හිමවත හිමාලය හා ශ්‍රීපාදය


 


බුදුන් ඉපදුනේ ලංකාවේ යයි කියනා ජම්බුවන්ගේ මොළය පශ්චාත් භාගයට බැස ඇති බව ප්‍රසිද්ද රහසකි.


ඔවුන්ගේ එක් තර්කයක් ලෙස "හිමවත යනු ශ්‍රී පාදය" යන ඔලමොට්ටල මතය ප්‍රකාශ කරනු දක්නට ලැබේ.
හිමාල කඳු වැටිය හිමවත ලෙසින් හඳුන්වන්නේ නැති බවද මොවුන් සිහි විකලෙන් දොඩවති.


දේවි භගවත පුරාණය, බ්‍රහ්මාණ්ඩ පුරාණය, මහාභාරතය, කේන උපනිෂද් ආදී ඉන්දීය ලේඛන සිය ගණනක් තුල හිමාල කඳු වැටිය හිමාල හා හිමවත් යන නම් දෙකෙන්ම ඕනෑතරම් හදුන්වා තිබේ.


මීට අමතරව හින්දු දේව පුරාන සාහිත්‍ය තුල පාර්වතී දෙවියන්ගේ පියා ලෙස හිමාල රජු පිලිබඳ තොරතුරු ඇති අවස්ථා සිය ගණනක හිමවත් රජු හා හිමාල රජු යන නාම භාවිත වේ.




( हिमाल ) හිමාලය යන සංස්කෘත පදය තැනෙන්නේ
හිම + ආලය = හිම + නිවහන යන පද දෙකෙනි


( हिमवत् ) හිමවත් යන පදය තැනෙන්නේ
හිම + වත් = හිම + ඇති තැන යන ලෙසිනි


මේ අනුව හිමවත යනු හිමින් පිරුණු ස්ථානයක් බව නමින්ම තහවුරු වේ.


මෙය හිමාලය, හිමවත්, හිමවන්ත්, හිමාචල්, ධරාධරේන්ද්‍ර, පර්වතෙශ්වර, හිමාවන්, හිමරාජ යන සමාන පද වලින් විවිද අවස්ථා වල විවිද මුලාශ්‍ර තුල සදහන් කර තිබේ.


ඔලමොට්ටල  ජම්බුවන් හිමවත කියනා සිරිපාදයේ හිම වැටෙන්නේ කොතනටද?














Comments

  1. ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ!!!! හිමේ ක‌ොහෙද බොල මාවී පැහෙන්නේ... අපේ පරණ මිනිස්සුන්ටත් පිස්සු

    ReplyDelete
  2. පුරාණ හිමගත වර්ණනාවත් බොරුවක් වෙන්නැති

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය