ඊජිප්තුවේ පිරමිඩ වල ගුවන් යානා කැටයම් කල හෙළයෝ Egypt pyramid rawana
ඊජිප්තු පිරමිඩ හෙළිකොප්ටර් ගුවන් යානා ඊජිප්තුවේ කඩාවැටුණු පිරමිඩයක හෙලිකොප්ටර් හා ගුවන් යානා සහිත රුපාක්ෂර සහිත චායාරුප අන්තර්ජාලයේ හුවමාරු වෙනවා ඔබ දැක ඇති. දකින දකින හැම අත්භූත දෙයක්ම රාවණාගේ කියනා රාවනා වාදීන් විසින් මෙය ඊජිප්තුව ශිෂ්ටාචාර කල හෙළයෙන් ගිය සිංහ මිනිසුන්ගේ වැඩක් යයි කියවනවා ද ඔබ දැක ඇති. මෙය මුළුමනින්ම අසත් ය ව් යාජ ප් රචාරය කිරීමක්. පළමු බොරුව වන්නේ මෙය තිබෙන්නේ පිරමිඩයක් තුල නෙවෙයි. මෙම ගුවන් යානා වැනි රූප සහිත රුපාක්ෂර පෙළ තිබෙන්නේ ඊජිප්තුවේ Abydos හි පළමු වන සෙටි රජතුමාගේ දේවාලයේ උළුවස්සක කොටසකයි. මෙම දේවාලයේ නිර්මාණය ආරම්භ කලේ පළමු වන සෙටි රජතුමා විසින් වුනත් මෙහි කටයුතු අවසන් කලේ ඔහුගේ පුතු වන දෙවන රැම්සෙස් රජු විසින්. පාරාවෝ රජවරුන්ගේ නම් ආකාර පහකින් ලියනු ලබනවා. එම නාමයන් ආරම්භ වීමේදී විශේෂ රුපාක්ෂර පස් ආකාරයක් දක්වා ආරම්භ කරනවා 1. උපන් නම - තාරාවෙක් හා සුර්යයා දක්වා ආරම්භ කරයි 2. කිරුළු නාමය - මිමස්සෙකු හා පැපිරස් ශාකය දක්වා ආරම්භ කරයි 3. හෝරස් නාමය - ත් රිකෝණ හැඩයක් මත සිටින උකුස්සෙකුගෙන් 4. ස්වර්ණමය හෝරස් නාමය - අත්තක් උඩ වසා සිටින උකුස්සෙකුගෙන්