රාවණ රැල්ල පිටුපස සිටින්නේ ඩයස්පෝරාවද? Rawana history terrorism

රාවන ඉතිහාසය
රාවන ඉතිහාසය



බොලව් ගොබ්බයිනේ!

ප්‍රභාකරන් හට යුද්ධයෙන් සිංහල භුමිය අල්ලාගැනීමට නොහැකි විය.

යුද්ධයෙන් දිනිය නොහැකි නිසා ඩයස්පෝරාව දැන් අලුත්ම සෙල්ලමක් පටන්ගෙන ඇත. ඒ රාවණ වාදය හා බුදුන් ඉපදුනේ ලංකාවේ වාදය හරහා සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමයි.

* මෙම මිත්‍යා ප්‍රවාද දෙක සදහාම ඉදිරිපත් කරන කරුණු පිළිබඳ සොයාබලු විට ඒවා එක්කෝ පට්ටපල් බොරුය. එසේ නැතිනම් අර්ථ විකෘති කරන ලද කරුණුය. මොවුන් ඉදිරිපත් කරන එක කරුණක් තුළවත් සත්‍ය මුලාශ්‍රයක්, සාධකයක්, සාක්ෂියක් ඇත්තේ නැත.

උදා:- ලංකාවේ කිසිදා නොතිබුණු සිව් හෙලයක් හා අසුර ගෝත්‍රයක් ගැන දෙඩවීම
නාලන්දා ගෙඩි ගෙය තිබුණු ස්ථානය වෙනස් කළා යයි කීම
ඌරු වලවල්, උමං ගුහා පෙන්නා ඒවා මාලිගා යයි කීම

* මෙලෙස මොවුන් බොරු බේගල් වලින් බොරු ඉතිහාසයක් කටින් මවයි. ඒ අතරතුර පුරාවිද්‍යා සාධක, කාල නිර්ණ සාධක, විද්‍යාත්මක සාධක ආදී සාධක දහස් ගණනකින් තහවුරු වී ඇති සත්‍ය ඉතිහාසය බොරුවක් බව ප්‍රකාශ කරයි. සත්‍ය ඉතිහාසය සුද්දා විසින් තනන ලද ඉන්දියානුවන් විසින් තනන ලද එකක් යයි මහා අවලාද කියයි.නමුත් ඔවුන් කරනා චෝදනා එකක්වත් ඔවුන්ට ඔප්පු කිරීමටද එකදු සාධකයක් නැත.

මේ කරුණු ද්විත්වය තුලින් පැහැදිලි වන්නේ මොවුන්ගේ අවශ්‍යතාව යටගිය ඉතිහාසයක් ගොඩගැනීම නොව ඉතා හොදින් පවතින ඉතිහාසය විකෘති කිරීම බවයි. මොවුන් සත්‍ය ඉතිහාසය මතුකරනා අයනම් මොවුන් සාධක යයි පෙන්වන බේගල් එකින් එක දවසින් දවස බොරු බවට සනාත වීමට හේතුවක් නැත. මොවුන්ගේ එකම අරමුණ සත්‍ය ඉතිහාසය බොරුවක් බවට මවා පා සිංහල බෞද්ධ ඉතිහාසය නොපිළිගන්නා, එයට වෛර කරනා කකුල් දෙකේ හරක් බානක් බිහිකිරීමයි. මෙම හරක් බාන මෙහෙයවන්නේ ජාතිමාමකත්වය නම් නාස් ලණුව විසිනි. එසේම මෙම ගොන් බාන සමන්විත වෙන්නේ සමාජයේ අඩුම අධ්‍යාපන මට්ටමක් සහිත අශිෂ්ට නුගත් පිරිසෙන් බව ඔවුන්ගේ අසභ්‍ය බස් වහරින් හා අසත්‍ය මඩ ගැසීමේ ව්‍යාපෘති වලින් හෙළිවේ.

ත්‍රිපිටකය මෙන්ම සිංහල වංශ කතා අවුරුදු දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන ආවේ ගමේ පන්සලේ සිංහල භික්ෂුන් වහන්සේලා විසින් මිස සුද්දන් හෝ ඉන්දියානුවන් නොවේ. රාවණ හා ජම්බුදීප බේගල් පතුරවන පුද්ගලයන් පහරගහන්නේ සිංහල බෞද්ධ උරුමයටයි.

මෙලෙස සිංහල බෞද්ධ ඉතිහාසයට වෛර කරන අපහාස කරන සිංහල බෞද්ධ ගොන් බානක් නිර්මාණය කර මහාවංශ ආදී ඓතිහාසික සාධක බොරු බව සිංහල බෞද්ධ උම්බෑ හඩක් ගොඩනැගීමේ අවශ්‍යතාව කුමක් දැයි විග්නේශ්වරන් "මහා වංශය බොරුවක්, ලංකාව දෙමළ නිජබිමක්" යන ලෙස කල ප්‍රකාශයෙන් රටටම හෙළිවී ඇත.

ජාතිමාමක ලේබල් ගසා මේ ටොපි බෙදන්නේ දෙමළ ඩයස්පෝරාව විසිනි. මෙම ඉතිහාසයට ගරහන ප්‍රධාන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්, ආගිය තැන් විමසා බැලුවේ නම් අගහරු වලින් සල්ලි ආ හැටිද දැකබලා ගත හැකි වනු ඇත. මොවුන් සත්‍ය වශයෙන් යටගිය ඉතිහාසය හෙළි කරන්නන් නම් මොවුන් පෙන්වන සියලු සාධක පට්ටල් බොරු බේගල් වන්නේ නැත, මොවුන් සත්‍ය වශයෙන්ම හෙළ ඉතිහාසය ගොඩනගන්නන් නම් ඉතිහාසයේ අඩුපාඩු හරිගස්සනවා මිස ලෝකයේ කිසිදු රටකට නැති පුරාණ ලිඛිත ඓතිහාසික උරුමයක් ඇති, සාධක දහස් ගණනකින් සනාත වූ මහා වංශ ආදී ඉතිහාස ග්‍රන්ථ වලට අපහාස කිරීමට කට ඇරෙන්නේ නැත. මොවුන් සත්‍ය වශයෙන් ඉතිහාසය ගොඩනගනා පුද්ගලයන් නම් මහා සංඝයා විසින් අවුරුදු දහස් ගනනක් තිස්සේ රැකගෙන ආ සිංහල බෞද්ධ ඉතිහාසයට අවජාතකයන් මෙන් ගරහන්නේ නැත.

ලංකාවේ පවට පහළ වූ ගොන් බානක් මෙම ඩයස්පෝරාවේ පඩි වලින් ජිවත් වන ඉතිහාස විකෘතිකයින්ගේ ලණු ගිල දිරවාගැනීමට නොහැකිව වමාරමින් සිටී. මෙම ගොන් බානට ඉක්මනින් මොළය පහළ වේවා යනු අපගේ ප්‍රාර්ථනයයි.

Comments

  1. ඔබේ උත්සහය ඉතා වටිනවා..
    දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවා..

    ReplyDelete
  2. බොහොම වටිනා බ්ලොග් අඩවියක් 👍👍👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය