රාවණ රජු සූර්ය වන්දනා කළ සිව තාණ්ඩව ස්තෝත්‍රය rawana siva thandava

සිව තාණ්ඩව
සිව තාණ්ඩව


ශිව තාන්ඩවය මතක තබාගැනීමට හෝ කියවීමට ලේසි ස්තෝත්‍රයක් නෙවෙයි. සකස්කඩය ගණදෙවිහෑල්ල නොකියවපු කටකින් ශිව තාන්ඩවය කියවන්න ඉතාම අමාරුයි. ශිව තාන්ඩවය නිර්මාණය කරලා තියෙන්නේ සිව්පද ශ්ලෝක වලින්. සෑම ශ්ලොකයකම පද  හතරක් තිබෙනවා. සෑම පදයකම මාත්‍රා 16ක් තිබෙනවා. ඒ  16   පිහිටන්නේ ලඝු - ගුරු - ලඝු - ගුරු  ලෙස මාරුවෙන් මාරුවට ලඝු ගුරු අකුරු පිහිටීමෙන්. ඒ නිසා මෙම ස්තෝත්‍ර නිර්මාණය භාෂා ඥානය, කාව්‍ය සාහිත්‍ය ඥානය හා ඝන ගැලපීම් පිලිබදව පරිපුර්ණ දැනුමක් ඇති කෙනෙකුට පමණක්  කල හැකි නිර්මාණයක් විදියට සලකනවා.

පද ගැලපීමේදී අනුප්‍රාසය, ශබ්දානුකරණය, අනුනාදය භාවිතා කිරීමෙන් ජල තරංග ඇතිවෙමින් රැළි පෙරලන ශබ්ද ස්වභාවයක් ගායනා  කිරීමේදී ඇතිවෙන විදියට නිර්මාණය කරලා තියෙනවා.

ශිව තාණ්ඩවය නිර්මාණයට සම්බන්ධ ඉතිහාස කතාවක් තියෙනවා. රාමායනයේ උත්තර කාණ්ඩයේ මෙය සදහන් වෙනවා. කුවේර සමග සටනින් ආලකමන්දාව යුධ ජයග්‍රහණය මගින් අත්පත් කරගත් රාවණා තමන්ගේ බලය තවදුරටත් දියුණු කරගැනීමට කල්පනා කළා. මහා රාවණා රජු දිනක් තමන්ගේ පුෂ්පික විමානයට නැගිලා ලොව වටා සංචාරය කළා. තමන් සතු වූ අධික බලය නිසා බාධක මගහැර යාම වෙනුවට තමන් එන මාර්ගයේ සිටින සියලු ගස් ගල් පර්වත වලට ඉවත් වීමට අන කළා. රාවණයන්ගේ මහා බලය හමුවේ අනෙක් සියලු දේ ඉවත් උනත් ශිව දෙවියන්ගේ වාස භවනය වන කෛලාෂ්කූට පර්වතය ඉවත් උනේ නෑ.

සිවතාණ්ඩව
සිවතාණ්ඩව

රාවණ සිව තාන්ඩවය
රාවණ සිව තාන්ඩවය

රාවණා රථයෙන් බැහැලා තමන්ගේ අත් දෙක පොළව තුලට යවා පොළව දෙකඩ කර කෛලාශ කුටය ඔසවලා ඉවත් කිරීමට සැරසුණා.

සිව තාන්ඩව
සිව තාන්ඩව


රාවණාගේ ක්‍රියාවෙන් එයින් කෝපයට පත් උන ශිව දෙවියන් තමන්ගේ පයෙහි මහපටගිල්ලෙන් පමණක් තද කර රාවණාගේ අත් දෙකත් පොළවට සිරවන ලෙස කෛලාශ කුටය නැවත බිමපිහිටෙව්වා.


සිව තාණ්ඩව ස්තෝත්‍රය
සිව තාණ්ඩව ස්තෝත්‍රය 

මේ නිසා කිසිම විදියකින් සෙලවෙන්න නොහැකිව සිර වුන රාවණා ශිව දෙවියන් ප්‍රසාදයට පත් කර සමාව ලබාගැනීමට ශිව තාණ්ඩව ස්තෝත්‍ර ගායනා කළා. අතිදක්ෂ විණා වාදකයෙක් වුන රාවණයන් ශිව තාන්ඩවය ගැයීමට සංගීතය සපයන සංගීත භාණ්ඩයක් නිපදවීමට කිසිවක් තිබුනේ නෑ. මහා බ්‍රහ්ම දෙවියන් වන්දනාවේදී දස වරක් තමන්ගේ අතින්ම ගෙල සිඳගත් රාවණා රජු තමන් වන්දනා කරන උතුමන් හට ඕනෑම පුජාවක් කල හැකි අතිශයින් භක්තිමත් පුද්ගලයෙක් නිසා ශිව තාණ්ඩවයට සංගීතය මුසු කිරීමට තමන්ගේ අතුනු බහන් කපා හඬ නිපදවන තන්තු විදියට භාවිතා කරලා තිබෙනවා.


ශිව තාණ්ඩව ස්තෝත්‍රය හා සරල අර්ථය

siva thandawa
siva thandawa


1. ජටාටවී ගලඃ ජලඃ ප‍්‍රවාහ පාවිතස්ථලේ
ගලේ වලම්භ්‍ය ලම්බිතාම් භුජංග තුංග මාලිකාම්
ඩම ඩම ඩම ඩම නිනාදව ඩමර්වයම්
ඡකාර චණ්ඩ තාන්ඩවම් තනොතුනඃ ශිව ශිවම්

දිය උල්පත් ගලන කේශ කලාපයෙන් අභිශේකස්තව
නාගදරණ මල්දමෙන් ගෙල අලංකෘතව
"ධමද් ධම්ද්" ධමරු නදට රගනා තාණ්ඩව රැගුමෙන්
ශිව දේවයන් අප හට සෞභාග්‍ය ආශිර්වාද කරයි


2. ජටා කටාහ සම්බ‍්‍රමබ‍්‍රම නිලිම්ප නිර්ජරී
විලෝලවී චිවල්ලරී විරාජ මාන මුර්ධනී
ධග ධග ධග ජ්වලල්ල ලාට පට්ට පාවකේ
කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රති ක්‍ෂනම් මමා
දිව්‍යමය ගංගා නදි තරංගයෙන් හිස අලංකාර වූ
කෙස් රල අතරේ දිය කැලතෙන්නා වූ
නළල මැදින් ගිනි දැල් විහිදෙන්නා වූ
අඩසද හිස මත අභරණයක් වූ
නිරිදුන් දැක මාගේ සිත ප්‍රමුදිත වේ


3. ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරා
ස්ඵුරද්දිගන්ත සන්තති ප‍්‍රමෝධ මාන මානසේ
ක්රපා කටක්‍ෂ ධොරනී නිරුද්ධ ධුර්ධරාපදි
ක්වචිද්දි ගම්බරේ මනෝ විනෝධමේතු වස්තුනී
සියලු විශ්ව සත්ත්වයන් සිතෙහි දරා සිටින
පාර්වතිය හට  ස්වාමි වන
මහා පීඩාවන් දයානුකම්පික බැල්මෙන් නිවාලන
සර්ව ව්‍යාපී නිරිදුන් මගේ සිත ප්‍රමෝද කරවයි


4. ජටා භුජංග පිංගලස්පුරත් ප‍්‍රණා මණිඃ ප‍්‍රභා
කදම්භ කුම්කුමද්ධ‍්‍රව ප‍්‍රලිප්ත දිග්වධූමුඛේ
මධංග සින්ධුරස්ඵුරත්වගුත්තරීය මේධුරේ
මනෝ විනෝධමද්බුතම් බිභර්තු භූත භර්තරී

විශ්වයේ සියලු ජිවය පවත්වන
කාන්තිමත් මාණික්‍යයක් සහිත රක්ත වර්ණ පෙනය ඇති නාගයෙකු ගෙලෙහි දරන
රතු කුම්කුම සරසාගත් මෙහෙසිය සමගින් සිටින
රෞද්‍රව හැසිරුණු ඇත් සමකින් උඩුකය සරසා සිටින
සියලු භූතයන්ට නායක වන
උතුමාණන්ගෙන් මා සිත සුවපත් වේ


5. සහස‍්‍ර ලෝචනඃ ප‍්‍රභුත්‍යශේෂ ලේඛ ශේඛරා
ප‍්‍රසූල ධූලි ධෝරනී විධු සරංග‍්‍රි පීඨභූ
භුජංගරාජ මාලයා නිබද්ධ ජාඨ ජූටකා
ශ‍්‍රියී චිරාය ජායතම් චකෝර බන්ධු ශේඛරා

සහසැස් ඇතුළු දෙවියන් හිස පළදින මලින් තම පාපුටුව සැරසුණා වූ
රත් පැහැ නාගයෙකු තම කෙස් බැදලන මල්දමක් වූ
චකෝර පක්ෂී මිතුරු අඩසඳ තම හිසට ආභරණයක් වූ
උතුමාණන් මා හට සශ්‍රිකත්වය සලසන සේක්වා


6.ලලාට චත්වරජ්වල ධනම් ජයස්ඵුලිංගභා
නිපීඨ පංච සායගම් නමඃ නිලිම් ප‍්‍රණායකම්
සුධා මයූක ලේඛයා විරාජමාන ශේඛරම්
මහා කපාලි සම්පදේශිරෝ ජඨා මස්තු නා

නළල මැද ගිනි දැලින් කාමදෙවියන් දවාලු
සියලු දෙව් රජවරුන්ගේ වන්දනයට පාත්‍ර වන්නා වූ
අමෘතය වන් නුපුන් සඳින් හිස අලංකෘත වූ
හිස් කබලින් තැනු මාලය පලදින්නා වූ
නිරිදාණන් අප හට සමෘද්ධිය උදාකරනා සේක්වා


7. කරාල භාල පට්ටිකා ධග-ධග-ධග ජ්වලා
ධනම් ජයා හුතිඃ කෘතඃ ප‍්‍රචණ්ඩ පංච සායගේ
ධරා ධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර චිත‍්‍රපත‍්‍රකා
ප‍්‍රකල්පනියික ශිල්පිනී ත‍්‍රිලෝචනී රතිර් මමා

ධගද් ධගද් හඩින් ඇවිලෙන ගින්නෙන් ආදර දෙවියන් දවාලු
පාර්වතියට  ලොව මැවීමට සහාය වූ
ත්‍රිනේත්‍ර ධාරි වූ
උතුමන් කෙරෙහි මා සිත පැහැදේ


8. නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරස්ඵුරත්
කුහූ නිෂී දිනීතමඃ ප‍්‍රපංධ බන්ධ කන්ධරා
නිලිම්ප නිර්ජරීදරශ්තනෝතු කෘති සින්ධුරා
කලා නිධාන බන්ධුරඃ ශ‍්‍රියම් ජගත් ධුරන්ධරා

විශ්වයේ සියලු හිරිහැර දරාගන්නා වූ
දිව්‍යමය නදිය හිසෙහි දරා සිටින්නා වූ
නවසද වසන වලාකුළු පැහැ ගෙලින් යුක්ත වූ
රතු පැහැති සමෙන් සැරසුණා වූ
දේවයන් අප හට සෞභාග්‍ය උදාකරනා සේක්වා
siva thandawa
siva thandawa


9. ප‍්‍රෆුල්ල නීල පංකජඃ ප‍්‍රපංච කාලිමඃ ප්‍රභා
වීලම්භි කන්ට කන්ථලී රුචි ප‍්‍රබද්ධ කන්ධරම්
ස්මරස්චිධම්පුරච්චිධම් භවච්චිධම් මඛච්චිධම්
ගජචිධාංදකච්චිධම්තමන්තකච්චිධම් භජේ

සියලු දෙවොල්හි වන්දනාවට පාත්‍ර වන නිල් නෙළුමක පැහැය ඇති ගෙලින් යුක්ත වූ
අනංග භෂ්ම කරවූ, ත්‍රිපුර විනාශ කරවූ, හස්ති අසුරයා විනාශ කරවූ
යාග බාධා විනාශ කරවූ, මරණයේ දෙවියන් මරණයට පත්  කර වූ, ලෝකයටම සෙත සැලසු
උතුමාණන් හට නමස්කාර වේවා


10. අඛර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී
රසඃ ප‍්‍රවාහ මාධුරී විජෘම්භනා මධු ව්‍රතම්
ස්මරාතකම්පුරාතකම්භවාන්තකම් මඛාන්ධකම්
ගජාන්ධ කාන්ධ කාන්ධකම් තමත්න කාන්තකම් භජේ

දේවතාවියන්ගේ අනර්ඝ කලා නිමැවුමක් වන කදම්බ මලින් වහනය වන රස උරනා මිමැස්සෙකු සම වූ
අනංග භෂ්ම කරවූ, ත්‍රිපුර විනාශ කරවූ, හස්ති අසුරයා විනාශ කරවූ
යාග බාධා විනාශ කරවූ, මරණයේ දෙවියන් මරණයට පත්  කර වූ, ලෝකයටම සෙත සැලසු
උතුමාණන් හට නමස්කාර වේවා


11. ජයත්ව්වධ භ්‍රවිභ්‍රමද්  බුජංග තුංග මශ්වසත්
විනිර්ගමද් ක්‍රමස්ඵුරත් කරාල භාල හව්ය වත්
ධිමිඃ ධිමිඃ ධිමිඃ ධ්වනන් ම්රදංග තුංග මංගලඃ
ධ්වනි ක‍්‍රමඃ ප‍්‍රවර්තිතඃ ප‍්‍රචණ්ඩ තාණ්ඩවඃ ශිවා

අහසෙහි නාගයෙකු සරණ මෙන්
ගිනි ජාලා හුස්මන් නළලින් විහිදුවමින්
මංගල බෙරයේ ධිමි හඩ අනු යමින්
ප්‍රචණ්ඩ තාණ්ඩව රඟයි ශිවාණන්


12. දෘශද් විචිත‍්‍ර තල්පයොර් භුජංග මෝක්තිකඃ ස‍්‍රජො
ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්ධි පක්‍ෂ පක්‍ෂයෝ
ත්‍රණාර වින්දු චක්‍ෂු-ශ්‍රෝත්‍ර ප‍්‍රජා මහී මහේන්ද්‍රයෝ
සමඃ ප‍්‍රව්‍රති ක්හ කධා සදා ශිවං භජාම්‍යහම්

රජෙකු මෙන්ම රටවැසියෙකු වෙතත්,
මිතුරන් මෙන්ම සතුරන් වෙතත්,
නයෙකු මෙන්ම මල් මාලයක් වෙතත්,
මැණික් මෙන්ම  කසල වෙතත්,
තණ පතක් මෙන්ම කමල නේත්‍ර වෙතත්
සමව දකින සිතකින් සදාකාලික ශිව දෙවියන් වන්දනා කිරීමට මා  හට  කවදා හැකි වේද?



13. කදා නිලිංප නිර්ජරී නිකුංජ කෝටරේ වසම්
විමුක්ත ධුර්මතිස් සදා ශිරස්ථ මංජලිං වහම්
විලෝල ලෝල ලෝචනු ලලා මපා ලලග්නකා
ශිවේති මන්ත‍්‍ර මුච්චරන් කදා සුඛී භවාම්‍යහම්

දිව්‍යමය වූ ගංගා නදිය අසල ගුහාවක භාවනා කරමින්
සියලු අකුසල් සිත් බැහැර කරමින්
භක්තියෙන් දෙඅත් නළලට ගනිමින්
ශිව මන්ත්‍රයෙන් වන්දනා කරමින්
සොම්නසින් ජිවත් වීමට කවදානම් මා හට හැකිවේද?


රාවනා රජු විසින් නිර්මාණය කරපු ස්තෝත්‍රය මේ ගාථා 13න් අවසානයි. ඍෂිවරු විසින් මෙවාටම ඈදාපු තවත් ගාථා දෙකකින් ශිව තාණ්ඩව ස්තොත්‍රයේ ගුණ මේ විදියට වර්ණනා කරලා තියෙනවා

14. ඉමම්හි නිත්‍ය මේව මුක්ත මුක්තමෝ තමම්ස්තමම්
පඨම්ස්මරම් ධෘවං නරෝවිශුද්ධිමේති සන්තතම්
හරේ ගුරෝ සුභක්තිමා ශුයාති නන්‍යධා ගතීම්
විමෝහනම්හි දේහිනාම් සුශංකරස්‍ය චින්තනම්
සියලු ස්තොත්‍රයන්ට ශ්‍රේෂ්ඨ වූ මෙම බලවත් ස්තෝත්‍රය යමෙකු කියවා සිතෙහි දරා දින දින සජ්ජායනා කරයිද එමගින් ඔහු සදාකාලික පාරිශුද්ධත්වයට  පත්වේ , මහා ගුරු ශිව දෙවියන්ගේ බැල්මෙන් මොක්ෂයට පත් වේ, ශිව දෙවියන් පිළිබද සිතුවිල්ලෙන් මෝහය දුරුවේ.



15. පූජාවසාන සමයේ... ... දශ වක්ත‍්‍ර ගී...තම්...
යස්‍යම්භු පූජනමිදං... පඨති ප‍්‍රදෝ...ෂේ...
තස්‍යස්ථිරාම් රධ ගජේන්ද්‍ර තුරංග යුක්තා......
ලක්‍ෂ්මීම්... ෂදයිශ් වසුමුඛීම්... ප‍්‍රදදාධි ශම්බූහු

මුහුණු දහයක් ඇත්තා විසින් තැනු මෙම ගීතය යමෙකු සෑම ශිව වන්දනාවක් අවසානයේම ගායනා කරත්ද, සෑම ප්‍රදෝෂ දිනකම සන්ධ්‍යාවේ ශිව වන්දනාව අවසානයේ ගායනා කරත්ද ඔහුට නිසැකවම මහා ශිව දෙවියන්ගේ ආශිර්වාදයද රථ, අලි ඇතුන්, අශ්වයන්ද (ධන ධාන්‍ය භව භෝග සම්පත්ද) ලක්ෂ්මි දේවියගේ බැල්මද උරුම වේ



* ඉති ශ‍්‍රී දශ කණ්ඨ රාවණ කෘතම්, ශිව තාණ්ඩව ශ්තෝත‍්‍රම් සම්පූර්ණම්෴
මෙලෙසින් දසිස් ශ්‍රී රාවණගේ කෘත්‍යයක් වූ ශිව තාණ්ඩව ස්තෝත්‍රය සම්පුර්ණ වේ


සිව හිරු
සිව හිරු 


රාවණයන් විසින් අවුරුදු ගණනාවක්ම මේ විදියට භක්තියෙන් යුක්තව ශිව තාණ්ඩවයෙන් ශිව දෙවියන් වන්දනා කළා. ශිව තාණ්ඩව අසා සතුටට පත් වුන ශිව දෙවියන් රාවණා හට සමාව දීලා අතිශයින්ම බලගතු විනාශ කල නොහැකි දිව්‍යමය අසිපතක් වන චන්ද්‍රහාස් අසිපත ප්‍රධානය කළා.
ඒ සමග "භයංකාර ඝර්ජනාව" යන අර්ථය සහිත "රාවණ" නාමයෙන් නම් කිරීමත් සිදුකල බව සදහන් වෙනවා. කෙසේ නමුත් රාවණ කියන නාමය රාවණා හට උපතින්ම උරුම වුන නමක්. ශිව දෙවියන් විසින් එයට වර්ණනාවක් සිදු කිරීම මෙතනදි කරන්න ඇති.
රාවණා ශිව දෙවියන්ට අභියෝග කිරීමේ උවමනාවක් ඇත්තටම නොතිබෙන්නට ඇති. මහා රාවණා රජු කෛලාෂ් කුටයට යන්නට ඇත්තේ ශිව දෙවියන් වන්දනාවට බවත් කාලයක් තිස්සේ ශිව දෙවියන්ගෙන් චන්ද්‍රහාස් අසිපත ලබාගැනීමට යාග ආදිය කරලා අවසාන පුජාව වශයෙන් ශිව තාණ්ඩවයෙන් වන්දනා කරන්න කෛලාෂ්කුටයට ගිහින් උවමනාවෙන්ම ශිව දෙවියන්ගේ අවදානය ලබාගැනීම සදහා කෛලාෂ් කුටය සොලවන්න ඇති කියල මම හිතනවා.
මහා ශිව දෙවියන් සමග සංසන්දනය කල විට මහා බලසම්පන්න රාවණා රජු පවා පා ඇගිල්ලකට සම බව ලෝකයට දැනගැනීමට සැලැස්වීම සදහා මහා රාවණා රජු කෛලාශය ඔසවා ශිව දෙවියන් හට බාධා කිරීම සිදුකරන්න ඇති.
ඒ සිදුවීම කාලයක් තිස්සේ සාහිත්‍යමය අලංකාර අතරින් එනකොට මේ වගේ පුරාවෘතයක් හැදෙන්න ඇති.


රාවණා විසින් කෛලාශ පර්වතය එසවූ පුරාවෘතය සිහි කරමින් ඉන්දියාවේ අරුනචලේශ්වර කෝවිල තුල පැරණි කාලයේ ශෛලමය ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවා. එය රාවණානුග්‍රහ ලෙස ඉතාම ප්‍රසිද්ද වන අතර ඒ අනුසාරයෙන් පසුකාලිනවත් රාවණ පිළිම ඉන්දියාවේ නිර්මාණය කර තිබෙනවා.

රාවන රජු සිව තාන්ඩව
රාවන රජු සිව තාන්ඩව


චන්ද්‍ර - හාස් කියන නම යෙදිලා තියෙන්නේ සදේ සිනහව කියන අර්ථයෙන්. මේ අසිපත ශිව දෙවියන්ගේ හිසේ පළදින, සිනාසෙන මුහුණක් මෙන් දිස්වෙන අඩ සඳක හැඩයක් ගන්න නිසා තමයි  චන්ද්‍රහාස් කියන නමින් නම් කරලා තියෙන්නේ. ඒ වගේම මෙම දිව්‍යමය අසිපත නිර්මාණයට චන්ද්‍ර කාන්ති පාෂාණ භාවිත කර තිබීමත් චන්ද්‍රහාස් යන නම යෙදෙන්න හේතුවක්. සමහර පුවත්පත් ලිපි වල පවා මේ නම වැරදි ආකාරයට චන්ද්‍රභාස් කියල ප්‍රසිද්ද පුද්ගලයන් සදහන් කරලා තියෙනවා දකින්න ලැබෙනවා.

 රාවණා සිහිමුර්ජාවට පත් වුනාට පස්සේ චන්ද්‍රහාස් අසිපත නැවතත් දිව්‍යලෝකයට රැගෙන ගියත් ලංකාවට සතුරු ආක්‍රමණ ඇතිවුන අවස්ථා කීපයකදීම නැවත රට පාලනය කල රජවරුන්ට අසිපත ලැබෙන්න සැලැස්වීම සිදුකරලා තියෙනවා. මේකට ප්‍රධාන වශයෙන්ම මුලික වෙන්නේ සක්‍ර දෙවියන් හා කතරගම දෙවියන්. ඒ විදියට දුටුගැමුණු රජතුමාත් පරාක්‍රමබාහු රජතුමාත් ඇතුළු රජවරු කිහිප දෙනෙක්ම අසිපත භාවිතා කරලා තියෙනවා. චන්ද්‍රහාස් අසිපතට බැදුණු අසීමිත බලය හා එයට බැදුණු දේව යක්ෂ අසුර පිරිවර නිසා කිසිම ආකාරයකින් ඒ අසිපත විනාශ කරන්න හෝ අසිපත දරන පුද්ගලයා පරාද කරන්න හැකියාවක් නෑ. රාවණා විසින් වැරදි කල විට පවා කිසිවෙකුට යටපත් කරන්න බැරි වුන නිසා චන්ද්‍රහාස් අසිපත අභිබවා යන ශක්තියක් සහිත විෂ්ණු දෙවියන් රාම ස්වරුපයෙන් මිනිස් ලොව ඉපදුනා.


සිව තාන්දව
සිව තාන්දව



හින්දු දින දර්ශනයට අනුව සෑම සති දෙකකට වරක් (13 වන දිනයේ) හවස ඉර බැසගෙන යන වෙලාවේ ඉර සහිත පැය එකහමාරක් හා ඉර රහිත පැය එක හමාරක් විදියට පැය තුනක කාලය ශිව දෙවියන් වන්දනාවට ඉතාම සුදුසු ප්‍රදෝෂ කාලය විදියට හදුන්වනවා. 15 වන ශ්ලෝකයේ ඇති ප්‍රදෝෂ දිනය කියල හදුන්වලා තියෙන්නේ මේ දිනය. ඈත අතීතයේ සිට අද දක්වා ඉන්දියානුවන් මේ ප්‍රදෝෂ දින වල ශිව වන්දනාව කරනවා.



තෙවැනි ඇස විවර කරගැනීමට ශිව දෙවියන්ගේ පිහිට ලබාගන්නා ආකාරය ලිපියේදී මම සදහන් කරපු විදියට නිතර ශිව තාණ්ඩව ගායනය හෝ වාදනය වෙන්න සැලැස්වීම මගිනුත් භාවනා ආරම්භයට පෙර ඕම් නමඃ ශිවාය කියන ශිව නමස්කාර මන්ත්‍රය යම් වෙලාවක් සිතින් මැතිරිම මගිනුත් ශිව දෙවියන්ගේ පිහිට බැල්ම ලගාකරගන්න පුළුවන්. එම ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න (click here ) 

තාණ්ඩව
ශිව දෙවියන් හට සුවිශේෂ වුනු දිව්‍යමය විශ්වීය නර්තන ක්‍රමය තමයි තාණ්ඩව හෙවත් නාදන්ත ව්දියට හදුන්වන්නේ. තාණ්ඩව නර්තනයෙන් ලෝකය මැවීම හා විනාශ වීම ශිව දෙවියන් නිරුපනය කරන බව සදහන් වෙනවා. රුද්‍ර තාණ්ඩව නර්තනය මගින් ස්වභාව ධර්මයේ ප්‍රචණ්ඩ බවත්, ආනන්ද තාණ්ඩව නර්තනයෙන් විශ්වයේ සුන්දරත්වයත් විදහා දක්වන බව ශෛව සිද්ධාන්තයේ සදහන් වෙනවා. ශිව තාණ්ඩවනර්තනය සාමාන්‍ය නර්තන විලාසයක් නෙවෙයි. ශිව දෙවියන්ගේ දිවසින් දකින විශ්වයේ පරමාණුක මට්ටමේ සිට අන්තරීක්ෂ මට්ටම දක්වා කම්පනය වෙන රිද්මය නිරුපණය කිරීමයි ශිව තාණ්ඩව නර්තනයෙන් සිදුකරන්නේ. මේක තේරුම් ගන්න පහසු වෙන නවීන භෞතික විද්‍යාඥයෙකුගේ විග්‍රහයක් resa.lk වෙබ් පිටුවෙ  දිනේෂ් දේවගේ ගේ ලිපියකින් උපුටාගෙන මෙතනින් දක්වනවා


" ‘ෆ්‍රිට්ජොෆ් කප්රා‘ නම් ඇමරිකානු භෞතිකවිද්‍යාඥයා විසින් රචනා කරන ලද The Tao of Physics නම් කෘතිය තුළද විස්තර කරයි. ඔහු එම කෘතිය මඟින් නූතන භෞතික විද්‍යාව සහ පෙරදිග ගූඪවාදය අතර පවතින සමාන්තරතා පිළිබඳ සොයා බැලීමක් කරයි. ඔහු ඇමරිකාවේ මුහුදු වෙරළක ක්ෂිතිජය දෙසින් බැස යන හිරු දිහා බලා සිටියේය. භෞතික විද්‍යාව පිළිබඳ විෂය ප්‍රමාණිකයකු වූ ඔහු විශ්වයේ සැකැස්ම සහ භෞතය පිළිබඳ විමසිලිමත්ය. එම මොහොතේ ඔහුගේ සිතුවිල්ල කෙතරම් ප්‍රබල වූයේදයත්, හෙළන සුස්මවල රිද්මය, ඔහු වෙත ඇදී නැවතත් දිවයන රළපෙළෙහි රිද්මය සමඟ එක්වෙන බව ඔහුට දැනිණ. එක්වරම ඔහුගේ මනස තුළ යමක් කෙවෙණි දෙමින් අවබෝධ වන්නට විය. ඔහු වටා ඇති හාත්පස සහ සමස්ත ලෝකයම යම් අනතරීක්ෂීය නර්තනයක (Cosmic Dance) යෙදෙන බව ඔහුට දැනිණ. එකවරම ඔහු තුළ සිටි භෞතික විද්‍යාඥයා පැමිණ ඔහු වටා ඇති වැලි, පෂාණ, ජලය, වාතය ඈ සියල්ලක්ම නිර්මිත වී ඇත්තේ කම්පනය වෙමින් ඇති අණු සහ පරමාණුවලින් බව පැහැදිලි කරන්නට විය. එමෙන්ම ඒවා එකිනෙක මත ක්‍රියා කරමින් සහ විනාශ කරමින් කටයුතු කරන අංශුවලින්ද යුක්ත වෙන බව ඔහුට අවබෝධ වන්නට පටන් ගත්තේය. එමෙන්ම පෘථිවි පෘෂ්ඨයේ අවකාශය නිරන්තරයෙන් අන්තරීක්ෂීය කිරණ වර්ෂා වලින් යුක්ත වන බවද වාතය හරහා ගමන් කරද්දි ප්‍රබල ශක්ති අංශු බොහෝ වාර ගණනක් බිඳීමට ලක් වන බවද ඔහුට අවබෝධ වන්නට විය. මේ සියල්ලක්ම ඔහුට ඉතා සමීප අත්දැකීමක් ලෙස පෙනෙන්නේ ඔහු උසස්-ශක්ති භෞතය පිළිබඳ පර්යේෂණවල නියුතුව සිටි නිසා විය හැකිය. එහෙත් ඒ වන විටත් ඔහු මේ සියල්ලක්ම දැක තිබුණේ වගු සහ ප්‍රස්ථාරවලින් මෙන්ම ගණිතමය න්‍යායවලිනි. මෙලෙස සිටිද්දී ඔහු විසින් පෙරදී කියවා ඇසුරු කළ දෑ ඇස් ඉදිරිපිට පෙනෙන්නට පටන් ගත්තේය. අවකාශයෙන් පැමිණෙන ශක්ති ධාරා තුළ ඇති ශක්ති අංශු රිද්මීය ස්පන්දනයන්ට ලක්ව නිර්මාණය වෙමින් බිඳෙන බවත්, තම ශරීරය තුළ ඇති මූලිකාංග සකස් වී ඇති පරමාණුද මෙම ශක්තිමය අන්තරීක්ෂ රංගනයට එක් වෙමින් ඇති බවත් ඔහුට දැනෙන්නට වූ අතර එහි තානයද ඇසෙන්නට පටන් ගත්තේය. ඒ මොහොතේදීම තමා මේඅත්දකිමින් සිටින්නේ “ශිවගේ නර්තනය” ( Dance of Shiva ) බව ඔහුට පසක් විය.


ශිවගේ එක් දිව්‍යමය ස්වරූපයක් වන නටරාජගේ තාණ්ඩව නර්තනය මඟින් නිරූපණය කරන්නේ මෙම අන්තරීක්ෂ රංගනයයි. ශෛව සාහිත්‍ය තුළ එය අතිශය අලංකාරවත්ව වාගාලංකාරයට නඟා ඇත. සැබවින්ම ශිවගේ නර්තනයෙන් ප්‍රධාන වශයෙන් නිරූපණය කරන්නේ ශ්‍රිති (මැවීම, පරිණාමය), ස්ථිති (සංරක්ෂණය), සම්හාරා (විනාශය), තිරෝහ්හව (රැවටීම, ප්‍රතිමූර්තිය, මායාව), අනුග්‍රහ (මිදවීම, මෝක්ෂය) යන ජීවයට පොදු ධර්මතා පහකි. නර්තනයේ මුඛ්‍ය නිරූපණය වන්නේ අන්තරීක්ෂ ක්‍රියාකාරීත්වයයි. එනම් ශෛව සාහිත්‍ය දක්වන පරිදි ‘නටරාජ අතෙහි දරන බෙරයෙන් මැවීමද, බලාපොරුත්තුවේ හස්තයෙන් ආරක්ෂාවද, ගින්නෙන් විනාශයද, ඉහළට එසවූ පාදයෙන් මුක්තියද, එසවූ පාදය දෙසට යොමු කොට ඇති සතරවන අතින් ආත්ම නිස්සරණද සංකේතවත් වේ.


තාර්කික, විශ්ලේෂණාත්මක බටහිර චින්තනයේ සහ තිරුකේදීෂ්වරම් හිදී අත්දුටුවා වැනි ධ්‍යානමය ගූඪවාදී අත්දැකීම් සහිත පෙරදිග දර්ශනය අතර පවතින සමාන්තරතා අවබෝධ කර ගැනීම සහ ඒ අතර ඇති හිඩැස ජයගැනීම සත්‍ය වශයෙන්ම බුද්ධිමය ව්‍යායාමයකි. මානව චින්තන ඉතිහාසයෙහි වඩා සාධනීය වර්ධන සිදුවී ඇත්තේ එකිනෙකට වෙනස් චින්තන ධාරා දෙකක් එකට මුහු වීමෙන් බව සාමාන්‍ය සත්‍යයකි. මෙම ධාරා දෙකෙහි මූලයන් ඇත්තේ මානව සංස්කෘතියේ විවිධ කොටස්වල විවිධ කාලවකවානුවල සහ විවිධ සංස්කෘතික පරිසර තුළ හෝ විවිධ ආගමික සම්ප්‍රදායන් තුළ විය හැකිය. එහෙයින් එම ධාරා සත්‍ය වශයෙන්ම මුණගැසේනම්, එවා එකිනෙකට ඉතා සමීප ඥාතිත්වයක් දරයි නම් කෙනෙකුට විස්වාස කළ හැකි පරිදි එමඟින් නව වර්ධන ඇති වන බව දක්වන ‘වෙනර් හයිසන්බර්ගේ‘අදහස මෙම සංවාදය සඳහා අත්වැලක් සපයයි."

සිව තාණ්ඩව
සිව තාණ්ඩව


ඉන්දියාවේ ප්‍රසිද්ද මුර්ති ආකාරයක් වන නටරාජා ( නර්තනයේ රජු ) විදියට හදුන්වන්නේ නෘත්‍ය කලාවේ අධිපති වන තාණ්ඩව නර්තනය රගන ශිව දෙවියන්ටයි. නටරාජා මුර්ති වලදී ශිව දෙවියන් නත්‍ය ශාස්ත්‍ර ඉරියව්වකින් දක්වනවා. පිටුපස වම් අතින් ගින්න දරාගෙන, ඉදිරිපස වම් අතින් ගජහස්ත්‍ර මුද්‍රාව දරාගෙන ඉදිරිපස දකුණු අතින් අභය මුද්‍රාව සහිතව නයෙකු දරාගෙන පිටුපස දකුණු අතින් දමරු බෙරය දරාගෙන, ගිනි වළල්ලකින් වට කරගෙන, නෙළුමක් උඩ දකුණු පාදය ඔසවාගෙන වම් පාදයෙන් අපස්මාර අසුරයා පාගාගෙන ඉන්න විදියටයි නටරාජා නිරුපනය වෙන්නේ.  හිස වටකර විහිදී යන කෙස් රැලි වලින් හිස වනමින් සිදුකරන තාණ්ඩව නර්තනයේ ප්‍රචණ්ඩ බව නිරුපනය කරනවා.

සිව තාණ්ඩවය
සිව තාණ්ඩවය




නටරාජාසනය
තාණ්ඩව නර්තන වලදී භාවිත වන අංගහර හා කරණ ලීලාවන්ට සමාන ඉරියව්වක් සහිත යෝගාසනයක් යෝග සුත්‍රයේත් අන්තර්ගත වෙනවා. නටරාජාසනය විදියට මෙම ඉරියව්ව නම් කරලා තියෙන්නේ තාණ්ඩව හා නටරාජා ඉරියව් වලට සමාන ස්වභාවයක් තියෙන නිසා. නටරාජාසනය පුරුදු කිරීමෙන් උරහිස්, දණහිස්, වළලුකර හා කොදු ඇට පෙළ කියන ස්ථාන වල ශක්තිමත් බව වැඩිවෙනවා. ඉඟටිය ආශ්‍රිත වේදනා සමනය වීම හා ඉන ප්‍රදේශයේ සුනම්‍ය බව වැඩිවීම සිදුවෙනවා.
රක්ත වාතය, සන්ධි වේදනා, කොදු ඇට පෙළ අක්‍රමිකතා, ආහාර දිරවීමේ ආබාධ සමනය වීම ආදිය තමයි මේ ආසනයේ ගුණයන් වෙන්නේ.

රාවණා රජුගේ සිව තාණ්ඩව

සිව තාන්ඩව හිරු වන්දනාව




ඍෂිවරුන් විසින් නිර්මාණය කරපු මහා බලගතු මහා ලක්ෂ්මි අෂ්ඨකම් ගැන ලංකාවේ පළමු වරට දැනුවත් කිරීම හා සිංහල අර්ථය ඉදිරිපත් කලේ මගේ මහා ලක්ෂ්මි අෂ්ඨකම් (Click here)  ලිපියෙන්.

ඒ වගේම ලංකාවේ පළමු වරට ශිව තාණ්ඩවය නිවැරදි සම්පුර්ණ සිංහල අර්ථයක් සහිතව ඉදිරිපත් කරන්නේ මගේ මේ ලිපියෙන්. අතිශයින් සංකීර්ණ පද ගැලපීමක් තියෙන ශිව තාණ්ඩව අර්ථය මාත්‍රා ගැලපෙන විදියට තාලය ඇතුව පද හතරකින් ඉදිරිපත් කරන්න දීර්ඝ වෙලාවක් ගතවෙන නිසා සරල අර්ථය විතරයි ඉදිරිපත් කලේ. පළමු වරට සිංහලින් ඉදිරපත් කරන මෙම ශිව තාණ්ඩව අර්ථ පද ගැලපුම තිනෙතින් ලොව බලා වදාරන මහා ශිව දෙවියන් හට පුජාවක්ම වේවා...!!!

ඕම් නමඃ ශිවාය..!!!

ඕම් නමෝ භගවතේ රුද්‍රාය...!!!

ඕම්  තත්පුරුශාය විද්මහේ
මහා දේවාය ධිමහි
තන්නෝ රුද්‍රහ් ප්‍රචෝදයාර්ත්
රාවණ රජු ශිව වන්දනා
රාවණ රජු ශිව වන්දනා 



දෙව් බඹුන්ගේත් වන්දනාවට ලක් වූ අතිශ්‍රේෂ්ඨ ශිව තාන්ඩවය නිර්මානය කළ දසිස් ශ්‍රී ලාංකේශ්වර මහා රාවණයන් හට උපහාර වේවා...!!!

ඕම් රාවණ සිද්ධම් සිද්ධි බලවරම්
මහා රාවණ රජතුමා
මහා රාවණ රජතුමා


අන්තර්ජාලයේ දැකපු ශිව තාණ්ඩව ගායනා අතරින් වඩාත් ගැලපෙන ආකාරයේ ගායනයක් පහලින් තියෙන youtube වීඩියෝවේ තියෙනවා. තමන් ගායනා නොකලත් දිනපතා මේ වගේ ශිව තාණ්ඩවයක් වාදනය වෙන්න සැලැස්වීමත් ශිව දේව බැල්ම ලැබීමට හේතු වෙනවා. ශිව තාණ්ඩවය මගින් කුණ්ඩලිනි ශක්තිය අවදිවීම උත්තේජනය වීම සිද්දවෙනවා. ගායනා කිරීමට වඩා ශබ්දය වැඩියෙන් වාදනය වෙන්න සලස්වලා අහගෙන ඉදීම ශක්ති උත්තේජනය වීමට හේතුවෙනවා.




තෙවැනි ඇස - ආඥා චක්‍රය විවර කරගැනීමට ශිව දෙවියන්ගේ පිහිට ලබාගැනීමේ ලිපිය කියවන්න (මෙතන ක්ලික් කරන්න Click Here)


මේ වනවිට ඇතිවී ඇති රාවණ රැල්ල සමග රාවණ සබදතා, දේව සබදතා, ධ්‍යාන, ශක්ති කිසිවක් නැති පුද්ගලයන් විසින් තම තමන්ට අවශ්‍ය ලෙස රාවණ ඉතිහාස ගොඩනගමින් සිටි. මොවුන් මහා විශාල  භක්තිකයන් ලෙස පෙනී සිටිමින්ජාත්‍යාලයක් හෙලබවක් මවාපා ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු දෙවි වරුන්ට ගරහමින් එවැනිම ගෝල බාලයන් පිරිසක් බිහි කරමින් සිටි. අන්ධ ජාත්‍යාලය නිසා සමාජය තුල පහසුවෙන් ප්‍රසිද්ද වන එවැනි පුද්ගලයන් හා වැඩ සටහන් වලින් ඉදිරිපත් කරන කරුණු මෙම ලිපියේ කරුණු වලට පටහැනි විය හැක.
ඔවුන්ගෙන් සමහරෙක් ශිව තාණ්ඩව ලෙස කිසිවක් නැති බවත් ඇත්තේ "
සිව තාණ්ඩව" බවත් එය සුර්ය දෙවියන් වන්දනාවට රචනා වූ ස්තෝත්‍රයක් බවත් මතයක් පතුරවයි. සංස්කෘත වචනයක අර්ථයක් නොදන්නා මෙවන් අඳ බාලයන්ගේ නොදැනුවත් බව ඔවුන්ගේ ප්‍රකාශ වලින්ම පෙනේ. සුර්යයාගේ ගෙලෙහි නාගයන් සිටින්නේ මොන ලෝකයේදැයි මා නම් නොදනී. ශිව දෙවියන්ට සම්බන්ධ පුරාවෘත වර්ණනා කර ඇති ශිව තාණ්ඩවයේ අර්ථය තේරුම් ගත නොහැකි මෙවැනි අන්ධ භක්තියන් තමන්ට හිතෙන හිතෙන හැටියට දෙවියන් පිළිබද කතා පතුරවයි. අවාසනාවට ඔවුන් පසුපස විශාල පිරිසක් එක්රැස් වී ඔවුන්ගේ විකෘති කරුණු සත්‍ය ලෙස පිළිගනී.
සංස්කෘත- සිංහල ශබ්දකෝෂ විශ්වවිද්‍යාල හා පිරිවෙන් වල මෙන්ම සමහර පොත්සල් වලත් තිබේ. සංස්කෘත - ඉංග්‍රීසි ශබ්දකෝෂ අන්තර්ජාලයේ ඕනෑතරම් ඇත. අවශ්‍ය කෙනෙකුට පදයෙන් පදය අර්ථය බලා ශිව තාණ්ඩවයේ කියවෙන්නේ හිරු දෙවියන් ගැනද ශිව දෙවියන්ගේ වික්‍රමයන් ගැනද යන්න පරික්ෂා කල හැක.

සංස්කෘත වචන වල තේරුම් හොයන්නේ නැතිව උනත් සිංහල භාෂාවට සමීප වචන කීපයකින්ම ශිව තාන්ඩවය කියන්නේ ශිව වන්දනාවක් මිස සුර්ය වන්දනාවක් නොවන බවට උදාහරණ කීපයක් දිය හැක.

1 වන ගාථාවේ 3 වන පදය ඇත්තේ "ඩම ඩම ඩම ඩම නිනාදව ඩමර් වයම්" ලෙසය. නාදය නිනාදය යන වචනයෙන් දැක්වෙන්නේ ශබ්දය යන අර්ථය ඕනෑම අයෙකු දනී. ඩමර් යනු ශිව දෙවියන් අතෙහි දරමින් සිටින ඩමර් හෙවත් ඩමරු බෙරයයි. Dhamaru drum ලෙස google search කලවිට බෙරය දැක බලා ගත හැක. වයම් යනු වයනවා යන්නයි. 
"ඩම ඩම නාදයෙන් ඩමරුව වයයි" යන්න  ඒ පදයේ අර්ථයයි. සුර්යයා හෝ සුර්යය දෙවියන් කිසිදාක ඩමරු නම් බෙරයක් වාදනය කළාදැයි ඕනෑම අයෙකුට සොයා බැලිය හැක.

5 වන ගාථාවේ 3 වන පදයේ "භුජංග රාජ මාලයා" යන්නෙහි අර්ථය "නාග රාජ මාලයක් දරන" යන්නයි. නාගයා හදුන්වන සිංහල සමාන පද වලත් භුජංග කියන පදය අදටත් භාවිත වේ. සුර්යයා  හෝ සුර්යය දෙවියන් නයෙකු ගෙලේ පැළඳගෙන ඉන්න බවක් ඔබ කිසිදා දැක තිබේද?

ශිව තාන්ඩවය සදහන් කිසිම අතීත ග්‍රන්ථයක හෝ ලේඛනයක "සිව" ලෙස සදහනක් කොතැනකවත් නැත. මෙතරම් ඉතා නිවැරදිව නිර්මාණය කල ස්තෝත්‍රයක ස - ශ අකුරු මාරු වීමට කිසිදු හේතුවක් නැත.

ශිව තාණ්ඩවය පුරා ශිව දෙවියන්ගේ පුරාවෘත වර්ණනා කර ඇත. එම එක් එක් පුරාවෘතය පිලිබදව වේද   ග්‍රන්ථ වල හා ශෛව සිද්ධාන්ත ග්‍රන්ථයේ අකුරෙන් අකුරට තොරතුරු ඇත.
1. අනංග දෙවියන්ව තෙවැනි ඇසින් දවාලීම
2. හස්ති අසුරයා විනාශ කිරීම
3. අඩසදක් හිසෙහි පැළදීම
4. නාගයන් ගෙලෙහි පැළදීම
5. පාර්වතී දේවියගේ ස්වාමියා වීම
6. ත්‍රීපුර අසුරයා විනාශ කිරීම
7. හිසින් ගංගා ආදී නදියන් පැනනැගීම
8. ඩමරු බෙරය වැය්ම
9. තාණ්ඩව නර්තනය රංගනය
10. යාම දෙවියන් මරණයට පත් කිරීම

ශිව තාණ්ඩව අර්ථය සිව තාන්ඩවයකට ගලපා ගත නොහැකි වූ නිසා දැන් පිරිසක් සිව තාණ්ඩවය වෙනත් එකක් බවත් ශිව තාණ්ඩවය වෙනත් එකක් බවත් ප්‍රකාශ කරමින් සිටි. ඔවුන් තමන් පතුරවන බොරුව පිලිබදව කිසිදු දැනුමක් නැති පුද්ගලයන් බව ඔවුන්ගේ ප්‍රකාශ වලින්ම තහවුරු වේ. තාණ්ඩව යනු ගාථාව, ශ්ලෝකය යන අර්ථය සහිත පදයක් නොවේ. තාණ්ඩව යනු ශිව දෙවියන්ගේ නර්තන ශෛලියයි. ශිව 
දෙවියන්ගේ තාණ්ඩව නර්තනය වර්ණනා කරන ශ්ලෝක "ශිව තාණ්ඩව ස්තෝත්‍ර " ලෙස හදුන්වන අතර එය කෙටි කර ශිව තාණ්ඩව ලෙස හදුන්වනු ලබනවා මිස ඕනෑම ස්තෝත්‍රයක් අගට තාණ්ඩව යන පදය යෙදිය නොහැක.

එක් එක් දෙවිවරුන්ට අදාළ මන්තර ශ්ලෝක වලදී ඒවායේ නම අගට යෙදිය හැකි පොදු වචන තිබේ. භාවිත වෙන අරමුණ අනුව එම පොදු වචන විවිද මන්ත්‍ර ශ්ලෝක අගට යෙදිය හැකිය.

ලක්ෂ්මි 
ගයාත්‍රි 
සුර්ය ගයාත්‍රි
ඉන්ද්‍ර ගයාත්‍රි

මහා ලක්ෂ්මි අශ්ටකම් 
කාල බහිරව අශ්ටකම් 
ගනේශ අශ්ටකම් 

ශ්‍රී මාතාංගි 
ස්තෝත්‍රම් 
ශ්‍රී ශිව් තාණ්ඩව ස්තොත්‍රම් 

මහසොහොන් දිශ්ටිය
ශ්‍රී රාම දිශ්ටිය
නවනීල දිශ්ටිය

මහසොහොන් අලගුව
සත් භුමිකම්පා අලගුව
අශෙටාත්‍ර අලගුව

විදුර ගිනි රාම ශරය
වෙසමුනි ශරය

මහා රැවන් දොර පෙරළුම
මරැ යක්ශ පෙරළුම
ගිනි බ්‍රාඩි පෙරළුම

තාණ්ඩව යනු එවැනි පදයක් නොවේ. සිව තාණ්ඩවයක් පිලිබදව මත පතුරවන පිරිසට යන්ත්‍ර මන්ත්‍ර ශ්ලෝක ශාස්ත්‍ර පිලිබදව කිසිදු දැනුමක් නැති අතර තාණ්ඩව යන්නෙහි අර්තයවත් නොදන්නා පිරිසකි.

මෙලෙස ඉතා පැහැදිලි සත්‍ය විකෘති කර මෙම අන්ධ භක්තිකයන් බොරු මත පතුරවති.

ගෞතම බුදුන් උපන්නේ ලංකාවේ කියනා ජම්බුදිප නඩයත් මොවුනුත් අතර වෙනසක් මටනම් නොපෙනේ. දෙපිරිසම කරන්නේ තමන්ගේ අන්ධ භක්තිය මත ව්‍යාජ මත සමාජගත කිරීමයි. මොවුන් බොහෝ විට සත්‍ය කරුණුද පවසන අතරතුර ඒ සමග මෙවැනි අන්ධ භක්තික බොරුද හින්සිරුවේ සමාජගත කරන බැවින් නිවැරදි දැනුමක් හෝ භාවනා ඥාන නැති අය හට මොවුන්ගේ මුලාවන් හදුනාගැනීමට අවස්ථාවක් නොලැබේ. 
මෙවැනි විකෘතීන් වල සත්‍ය විමසීමට නුවණ හා දැනුම පමණක් මදිය. ඒ සදහා 
වහල් භාවයෙන් මිදුණු මානසිකත්වයක් අවශ්‍ය වේ. ශිව තාණ්ඩවයේ අර්ථය විමසු විට ඕනෑම දරුවෙකුට වුවද මෙහි ඇත්තේ සුර්යයා පිළිබදවද ශිව දෙවියන් පිළිබදවද යන්න තේරුම් ගත හැක.
සුර්යයාගේ වෙනස්වීම් හෝ ස්වභාව ධර්මයේ වෙනස්වීම් මෙම ශිව තාණ්ඩවය තුල තිබෙන්නේ කොහේදැයි අකුරෙන් අකුරට පරික්ෂා කර සොයා බලන ලෙස සියලු දෙනාට ආරාධනා කරමි.
ශිව තාණ්ඩවයට "සිව" නම් හිරු දෙවියෙක් ඈදු අන්ධ භක්තිකයා එක් අත්වැරැද්දක් සිදු කර ඇත. එනම් කිසිවෙකු මෙහි අර්ථය නොවිමසා සියලු දෙනා එහෙම්පිටින්ම ලණුව ගිලිවී යන ළදරු උපකල්පනයි. ලංකාවේ සිටින සියලු දෙනා විචාර බුද්ධියක් නැති පිරිසක් යයි ඔහු විසින් උපකල්පනය කර ඇත. 
වෙනත් ආකාරයකට කියනවා නම් මෙම ශිව තාණ්ඩව විකෘති කල පුද්ගලයා විසින් ඔහුව විශ්වාස කරන පිරිස කිසිවක් විමසා නොබලන මෝඩයන් යයි සිතා ඇත.

රාවණ මන්තර
රාවණ මන්තර

යම් පුද්ගලයෙකු ප්‍රසිද්ද  වූ පමණින් සමාජය තුල මහා ප්‍රතිරූපයක් ගොඩනගාගත් පමණින් ඔහු කියනා සියලුම දේ විමසා නොබලා පිළිනොගත යුතු බවට මෙය ඉතා හොද උදාහරණයකි.


රාවණ භක්තිකයන් ලෙස පෙනී සිටිමින් ධර්මය විකෘති කරන "
රාවණ බ්‍රදර්ස් " නම් පිරිස විසින් බුදුන් ලංකාවේ ඉපදුන බවක් දක්වමින් වෂවර්ති යනු සුද්දෝදන රජුගේ සහෝදරයෙක් බව දක්වමින් තවත් ඉතා විශාල ධර්ම විකෘති රැසක් ඇතුලත් කර "වෂවත තාණ්ඩවය" නම් ව්‍යාජ ශ්ලෝකයක් නිර්මාණය කර ඇත. තමන්ගේ බොරු බේගල් පහසුවෙන් සමාජගත කිරීමේ අවශ්‍යතාව මත ඝාම්භිර වචන යොදාගෙන නිර්මාණය කර හෙළ බෙර වාදන යොදා මිනිසුන්ගේ ලේ ඇවිස්සෙන ලෙස නිර්මාණය කර ඇති මෙම විහිළු ශ්ලෝකය කිසිදු සත්‍යතාවක් හෝ වටිනාකමක් නැති නිර්මාණයකි. එහි අගටද තාණ්ඩව යන පදය යොදා එයට මහා ඝාම්භිර ස්වභාවයක් ආරෝපණය කිරීමට උත්සාහ කිරීමෙන්ම ඔවුන්ගේ දැනුමේ මොට බව ප්‍රදර්ශනය වේ. තාණ්ඩව යන්නෙහි අර්ථයවත් නොදන්නා අඳ බාලයන් විසින් නිර්මාණය කර ඇති මෙය එහෙන් මෙහෙන් සංස්කෘත වචන අහුලා නිර්මාණය කර ඇති විකෘතියකි. මොවුන් රාවණ නාමය හෙළ කම උලුප්පා පෙන්වමින් ධර්මය විකෘති කරන ඉතිහායවත් ධර්මයවත් රාවණ ඉතිහාසයවත් සංස්කෘත, සිංහල ආදී භාෂාවන් වත් පිළිබද කිසිදු දැනීමක් නැති විකෘතිකයන් පිරිසක් පමණි. මෙම විහිලු ශ්ලෝකයේ පද අරුත් ගැලපීම මෙන්ම ඝන, විරිත් ගැලපීම් සම්පුර්ණයෙන්ම වැරදිය. ශ්ලෝක නිර්මාණයේ සිරිත් විරිත් නොදන්නා මෙම පිරිස බුදු බණ විකෘති කිරීමට අමතරව මන්ත්‍ර ශ්ලෝක ශබ්ද විකෘති කිරීමෙන් මේ සිදු කර ඇති අනර්ථකාරී ක්‍රියාව නිසා ඒකාන්තයෙන්ම වස් වැදීම සිදුවන බව සිහිතබාගැනීම වටී.

සිව තාණ්ඩව, වශ්වත තාණ්ඩව ආදී තාණ්ඩව දෙක තුනක් මේ ලෝකයේ නැත. ඇත්තේ එක් තාණ්ඩවයකි. ඒ ශිව තාණ්ඩවයි! 



* සිව යන නාමය හිරු දෙවියන් හෝ හිරු හැදින්වීමට කිසිදිනක භාවිතා වී නැති අතර ශිව හා  සිව යන නාම දෙකම ශිව දෙවියන් හැදින්වීමට ඈත අතීතයේ සිට ලිඛිතව මෙන්ම ව්‍යවහාරිකවද භාවිත වේ. සිව, සිවා   නාමය දරන හින්දුන් ලංකාවේද ඕනෑතරම් ඇත.


* සිවාලිකිත බොරුව


ගයාන් සඳකැළුම් නම් පුද්ගලයා තමන්ගේ වැඩසටහන් වලදී සිව තාණ්ඩව මිත්‍යාව තහවුරු කිරීමට "සිවා ලිඛිතය" නම් පුස්කොල පොතක් ඇති බවත් එහි සූර්යයාගෙන් හෙළයන් වැඩ ලබාගත් අයුරු ඇති බවත් ප්‍රකාශ සිදු කර තිබේ.
අන්ධ භක්තිකයන් එය ඒ ලෙසින්ම පිළිගෙන ඇත. එහෙත් සිවාලිඛිතය හෙවත් ශිවා ලිඛිතය යනු පුස්කොල පොතක් නොව ලිතකි. එය සිවලිත/ සිවාලිඛිතය/ ශිවලිත / ශිවාලිඛිත නම් වේ. එහි ඇත්තේ හිරුගෙන් වැඩ ගන්නා ආකාරයක් නොව හිරුගේ ගමන් මග අනුව එනම් දවසේ වෙලාව අනුව මුහුර්ත හෙවත් නැකත් 16ක් වෙන් කිරීමකි. සිංහල අලුත් අවුරුද්දේ නැකත් මෙන් විවිද කාරණා වලට ශුභ නැකත් 16කට බෙදා දැක්වීමක් පමණි. සිවාලිඛිතය දවසේ වෙලාව අනුව මුහුර්ත වෙන් කර ඇති ලිතක් පමණි.
හිරුගේ පිහිටීම අනුව දවස කලාවන් වලට වෙන් කර ඇත්තේ මෙම සිවා ලිඛිතයේ පමණක් නොවේ. ලාංකීය ඉන්දිය සියලු ලිත් වල කාලය වෙන් කර ඇත්තේ මේ ආකාරයටය.

* සිවා ලිඛිතය ආරම්භ වන ශ්ලොකයේම "ශිවම් ලිඛිතම් ශිවාලිතම්" ලෙස ඉතා පැහැදිලිව සදහන් වෙ. ශිව දෙවියන් විසින් දායාද වුනු දැනුමින් ලියු ලිත ශිවා ලිත නම් වේ යනු එහි අර්ථයයි.

පැරණි කාලයේ ඔරලෝසු නොතිබුණු නිසා සියළු ලිත් හා නක්ෂත්‍ර කටයුතු වලදී කාලය බෙදා දැක්වුවේ සුර්යයාගේ ගමන් මග අනුවයි. සිවාලිඛිතය දවසේ වෙලාව අනුව මුහුර්ත වෙන් කර ඇති ලිතක් පමණි. එහි කිසිම ආකාරයකින් සූර්යයාගෙන් වැඩ ගැනීමක් නැත.
මුහුර්ත වෙන් කර ඇත්තේ සුර්යය පිහිටන ආකාරයට නොව ග්‍රහ පිහිටීම අනුවය. එය මිනිසුන්ට හදුනාගත හැකි වන ලෙස එක් එක් ග්‍රහ පිහිටීම පවතින්නේ සුර්යයාගේ කුමන පිහිටීමට අනුරුපවදැයි ලිත මගින් දැක්වේ.


* චූල නක්‍ෂත්‍රයේ කොටසක් වන "සිව ලිත" අනුව සතියේ සෑම දිනකම හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා වූ දිවා කාලය සමාන කොටස් 16 කට බෙදා ඇත. එය සිවලිත මුහුර්ත 16යි.(එක් මොහොතක් විනාඩි 45 ක් පමනවේ.).

1) රෞද්ර මුහුර්ථිය
යුද්ධාරම්භයට සුභ නමුත් වෙනත් සුභ කටයුතු වලට අසුභයි.

2) ස්වේත ජන මුහුර්ථිය
සියළු කටයුතු සදහා සුභයි.හස්ති,අශ්ව,ගව ආදී සතුන්ගෙන් වැඩ ගැනීමට මෙල්ල කිරීමට,වෙළද කටයුතු වලට විභේෂ සුභයි.

3) මෛත්‍රී මුහුර්ථිය.
සම්මන්ත්‍රණ,සාකච්ඡා,ඥාති මිත්‍ර සමාගම්,ප්‍රචාරක කටයුතු,ගමන් බිමන්,ප්‍රභූන් හමුවීමට ආදියට සුභයි.

4) චක්‍රාවාක මුහුර්ථිය
කීර්තිය,ප්‍රසිද්ධිය බලාපොරොත්තුවන කටයුතු,සිහිවටන,නගර නිර්මාණය,වනාන්තර එළිපෙහෙළි කිරීම රුක් රෝපනය ආදියට සුභයි.

5) ජයදේව මුහුර්ථිය
වෙළ හෙළදාම් ඉඩකඩම් ගෙවල් දොරවල් භාර ගැනීම් ,ශිල්ප ආරම්භයට සුභයි.විවාහ ගිවිස ගැනීමටද සුභයි.

6)වෛරෝචන මුහුර්ථිය
දැන්වීම් පුවරු තැබීම ,බේත් හේත් හැදීම,වැලදීම පිළිබද කටයුතු ,හදිසි ගෙවදීම් කටයුතු ආදියට සුභයි

7)තුරදේව මුහුර්ථිය
විනෝදය සපයන කටයුතු ආරම්භයට සුභයි.(නාට්‍ය,කලා කටයුතු වැනි)

8) අභිජිත් මුහුර්ථිය
ගමන් බිමන් ,විදේශ ගමන් යාමට පිටත් වීම්,සන්නස්පත්‍ර අක්තපත්‍ර,නම්බුනාම,කලා ශිල්ප,වෙහෙර විහාර ,ආරාම, හා ගොවි කටයුතු වලට සුභයි.

9) රාවණා මුහුර්ථිය
වැට කඩොළු බැදීම,යුධ සටන් වැදීමට සුභයි.

10) බාලවදන මුහුර්ථිය
යුධ,සටන් වලට කෙසෙල් වගාවට සුභය.

11) විභීෂණ මුහුර්ථිය.
කලා ශිල්ප පුහුණුව ඇරඹීමට,තරග විභාග,සම්මුඛ පරීක්‍ෂණ වලට සුභයි.

12) නන්දන මුහුර්ථිය
ගමන් බිමන් යාමට,ගෙවතු වගා,මල් වගා ආදියට,නගර ගම් නිර්මාණයට සුභයි.

13) යම මුහුර්ථිය
සතුරන් මර්දනය කිරීමට කෙරෙන මන්ත්‍ර කටයුතු කිරීමට,සටන් වැදීමට සුභයි.

14) සෝමෝදර මුහුර්ථිය.
කලඑළි බැසීම,වාද විවාද,සම්මන්ත්‍රණ,විමංසන ආදී කටයුතු වලට ශුභයි.

15) භාජෝදර මුහුර්ථදය.
ආවාහ විවාහකටයුතු ,ප්‍රේම සම්බන්ධ,ස්ත්‍රී පුරුෂ සබදතා පැවැත්වීමට සුභයි.

16) සාගර මුහුර්ථිය
රාහු කාලය මෙන් සියළු කටයුතු වලට අසුභ කාලයක් ලෙස සදහන්ය.


සිවලිත මුහුර්ත අනුව සුභ නැකැත් තෝරා ගැනීම මෙලෙස දක්වා ඇතත් එම සුභ නැකැත් වේලා භාවිතා කිරීමේදීද සැලකිය යුතු කරණු විශේෂයෙන් දක්වා ඇත.


* චූල ජ්‍යොතිෂ ක්‍රමයක් ලෙස සිවලිත මුහුර්ත ක්‍රමය දක්වා ඇතත් එම සුභ මුහුර්තයට අදාළ විනාඩි 45 කාලයෙන්ද මහා නක්‍ෂත්‍ර ක්‍රමයට අදාළව අසුභ කාලයන් ඉවත් කර ගැනීමක් කිරීම වඩාත් සුදුසුය.උදාහරණයක් ලෙස සුභ සිවලිත මුහුර්ථ වේලාවක මුළු විනාඩි 45 කාලයම රාහු කාලයට හසුවූ ඇත්නම් එහි සුභඵල අඩුයි.


* මහා නක්‍ෂත්‍ර ක්‍රමයට අදාළ ඉතා සුභ නැකැත් වේලාවක් සිවලිත ක්‍රමයට බැලූ විට අසුභ වේලාවක් ලෙස ඇති අවස්ථාද ඇත.මෙවැනි අවස්ථාවලදී මහා නක්‍ෂත්‍ර ක්‍රමයෙන් ලැබුණු සුභ වේලාව මුල් කොට සලකා එම මහා නක්‍ෂත්‍ර නැකැත භාවිතා කරයි.

උදාහරණයක් ලෙස මහා නක්‍ෂත්‍ර ක්‍රමයෙන් සිකුරාදා දිනෙක උදේ 10.5 ට ඉතා සුභ මුහුර්තයක් යෙදෙන වෙලාවක සිවලිත මුහුර්ථියෙන් සාගර මුහුර්තිය යෙදී ඇති විට එය සුභ මුහුර්තියක් ලෙස ගැනීමට බිය විය යුතු නැත.

මෙවැනි ශාස්ත්‍ර පිළිබද දැනුමක් නැති පුද්ගලයන්ට මේවා පිලිබදව දක්වන ව්‍යාජ මත "පරම සත්‍ය" ලෙස පෙනුනද සත්‍ය දන්නා අයට ඒවා වදුරු කුණුහරප වේ.


තමන් කවුද, තමන්ට කල හැකි දේ මොනවාද, රාවණ කවුද, දෙවියන් කවුද යන  කිසිවක් නොදැන අන්ධ භක්තියෙන් දෙවියන් හට ගරහන, ඉතිහාසය විකෘති කරන පුද්ගලයන් දේව උදහසට ලක් වුවහොත්  ඔවුන්ව බේරා ගැනීමට කිසිදු යක්ෂයෙකුට හෝ අසුරයෙකුට නොහැකි බව සිහි තබා ගැනීම වටි.  එමෙන්ම රාවණ හටද අසීමිත බලයන් ප්‍රධානය කලේ බ්‍රහ්මයන් හා දෙවියන් බවද ඉතා දීර්ඝ කාලයක් ධර්මානුකුලව විශ්වය පාලනය කලත් අවසානයේ අධර්මිෂ්ඨ ක්‍රියා සිදුකර මිනිසුන් අසරණ වූ විට මිනිසුන්ගේ පිහිටට පැමිණියේද දෙවියන් බව සිහිතබාගැනීම වටි.

අවුරුදු පනස් දහසක පමණක කාලයක සිදු වූ සිදුවීම් කිසිවක් නොදන්නා ළදරුවන් රාවණා සේනාවේ අන දෙන නිලධාරින් මෙන් හැසිරීමෙන් තමන්ගේ මත සමාජගත කිරීම රාවණා හටද විහිළුවක් පමණි...

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය