රාවණ හට වදුරන් ගෙන් මරණයට පත්වීමට හේතු වූ නන්දි ගේ ශාපය Rawana nandi shapa

යගු කෞරාණ මණි මන්ඨක


පුරාවෘත වල හැටියට රාවණා කෛලාශයට ඉහලින් යන්න හදද්දී කෛලාශයට අධිපති ශිව දෙවියන්ගේ වාහනය වන නන්දි නම් ගවයා රාවණව නවත්වනවා. ගවයෙක් කිවුවත් මේ ශිව දෙවියන් හට උපකාර කිරීමට ගව වේශයකින් සිටින දෙවි කෙනෙක් කියල සලකන්නේ. එතකොට රාවණා නන්දි හටත් ශිව හටත් අපහාස කරනවා. ශිව දෙවියන් වගේම භාවනා වඩන්නෙක් වන නන්දි මෙයින් කෝපයට පත් වෙලා ඍෂි වරු මෙන් රාවණ හට ශාප කරනවා. ඒ "නුඹ වදුරන් අතින් මැරුම් කත්වා" කියලා. කොහොමහරි අවසානයේ හනුමන්ගේ වානර සේනාවට රාවණ පරාජයට පත්වෙනවා.

රාවණ මරණයට හෝ සිහිමුර්ජාවට පත්වෙන්නේ වදුරන් අතින් නෙවෙයි රාම ගේ හී පහරකින්. නමුත් රාවණ වාදීන් හා රාවණ විරෝධීන් අතර වාද විවාද වලදී නිතරම රාවණ වදුරන්ගෙන් මැරුම් කෑවේ ඇයි කියන අපහාසාත්මක ප්‍රශ්නය නිතර දකින්න ලැබෙන්නේ එදා නන්දි ගේ ශාපය නිසා නේද?
ශිව දෙවියන් හට කල අපහාසය නිසා අවුරුදු දහස් ගණනක් ගියත් අපහාස විදීමට රාවණ හට සිදුවෙලා තියෙනවා.


ඉතින් රාවණ වාදී චුටි දුවේ පුතේ ඔයාලගේ මහා රාවණ රජ්ජුරුවන්ටත් ගවයෙකුගේ සාපය නිසා අවුරුදු දහස් ගණනක් ගිහින් අදටත් අපහාස විදින්න සිදුවුනා නම් ඔයාලා වගේ දෙකයි පනහේ ඇටිකිච්චෝ යක්කු උඩදාගෙන අසුරයෝ උඩදාගෙන බුදුන්ට උපස්ථාන කල ධර්මය සුරකින සුර දෙවියන්ට කරන අපහාස වලට කන්න වෙන කෑම ගැන හිතාගන්න පුළුවන් නේද? ඒ නිසා රාවණා ඇදහුවා කියලා මොරාල් වෙලා වැඩිය ඉදිමෙන්නේ නැතුව කට පරිස්සමින් තියාගන්න.

ආත්ම ගානකට නැතිවෙන්න කෑමක් සෙට් කරගත්ත මෝඩ රාවණ භක්තිකයන්ට අපගේ සානුකම්පිත සංවේගය....

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය