ත්‍රිපිටකය වැරදියි ද?



බුදුන් තවමත් ජීවමාන බව ඔබ දැන සිටියාද? 
ඕනෑම පරම්පරාවක ගුරු මිය යන විට ඉදිරි පරම්පරාව සදහා නව ගුරුවරයෙකු නම් කෙරේ. ගුරුවරයාට ඉතා හිතවත් වූ ගුණගරුක වූ ඉතා දක්ෂ වූ ගෝලයා මීලග ගුරු ලෙස නම් කරයි.

බුදුරජාණන් වහන්සේද එසේම අප හට ශාස්තෘ වරයෙකු පවරා පිරිණිවුහ. බුදුන්ගේ ඇවෑමෙන් ශාතෘ වන්නේ බුදුන් විසින් වදාළ ධර්ම විනය යයි බුදුන් පිරිනිවන් මංචකයේදී දේශනා කළහ. බුදුන්ගෙන් ඇවෑමෙන් පසු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ට හෝ මහා බල සම්පන්න මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට ශාසනය පැවරුවේ නැත. එනම් ඒ මහා පුරුෂයන්ටත් වඩා ධර්මය අති ශ්‍රේෂ්ට බව බුදුන් සිතු නිසා නොවේද? කාලයාගේ ඇවෑමෙන් ධර්ම විනය විකෘති වේ නම්, පාලි සිංහලට පරිවර්තනය කරද්දී අර්ථ වෙනස් වේ නම් මහා දිවැසින් යුත් බුදු නුවණට එය වැටහී නොතිබේද? එසේ ධර්මය යට යනවා නම් වෙනස් වෙනවා නම් බුදුන්ගෙන් පසු ධර්මය ශාස්තෘ කරගන්න යයි දේශනා කරන්නේ නැත. බුදුන්ගේ ඇවෑමෙන් පසු ධර්ම විනය ශාතෘ කරගැනීමට දේශනා කලේ ලෝක විනාශය වන තෙක් බුදුන් දෙසු ධර්ම විනය අකුරක්වත් වෙනස් නොවී ඒ ආකාරයෙන්ම තිබෙන බැවිනි.!!!

අනාගතයේ ධර්මය යටගොස් මතු කාලයේ අහවල් නම ඇති භික්ෂුවක් ධර්මය මතු කරනවා යයි බුදුන් කිසිදා දේශනා කර නැත. එහෙත් මාගේ ශාසනයේ භික්ෂුන් විසින්ම අධර්ම කරුණු ධර්මය ලෙස මතු කිරීමෙන් ශාසනය විනාශය සිදු වේ යැයි දේශනා කර ඇත. 
බුදුන් දෙසු ධර්ම විනය කිසිදු වෙනසක් නොවී මුඛ පරම්පරාගතව පැමිණ පසුව කිසිදු වෙනසක් නොවී ප්‍රකෘති ආකාරයෙන්ම ග්‍රන්ථාරුඩ විය. එසේ ග්‍රන්ථාරුඩවූ ධර්ම විනය අද අප පරිශීලනය කරනා ත්‍රිපිටකයයි. 

බැමිණිතියා නියං සාය ඇතිවූ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා සියල්ල හාමතින් මරණයට පත් වුවහොත් ධර්මය අනාගත පරපුරකට උරුම නොවන නිසා අඩ නමක් ඉන්දියාව ආදී රටට සංක්‍රමණය වූ අතර අඩ නමක් ලංකාවේ වැඩ සිටියහ. කුසට ආහාරයක් නොමැතිව වැටකෙයියා ඉස්ම පමණක් බී ධර්ම විනය කටපාඩම් කළහ. නියඟය අවසන් වූ පසු වෙනත් රටට සංක්‍රමණය වූ භික්ෂුන් මෙරටට නැවත පැමිණ රට තුල වාසය කල භික්ෂුන් සමග සංඝායනාවක් සිදුකළහ. එහිදී දෙපාර්ශවයේ කිසිදු කරුණක් එක් අකුරකින් වත් වෙනස් වී නොතිබිණි. මින් පසු මීටත් වඩා අනතුරක් පැමිණිය හැකි නිසා එවන් අවස්තාවක ධර්මය සුරැකීම සදහා මාතලේ අළුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරුඩ කරන ලදී. අතීත භික්ෂුන් වහන්සේලා ධර්මය සුරැකුවේ එලෙස ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමිනි. එතරම් මහා කැප කිරීමක් කර රැකගත් ධර්මයට යම් හිස් මිනිසෙකු එක් වචනයකින් අඩුපාඩු යයි කියත්ද එය ඒ මෝඩ පුරුෂයාට ආත්ම කල්ප ලක්ෂයකට නිරගත වන ආත්ම කල්ප ලක්ෂයකට හඬ නොමැතිව ඉපදීමට හේතු වන අකුසල කර්මයක් බව සියල්ලන් සිහි තබා ගත යුතුය.

වර්ථමාන බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ගොඩනැගීමේදී අතිපුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන් ලංකාව පුරා පන්සල් වල ඇති ත්‍රිපිටක එක් කර එකින් එකට සසදමින් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ගොඩනැගීය. ඒවා තුල යම් අඩුවක් වේ නම් එම කොටස් ථේරවාදය ඇති අනෙක් රටවලට ගොස් රැගෙන පැමිණ අඩුපාඩු සකස් කළහ. එහිදී ඒවා තුල ධර්ම විනයට නොගැලපෙන යම් කුඩා හෝ කොටසක් ඇත්නම් ඒවා කිසිවක් ඇතුලත් නොකරන ලද බව උන්වහන්සේගේ සටහන් වල සදහන් වේ. වර්ථමාන ත්‍රිපිටකය ගොඩනගා ඇත්තේ මෙලෙස ඉතා පාරිශුද්ධ වෑයමක ප්‍රතිපලයකිනි. එංගලන්තේ ගුබ්බෑයම් අස්සේ රිංගා අලුතින් හදන්න ත්‍රිපිටකයක් බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන් ඇතුළු බුද්ධ ජයන්ති සම්පාදක මණ්ඩලය ඉතුරු කර නැත.

 මෑත කාලීනව ධර්මය විකෘති කරන රහතුන් යයි කියාගන්නා උතුම් බුද්ධ චිවරය පොරවාගත් හිවලුන් තමන් යටවූ ධර්මයක් මතු කළා කියමින් ත්‍රිපිටකය වැරදියි යයි කියමින් කරගත් සාපය ගෙවා නිම කල නොහැකි ආනන්තරිය පාපයකි. එම නිවට හිවලුන් සිදුකරන්නේ "ජීවමාන බුදුන් අධර්මයක් දේශනා කරනවා" වැනි නිරගත වන ප්‍රකාශයකි. ඔවුන් හටවත් ඔවුන්ගේ සාපලත් විකෘති පතුවන්නන් හටත් මතු කල්ප ලක්ෂ ගණනකට තිරිසන් භුමියකවත් උපතක් හිමිවෙන්නේ නැත. ඔවුන්ට හිමි භුමි නිරය හා ප්‍රේතලොවයි.

නිවීම සොයන සත්‍යාවබෝධය සොයන සියල්ල හට අපගේ ශාස්තෘ බුදුරජාණන් වහන්සේ තවමත් ත්‍රිපිටකය තුල වැඩ හිදී.

 "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති" "ධර්මය දකින්නා මා දකී" යයි බුදුන් විසින්ම ප්‍රකාශ කලේ එබැවිනි. යමෙක් බුදුන් දැකීමට නම් බුදුන් උපන් ස්ථානය දැකීමට නම් කල යුත්තේ ජීවමාන බුදුන් වන ධර්ම විනය හෙවත් ත්‍රිපිටකය දැකීමයි.

 මෙකල මහා දාර්ශනිකයන් මෙන් රහතුන් මෙන් පෙනි සිටින ව්‍යාජ චීවරධාරින් ත්‍රිපිටකය යනු පොතක් යයි කියමින් පෝතේ දැනුම නෙවෙයි බුදුදහම තමන් ලබන අත්දැකිම්ය යයි කියමින් මහා ප්‍රඥාවන්තයන් ලෙස ඇගවිමට උත්සහ දරනු දක්නට ලැබේ. එහෙත් ඔවුන් පිලිබද සොයා බැලු විට ධර්ම ප්‍රතිපදාව වඩා මගපල ලබාගැනිමක් තබා ධ්‍යාන තත්වයක්වත් අතිදැක නැති බාලයන්ය.

ඔවුන් තමන්ට තමන්ගේ මත ධර්මය ලෙස සමාජගත කරගැනිමේ අවශ්‍යතාව මත ත්‍රිපිටක දේශනාව හෑල්ලු කරනවා විනා එම නිවටයන් ප්‍රායෝගිකව ධර්මය දශමයකින්වත් අත්දැක නැත. ප්‍රතිපදාව නිවැරදිව වැඩිමටත් නිවැරදි දැනුම ඇත්තෙ ත්‍රිපිටකය හෙවත් බුද්ධ උපදේශ තුලයි. ධර්මාවබෝධයට බුදුන්ගේ උපදෙස් වලට වඩා පෘතග්ජනයෙකුගේ හිස් කතා වටිනවා යයි සිතන බෞද්ධයන් තරම් අවාසනාවන්ත පිරිසක් මිත්‍යාදෘශ්ටිකයන් අතරවත් නැත. ත්‍රිපිටකයේ ඇත්තෙ බුදු මුවින් වදාල බුද්ධ උපදේශයි. බුද්ධ උපදේශයට ගරහා මෝඩයෙක් පසුපස යන ගව රැලකට නිරයට මිස නිවනට කිසිදා යා නොහැක.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය