඇත්තේ මෙම සිවා ලිඛිතයේ පමණක් නොවේ. ලාංකීය ඉන්දිය සියලු ලිත් වල කාලය වෙන් කර ඇත්තේ මේ ආකාරයටය.

* සිවා ලිඛිතය ආරම්භ වන ශ්ලොකයේම "ශිවම් ලිඛිතම් ශිවාලිතම්" ලෙස ඉතා පැහැදිලිව සදහන් වෙ. ශිව දෙවියන් විසින් දායාද වුනු දැනුමින් ලියු ලිත ශිවා ලිත නම් වේ යනු එහි අර්ථයයි.

පැරණි කාලයේ ඔරලෝසු නොතිබුණු නිසා සියළු ලිත් හා නක්ෂත්‍ර කටයුතු වලදී කාලය බෙදා දැක්වුවේ සුර්යයාගේ ගමන් මග අනුවයි. සිවාලිඛිතය දවසේ වෙලාව අනුව මුහුර්ත වෙන් කර ඇති ලිතක් පමණි. එහි කිසිම ආකාරයකින් සූර්යයාගෙන් වැඩ ගැනීමක් නැත.
මුහුර්ත වෙන් කර ඇත්තේ සුර්යය පිහිටන ආකාරයට නොව ග්‍රහ පිහිටීම අනුවය. එය මිනිසුන්ට හදුනාගත හැකි වන ලෙස එක් එක් ග්‍රහ පිහිටීම පවතින්නේ සුර්යයාගේ කුමන පිහිටීමට අනුරුපවදැයි ලිත මගින් දැක්වේ.


* චූල නක්‍ෂත්‍රයේ කොටසක් වන "සිව ලිත" අනුව සතියේ සෑම දිනකම හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා වූ දිවා කාලය සමාන කොටස් 16 කට බෙදා ඇත. එය සිවලිත මුහුර්ත 16යි.(එක් මොහොතක් විනාඩි 45 ක් පමනවේ.).

1) රෞද්ර මුහුර්ථිය
යුද්ධාරම්භයට සුභ නමුත් වෙනත් සුභ කටයුතු වලට අසුභයි.

2) ස්වේත ජන මුහුර්ථිය
සියළු කටයුතු සදහා සුභයි.හස්ති,අශ්ව,ගව ආදී සතුන්ගෙන් වැඩ ගැනීමට මෙල්ල කිරීමට,වෙළද කටයුතු වලට විභේෂ සුභයි.

3) මෛත්‍රී මුහුර්ථිය.
සම්මන්ත්‍රණ,සාකච්ඡා,ඥාති මිත්‍ර සමාගම්,ප්‍රචාරක කටයුතු,ගමන් බිමන්,ප්‍රභූන් හමුවීමට ආදියට සුභයි.

4) චක්‍රාවාක මුහුර්ථිය
කීර්තිය,ප්‍රසිද්ධිය බලාපොරොත්තුවන කටයුතු,සිහිවටන,නගර නිර්මාණය,වනාන්තර එළිපෙහෙළි කිරීම රුක් රෝපනය ආදියට සුභයි.

5) ජයදේව මුහුර්ථිය
වෙළ හෙළදාම් ඉඩකඩම් ගෙවල් දොරවල් භාර ගැනීම් ,ශිල්ප ආරම්භයට සුභයි.විවාහ ගිවිස ගැනීමටද සුභයි.

6)වෛරෝචන මුහුර්ථිය
දැන්වීම් පුවරු තැබීම ,බේත් හේත් හැදීම,වැලදීම පිළිබද කටයුතු ,හදිසි ගෙවදීම් කටයුතු ආදියට සුභයි

7)තුරදේව මුහුර්ථිය
විනෝදය සපයන කටයුතු ආරම්භයට සුභයි.(නාට්‍ය,කලා කටයුතු වැනි)

8) අභිජිත් මුහුර්ථිය
ගමන් බිමන් ,විදේශ ගමන් යාමට පිටත් වීම්,සන්නස්පත්‍ර අක්තපත්‍ර,නම්බුනාම,කලා ශිල්ප,වෙහෙර විහාර ,ආරාම, හා ගොවි කටයුතු වලට සුභයි.

9) රාවණා මුහුර්ථිය
වැට කඩොළු බැදීම,යුධ සටන් වැදීමට සුභයි.

10) බාලවදන මුහුර්ථිය
යුධ,සටන් වලට කෙසෙල් වගාවට සුභය.

11) විභීෂණ මුහුර්ථිය.
කලා ශිල්ප පුහුණුව ඇරඹීමට,තරග විභාග,සම්මුඛ පරීක්‍ෂණ වලට සුභයි.

12) නන්දන මුහුර්ථිය
ගමන් බිමන් යාමට,ගෙවතු වගා,මල් වගා ආදියට,නගර ගම් නිර්මාණයට සුභයි.

13) යම මුහුර්ථිය
සතුරන් මර්දනය කිරීමට කෙරෙන මන්ත්‍ර කටයුතු කිරීමට,සටන් වැදීමට සුභයි.

14) සෝමෝදර මුහුර්ථිය.
කලඑළි බැසීම,වාද විවාද,සම්මන්ත්‍රණ,විමංසන ආදී කටයුතු වලට ශුභයි.

15) භාජෝදර මුහුර්ථදය.
ආවාහ විවාහකටයුතු ,ප්‍රේම සම්බන්ධ,ස්ත්‍රී පුරුෂ සබදතා පැවැත්වීමට සුභයි.

16) සාගර මුහුර්ථිය
රාහු කාලය මෙන් සියළු කටයුතු වලට අසුභ කාලයක් ලෙස සදහන්ය.


සිවලිත මුහුර්ත අනුව සුභ නැකැත් තෝරා ගැනීම මෙලෙස දක්වා ඇතත් එම සුභ නැකැත් වේලා භාවිතා කිරීමේදීද සැලකිය යුතු කරණු විශේෂයෙන් දක්වා ඇත.


* චූල ජ්‍යොතිෂ ක්‍රමයක් ලෙස සිවලිත මුහුර්ත ක්‍රමය දක්වා ඇතත් එම සුභ මුහුර්තයට අදාළ විනාඩි 45 කාලයෙන්ද මහා නක්‍ෂත්‍ර ක්‍රමයට අදාළව අසුභ කාලයන් ඉවත් කර ගැනීමක් කිරීම වඩාත් සුදුසුය.උදාහරණයක් ලෙස සුභ සිවලිත මුහුර්ථ වේලාවක මුළු විනාඩි 45 කාලයම රාහු කාලයට හසුවූ ඇත්නම් එහි සුභඵල අඩුයි.


* මහා නක්‍ෂත්‍ර ක්‍රමයට අදාළ ඉතා සුභ නැකැත් වේලාවක් සිවලිත ක්‍රමයට බැලූ විට අසුභ වේලාවක් ලෙස ඇති අවස්ථාද ඇත.මෙවැනි අවස්ථාවලදී මහා නක්‍ෂත්‍ර ක්‍රමයෙන් ලැබුණු සුභ වේලාව මුල් කොට සලකා එම මහා නක්‍ෂත්‍ර නැකැත භාවිතා කරයි.

උදාහරණයක් ලෙස මහා නක්‍ෂත්‍ර ක්‍රමයෙන් සිකුරාදා දිනෙක උදේ 10.5 ට ඉතා සුභ මුහුර්තයක් යෙදෙන වෙලාවක සිවලිත මුහුර්ථියෙන් සාගර මුහුර්තිය යෙදී ඇති විට එය සුභ මුහුර්තියක් ලෙස ගැනීමට බිය විය යුතු නැත.

මෙවැනි ශාස්ත්‍ර පිළිබද දැනුමක් නැති පුද්ගලයන්ට මේවා පිලිබදව දක්වන ව්‍යාජ මත "පරම සත්‍ය" ලෙස පෙනුනද සත්‍ය දන්නා අයට ඒවා වදුරු කුණුහරප වේ.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය