මහා සම්මත රජුගේ හතර වරිගයටවත් නොගෑවුණු රාවණා Mahasammata manu Ravana king

මහා සම්මත මනු
මහා සම්මත මනු රාවනා 


රාවණා විකුණා කමින් ඉතිහාසය විකෘති කරනා ගයාන් සඳකැලුම් වැනි ටොම්පච කාරයන් රාවණ රජු මහා සමමත මනු රජුගෙන් පැවතගෙන එන සුර්ය වංශිකයෙක් යයි අමුලික මිථ්‍යා මතයක් පළකරනවා. "මහා සමමත මනු" යන නාමය යෙදිමෙන්ම මොවුන්ට මහා සම්මත හෝ මනු පිළිබඳ කිසිදු දැනුමක් නැති බව තහවුරු වෙනවා. මහා සම්මත රජු හා එම පෙළපත පිළිබඳව අග්ගඤ්ඤ , පාඨික, අම්බට්ට යන සුත්‍ර වලත්, දීඝ නිකාය අටුවාව, අම්බට්ඨ අටුවාව තුලත් මහා මන්ධාත හා චේතිය ජාතක කතා වලත්, මහා වංශය, දීපවංශය, බෝධි වංශය, වංසත්ථප්පකාසිනිය, බොධ්‍යාහාරකුලය හෙවත් දෙව වංශය, කුරුනෑගල විස්තරය, රාජාවලිය, වන්නි රාජාවලිය හා පුජාවලිය තුලත් කෝලම්, සුනියම් කැපීම ආදී ශාන්ති කර්ම කවි, කතා, මන්ත්‍ර තුළත් පුරාවිද්‍යා අභිලේඛන, සන්නස් හා මංගල කවි ආදිය තුලත් තොරතුරු ඇතුලත් වෙනවා.

මනු රජු හා එම පෙළපත පිළිබඳව මනුස්මෘතිය, මහා භාරතය තුලත් විෂ්ණු පුරාණ, මස්ත්‍ය පුරාණ, බ්‍රහ්ම පුරාණ, ශිව පුරාණ, භගවත පුරාණ ආදී පුරාණ තුලත් ඍජ් වේදය, අතර්ව වේදය ආදී වේද ග්‍රන්ථ තුලත් ශතපාත බ්‍රාහ්මණ ආදී පැරණි ඉන්දිය ලේඛන සිය ගණනක් තුලත් පැරකුම්බා සිරිත, රඝු වංශය, සන්නස්, මන්ත්‍ර හා කවි ආදී ලාංකීය මුලාශ්‍ර තුලත් සදහන් වෙනවා.

 * මේ කිසිදු මුලාශ්‍රයක රාවණ රජු හෝ ඔහුගේ පරපුරේ කිසිවෙක් ගැන කිසිදු සදහනක් ඇත්තේ නෑ.

* රාවණ රජු පිළිබඳව ඇති එකම ලිඛිත මුලාශ්‍රය වන රාමායනයේ රාවන රජු මහා සම්මත පරපුරට කිසිදු සම්බන්ධයක් ඇත්තේ නෑ.

* සියළු මුලාශ්‍ර වලට අනුව මනු පරපුරට හා සුර්ය වංශයට සම්බන්ධ වෙන්නේ රාවණා නොව රාම යි. මනු -> ඉෂ්ක්වාකු ->->->->-> රඝු -> දශරථ ලෙස පැවතගෙන එන මනු පරපුරේ දශරථ ගේ පුතෙකු විදියට රාම උපදිනවා.

රාවණ රජුගේ පෙළපතට අයත් කිසිවෙක් ස්වයම්භූව හෝ වෛවස්වත මනු පරපුරේ සදහන් වෙන්නේ නෑ. මහා බ්‍රහ්ම -> පුලස්ත්‍ය -> විශ්‍රව ලෙස පැවතගෙන එන වෙනමම කුළයක විශ්‍රව මුණිගේ පුතෙකු ලෙස රාවණ උපත ලබනවා. පුලස්ත්‍ය ඍෂිවරයා මනු පරපුරට කිසිම සම්බන්ධතාවක් නෑ. පුලස්ත්‍ය ඍෂි යනු ස්වයන්භු මනු හට උපකාර කිරීමට පහළ වූ සප්ත ඍෂි වරුන්ගෙන් එක් ඍෂි වරයෙක්. පුලස්ත්‍ය ඍෂි ගේ බිරිද වූ මනිනි හෝ, විශ්‍රව මුණි ගේ බිරිද වූ කෛකසි මනු ගේ පරපුරට සම්බන්ධ නෑ.ඒ නිසා මවු හෝ පිය පාර්ශවයෙන් රාවණ කිසිසේත්ම මනු පරපුරට අයත් වෙන්නේ නෑ. රාවණ රජු සුර්ය වංශයටත් කිසිදු සම්බන්ධයක් ඇත්තේ නෑ.

ලංකාවේ රාවණ රැල්ලෙන් ගසාගෙන ගිය රාමායන, මනු ආදී කිසිවක් ගැන අංශු මාත්‍රයක කිසිදු දැනුමක් නැති අල්පශ්‍රුත අන්ධයන් රාවණා ගේ යයි සිතා සිටිනා සුර්ය වංශය ආරම්භ වෙන්නේ වෛවස්වත මනුගේ පුත් ඉෂ්ක්වාකු රජුගෙන්. වෛවස්වන් යනු සුර්ය දෙවියන් හදුන්වන නාමයක්. වෛවස්වන් ගේ පුත්‍රයා යන අර්ථයෙන් තමයි වෛවස්වත කියන නම යෙදෙන්නේ. වෛවස්වත මනු ලෙස උපත ලැබුවේ සුර්ය දෙවියන් යටතේ සිටි දෙවි කෙනෙක් නිසා වෛවස්වත ලෙස ඒ මනු වරයට නම් කළා. ඒත් සුර්ය වංශය ලෙස රාජ වංශය ආරම්භ කරන්නේ වෛවස්වත මනුගෙන් නෙවෙයි ඔහුගේ පුතෙකු වන ඉෂ්ක්වාකු විසින්. ඉෂ්ක්වාකු ගේ පුත්‍රයා විසින් සුර්ය වංශයත් දියණිය විසින් චන්ද්‍ර වංශයත් ආරම්භ කරනවා. ඊට පෙර ලෝකයේ කොහේවත් සුර්ය වංශය කියා නමක් වත් භාවිත වෙන්නේ නෑ. වෛවස්වත මනු ඉෂ්වාකු ආදීන් අයත් වෙන්නේ ස්වයම්භූව මනුගෙන් ආරම්හ වුන මනු රජ පෙළපතට.

රාවණ පැවතගෙන එන්නේ මනු හට කිසිම සම්බන්ධයක් නැති පුලස්ත්‍ය ඍෂි විසින් ආරම්භ කල වෙනම වංශයකින්. රාවණ ඉතිහාසය මතු කරනවා කියමින් ඉතිහාසයට, පුරාවිද්‍යාවට ගරහන පුද්ගලයන්ගේ අවිචාරශීලි බව හොදින්ම දකින්න පුළුවන් කාරණයක් තමයි රාවණා රජු මහා සම්මත පරපුරේ හෝ මනු පරපුරේ සුර්ය වංශිකයෙක් යයි කීම. මොවුන් තමන්ගේ වංශය ලෙස පම්පෝරි ගසාගන්නේ රාවණා සමග යුධ කර පරාජය කළ රාමගේ වංශයයි. තමන්ගේ රජු පරාජය කල, තමන්ට කිසිදු සම්බන්ධතාවක් නැති විරුද්ධ වාදී රජුගේ වංශය වර්ණනා කරමින් එය තමන්ගේ යයි කියමින් උඩ බලන් කෙළ ගසාගන්නා මොවුන් තරම් අවිචාර පිරිසක් පිටසක්වලක වත් නැතුව ඇති.

මෙම රාවණ - සුර්ය වංශික බොරුව තුලින් මොවුන් කොතරම් ගවෙෂණයෙන් තොර කොට්ඨාශයක්ද යන්න හොදින් පැහැදිලි වෙනවා. මෙවැනි පිරිසක් පුරාවිද්‍යා අධ්‍යක්ෂක වරුන්ට බනිමින් පුරාවිද්‍යාඥයන්ට ඉතිහාසඥයන්ට බනිමින් වැරදුණු ඉතිහාසය හරිගස්සනවා යයි කීම ම කොතරම් විහිලු සහගත ප්‍රකාශයද යන්න මෙවා අධ්‍යනය කිරීමෙන් තේරුම්ගන්න පුළුවන්.

*** රාම හා සිද්ධාර්ථ ගෞතම දෙදෙනාම සුර්ය වංශික වීමෙන් බුදුරජානන් වහන්සේ ඉපදුනේ සුර්ය වංශය පැවති ඉන්දියාවේ බව තහවුරු වෙනවා. සුර්ය වංශයේ කිසිවෙක් ලංකාවේ සිටියේ නෑ. ලංකාවට සුර්ය වංශය ආගමනය වුනේ විජයගේ ආගමනයෙන් පසුවයි. ~~~~~~~~~~~~~~~~~~~~

විජය රජුගෙන් පසු ලංකාවට පැමිණි පණ්ඩුවාසදේව රජු විවාහ වෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසේ සිට ලංකාවට පැමිණෙන ශාක්‍ය පරපුරට අයත් භද්‍රකච්චායනා කුමරිය සමග. භද්‍රකච්චායනා කුමරිය යනු සුද්ධෝදන රජුගේ සහෝදරයෙකු වන අමිතෝදන රජුගේ පුත් පණ්ඩුශාක්‍ය රජුගේ දියණියයි. ඇය සමග ඇයගේ සහෝදරයන් පිරිසක් ලංකාවට පැමිණෙනවා. ලංකාවට මහා සම්මත පරපුරේ සුර්ය වංශයේ ශාක්‍ය ගෝත්‍රය සම්බන්ධ වෙන්නේ මේ හරහා. මිට පෙර ලංකාවේ කිසිදු ආකාරයකින් වංශයක් හෝ මහා සම්මත පරපුරක් සිටියේ නෑ. මිට පෙර ලංකාව පාලනය කල රාවණ රජු මහා සම්මත පරපුරට කිසිසේත්ම සම්බන්ධ නෑ රාවණරජු පැවතගෙන එන්නේ පුලස්ත්‍ය ඍෂි ගෙන් ආරම්භ වුනු වෙනම පෙළපතක් ඔස්සේ.

භද්දකච්චායනා කුමරියගේ දුව වන චිත්‍රා කුමරිය හා භද්දකච්චායනා කුමරියගේ සහෝදර දීඝායු ගේ පුත් දීඝගාමිණි දෙදෙනාගේ පුතෙකු ලෙස උපදින පණ්ඩුකාභය කුමරු තමයි ලංකාවේ පළමු උභයකුල පාරිශුද්ධ මහා සම්මත පරපුරේ සුර්ය වංශික ශාක්‍ය ගෝත්‍ර රජු විදියට වෙන්නේ. පසුකාලින ලේඛන වලදී ලංකාවේ විවිද රජවරුන් මහා සමමත පෙළපතින්, සුර්ය වංශයෙන්, ශාක්‍ය වංශයෙන් පැවතගෙන එන බව දක්වන්නේ මෙන්න මේ හේතුව නිසායි. එසේ නැතුව ලංකාවේ මොවුන්ට පෙර එම වංශ වලට අයත් කිසිවෙක් සිටියේ නෑ. මෙය රාජාවලියේ තුලිනුත් ඔප්පු වනවා.
"මේ මහා සම්මත රජු පටන් සුදොවුන් රජුට සත්ලක්‍ෂ සත්දහස්‌ සත්සිය සත්අනූවක්‌ රජදරුවෝ රාජ්‍යය කළාහ. ඉන් ඔටුනු පැලඳි රඡ්ජුරුවෝ තුන්ලක්‍ෂ තිස්‌සතරදහස්‌ පන්සිය තුන් අනූවක්‌ බව දත යුතුයි. සුද්ධෝදන රජුගේ එක කුස උපන් මල් වූ අමිතෝදනය, ධොතොදනය යි දත යුතුයි. මේ ශ්‍රී ලංකාද්වීපයට ආ රාජවර්ගය මෙසේ දත යුතුයි." (රාජාවලිය, 166 පිට)

පණ්ඩුකාභය රජු ශාක්‍යවංශයට ඇති ඥාතීත්වය පැහැදිලි ලෙස සිව්වැනි මිහිඳු රජුගේ පුවරුලිපියක සඳහන් කර තිබෙනවා. ඒ "ඔකාවස් පරපුරෙන් බට් සුදොවුන් රජ් හු අන්වයෙන් ආ පඬුවස්දෙව් අභා මහරජ් හු පරපුරෙන් බට්" ලෙසින්.

මිට අමතරව ගල්පොත ශිලාලේඛනය, දිඹුලාගල ⁣ඖෂධ පොකුණ පර්වත ලිපිය ආදී තවත් බොහෝ අභිලේඛන වලදී මහා සමමත පරපුර ලංකාවට ආගමනය වුනු ආකරය දකින්න ලැබෙනවා. ඉතිහාසය බොරුවක් කියමින් විකෘති මත පතුරවමින් පුරාවිද්‍යාඥයන්ට අභියෝග කරමින් තමන්ගේ ප්‍රතිරූපය සාදාගැනීමට දගලන මෝඩයන් හට මේවා පිළිබඳ කිසිදු දැනුමක් නෑ. විජය රජුට බනිමින් තමන් සුර්ය වංශික මහා සම්මත පරපුරේ යයි කියාගන්නා මෝඩයන් නොදන්නා කරුණ නම් විජය රජු ලංකාවට පැමිණියේ නැත්තම් ලංකාවට සුර්ය වංශයක් හෝ මහා සම්මත පරපුරක් කිසිසේත්ම එන්නේ නෑ. එසේනම් මෙම මෝඩයන් හට පම්පෝරි ගැසීමට වත් වංශයක් ලැබෙන්නේ නෑ.

ඒ වගේම මෙම පුද්ගලයන් නිතරම තමන්ට විරුද්ධ වාදීන්ට විජයගේ පරම්පරාවේ අය යයි ගරහමින් තමන් රාවණ පරම්පරාවේ යයි කියාගන්නා ආකාරයත් නිතර දකින්න පුළුවන්. මේ තුලිනුත් මොවුන්ගේ ඉතිහාස නුගත්කම හොදින් ප්‍රදර්ශනය වෙනවා. සිංහල ජාතියේ ආරම්භය දැක්වෙන්නේ විජයගේ දරුවන්ගෙන් නොව පණ්ඩුවාස දේව රජුගේ දරු පරපුරෙන්. විජය කුවේණි හට දරුවන් දෙදෙනෙකු ලැබුණු බව සදහන් වුවත් ඔවුන් වනවදුණු බව මිසක් ඔවුන්ගෙන් සිංහල ජාතිය ආරම්භ වුබවක් මහා වංශයේ හෝ වෙනත් ඉතිහාස ග්‍රන්ථයක් දැක්වෙන්නේ නෑ. මෙය නොදන්නා කමෙන්ම ප්‍රදර්ශනය වෙන්නේ ඉතිහාසය මතු කරනවා යයි කියනා පුද්ගලයන් ඔහේ රැල්ලට බනිනවා මිස ඉතිහාසය පොතක් අතින්වත් අල්ලා නැති බවයි. වැරදි වෙන්නේ කොහොමද කොතනද කොයි ආකාරයෙන්ද කියා කිසිවක් මේ ඕලමොට්ටලය්න් දන්නේ නෑ.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය