සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීම හා RAWANA TRAIL ව්‍යාපෘතිය

රාවන ඉතිහාසය
රාවන ඉතිහාසය



රාවණ මතවාදය සමාජගත කිරීමේ සත්‍ය අවශ්‍යතාව කිසිදු සාධකයක් නොමැති අවුරුදු 2500 ට එපිට ඉතිහාසයක් මතුකිරීම නොව සාධක දහස් ගණනකින් සනාථ වූ 2500 ඉතිහාසය විකෘති කර ශ්‍රී ලංකා භූමියට ඇති සිංහල බෞද්ධ උරුමය නැතිකිරීම බව පෙර ලිපි වලින් පැහැදිලි කළා.
https://mahasammathamanu.blogspot.com/2020/05/blog-post_76.html

දිනෙන් දින එය සත්‍ය බවට සාක්ෂි මතුවන බවට උදාහරණයකුත් එංගලන්ත මහා කොමසාරිස් වරියගේ ප්‍රකාශයක් දක්වමින් සනාථ කළා.
https://mahasammathamanu.blogspot.com/2020/05/blog-post_86.html

මේ ඒ සියල්ලටම වඩා මේ මහා කුමන්ත්‍රණයේ අගමුල හෙළි වන තොරතුරක්.

* පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා මෙම රාවණ ප්‍රවාදය සමාජගත කිරීම Ravana trail  නම් ඉන්දීය ව්‍යාපෘතියක් මගින් සිදුකරන ලද්දක් බව නම් ගම සහිතව හෙළි කර තිබෙනවා.


12.47 - 14.06 කොටස බලන්න
" මේක පටන්ගත්තේ ඇත්තටම 2012 වගේ කාලේ මමත් එවකට හිටපු සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් කලෙයි සෙල්වම් මහත්තයාත් අපි දෙන්නා ජෝර්දානයේ සමුළුවකට ගියා. අපි එහෙදි කතා බහ කර කර ඉන්නකොට එතුමා කිවුවා අපි ලංකාවෙන් ගියාට පස්සේ මෙහෙම දෙයක් කරමු. මට ඉන්දියාවෙන් මේකට ප්‍රතිපාදන ලැබෙනවා. Rawana trail කියල ව්‍යාපෘතියක් පටන්ගමු. එතකොට ඉන්දියාවේ සංචාරයන් ගොඩක් මෙහෙට අද්දගන්න පුළුවන්. මේක ඉන්දියානු සංචාරකයන් ලංකාවට ආකර්ෂණය කරගන්න පුළුවන් හොද අවස්තාවක්. මේක අපි දියත් කරමු කියල. මම කිවුවා මේක කවදාවත් කරන්න එපා. මේක කලොත් සම්පුර්ණයෙන් අපේ ඉතිහාසය විකෘති වෙනවා. ඒ නිසා නැති දෙයක් සම්බන්ධ කරන්නෙපා කියල මම කිවුවා. එතුමා එකට අදහස් ප්‍රකාශ කලේ නෑ. ලංකාවට ආවා. රාවණා ට්‍රේල් ගැන රැස්වීමක් කැදෙව්වා. මටත් ආරාධනා කළා. මම ගියේ නෑ. හැබැයි රාවණා වාදීන් මේකට ගියා. එතන තමයි මේක මහා රැල්ලක් විදියට ඇතිවෙන්න හේතුව." 




ඔන්න රාවණ මෝඩයනි මේ රාවණ රැල්ල කියන්නේ සිංහල බෞද්ධ ඉතිහාසය විනාස කරන ngo කුමන්ත්‍රණයක් කියල අපි මෙච්චරකල් කිවුවා විතරයි. දැන් සාක්ෂි සාධක නම් ගම් පිටින් එළිවෙලා තියෙනවා.

* රාවණ රැල්ල මෙහෙයවන්නන් අතරින් මෙම රාවණ ට්‍රේල් ව්‍යාපෘතියෙන් මුදල් උපයන දෙන්නෙක් බවට සිතිය හැකි ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රාවණ පර්යේෂණ ආයතනයක් පවත්වාගෙන යමින් සංචාරකයන් නේවාසිකව රදවාගෙන රාවණ තොරතුරු ප්‍රචාරය කරමින් විවිද ක්‍රියාකාරකම් සිදුකරවනවා. සරලවම කියනවා නම් ඒක Rawana tourist camp එකක්. මොවුන්ම ශිවලිංග රාවණ කෝවිල් නිර්මාණය කිරීමකුත් සිදුකරනවා. ඒක පැහැදිලිවම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් තුමා කියන ආකාරයේ සංචාරකයන් අරමුණු කරගෙන රාවණ කතා පතිරවිමක්. ඒ වගේම ඔවුන් ශිවලිංග හා රාවණ කෝවිල් නිර්මාණය කිරීම ඉන්දියාවේ උවමනාව මත සිදුවෙන දෙයක් බව හොදටම පැහැදිලියි.

* අනිත් පුද්ගලයා ලංකාවේ දකින දකින හැම ගහක් ගලක්ම රාවණට සම්බන්ධ කර කතා ගොතන්නෙක්. මොහු කියන කිසිම දෙයක් තහවුරු කිරීමට කිසිම සාධකයක් නෑ. දකින දකින දේ රාවණාගේ කියමින් ලංකාවේ සංචාරකයන්ට ඇවිදින්න තැන් නිර්මාණය කිරීමක් මොහු කරන්නේ. ඒ වගේම මොහු මුලාශ්‍ර සාධක දහස් ගණනකින් තහවුරු වී ඇති සිංහල බෞද්ධ වංශ කතා ආදියට අපහාස කරමින් ඒවාට වෛර කරන තරුණ පරම්පරාවක් බිහිකරනවා. නමුත් මොහු ඉතිහාසය යයි කියනා දේවල් පිළිබඳව සොයා බැලුවොත් ඒවා අමුලික බොරු බේගල් බව ළදරුවෙක්ට උනත් හොයාගන්න පුළුවන්.

මොවුන් දෙදෙනාගේ ක්‍රියා කලාප ඉතාම පැහැදිලිව මේ ව්‍යාපෘතියේ අරමුණු එක්ක ගැලපෙනවා.


ඉන්දියාවට ලංකාවේ සංචාරකයෝ වැඩිකරලා ලංකාව පොහොසත් කරන්න අමාරුවක් නෑ.
තමන්ට අවශ්‍ය අරමුණ ඔවුන් ඉතාම හොදින් කරලා තියෙන බව රාවණ රැල්ලේ පිරිස සිංහල බෞද්ධ ඉතිහාසයට වෛර කරන මහාවංශයට වෛර කරන ඉතිහාසය පුරාවිද්‍යාව පිළිනොගන්න ත්‍රිපිටකය පිළිනොගන්න ගොන් බානක් වී ඇති බව දැකීමෙන් ඉතාම පැහැදිලිව හැමෝටම දැකබලා ගන්න පුළුවන්. රාවණ ඉතිහාසයක් මතුකරනවා කියල මවලා පෙන්නලා මොවුන් කරන්නේ සිංහල බෞද්ධ ඉතිහාසය පිළිනොගන්න සිංහල ගොන් බානක් නිර්මාණය කිරීම. යටගිය ඉතිහාසය ගොඩගන්නවා කියල මවලා පෙන්නලා තිබෙන ඉතිහාසය විනාස කිරීමයි මේ රාවණ ට්‍රේල් ngo කාරයන් කරන්නේ.

රාවණ ට්‍රේල් ප්‍රොජෙක්ට් එක සාර්ථක වුනාට පස්සේ සමහරුන් විසින් " මහා වංශය බොරුවක්, සිංහල බෞද්ධ ඉතිහාසය බොරුවක්, ලංකාව දෙමල නිජබිමක්" විදියට ප්‍රකාශ කිරීමෙන්ම මේක කාගේ උවමනාවට ආරම්භ වුන ව්‍යාපෘතියක්ද කියල හැමෝටම  හිතාගන්න පුළුවන්.


https://ravanatrail.lk/index.php

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය