ඊජිප්තුවේ පිරමිඩ වල ගුවන් යානා කැටයම් කල හෙළයෝ Egypt pyramid rawana

ඊජිප්තු පිරමිඩ හෙළිකොප්ටර් ගුවන් යානා
ඊජිප්තු පිරමිඩ හෙළිකොප්ටර් ගුවන් යානා


🚁🚀🛸
ඊජිප්තුවේ කඩාවැටුණු පිරමිඩයක හෙලිකොප්ටර් හා ගුවන් යානා සහිත රුපාක්ෂර සහිත චායාරුප අන්තර්ජාලයේ හුවමාරු වෙනවා ඔබ දැක ඇති. දකින දකින හැම අත්භූත දෙයක්ම රාවණාගේ කියනා රාවනා වාදීන් විසින් මෙය ඊජිප්තුව ශිෂ්ටාචාර කල හෙළයෙන් ගිය සිංහ මිනිසුන්ගේ වැඩක් යයි කියවනවා ද ඔබ දැක ඇති.
මෙය මුළුමනින්ම අසත්ය ව්යාජ ප්රචාරය කිරීමක්.
පළමු බොරුව වන්නේ මෙය තිබෙන්නේ පිරමිඩයක් තුල නෙවෙයි.
මෙම ගුවන් යානා වැනි රූප සහිත රුපාක්ෂර පෙළ තිබෙන්නේ ඊජිප්තුවේ Abydos හි පළමු වන සෙටි රජතුමාගේ දේවාලයේ උළුවස්සක කොටසකයි. මෙම දේවාලයේ නිර්මාණය ආරම්භ කලේ පළමු වන සෙටි රජතුමා විසින් වුනත් මෙහි කටයුතු අවසන් කලේ ඔහුගේ පුතු වන දෙවන රැම්සෙස් රජු විසින්.
පාරාවෝ රජවරුන්ගේ නම් ආකාර පහකින් ලියනු ලබනවා. එම නාමයන් ආරම්භ වීමේදී විශේෂ රුපාක්ෂර පස් ආකාරයක් දක්වා ආරම්භ කරනවා
1. උපන් නම - තාරාවෙක් හා සුර්යයා දක්වා ආරම්භ කරයි
2. කිරුළු නාමය - මිමස්සෙකු හා පැපිරස් ශාකය දක්වා ආරම්භ කරයි
3. හෝරස් නාමය - ත්රිකෝණ හැඩයක් මත සිටින උකුස්සෙකුගෙන්
4. ස්වර්ණමය හෝරස් නාමය - අත්තක් උඩ වසා සිටින උකුස්සෙකුගෙන්
5. නෙබ්ටි නාමය - වට්ටියක් මත සිටින නයෙකු හා ගිජුලිහිනියෙකු ගෙන්
රාවණ මිථ්යා ප්රචාරකයන් විසින් භාවිත කරන අහස් යාන සහිත රුපාක්ෂර කොටසේ සත්ය වශයෙන්ම තියෙන්නේ පළමුවන සෙටි රජුගේ නෙබ්ටි නාමය උඩින් ලියන ලද දෙවන රැම්සෙස් රජුගේ නාමයයි. මෙලෙස දේවාල හා පිරමිඩ වැනි ස්ථාන නිර්මාණය කල මුල් රජුගේ නම මකා තමන්ගේ නම ලියාගැනීම ඊජිප්තු ඉතිහාසය පුරා ස්ථාන රාශියක දකින්න ලැබෙන දෙයක්. ඒ කාලේ රජවරුයි මේ කාලේ දේශපාලකයොයි අතර වෙනසක් නෑ බලන් ගියාම. අනුන් පටන්ගත්ත වැඩේ තමන් ඉවර කලාම තමන්ගේ නම ගහගන්න හැටි මේ ලගදිත් දකින්න ලැබුනානේ.
පළමුවන සෙටි රජුගේ නෙබ්ටි නාමය වන්නේ “Wehemmesut Sekhemkhepesh Derpedjetpesdjet” .
එහි අර්ථය “මරණය මතු ජිවත් වන , කඩුවක් දරා සිටින, දුණු නමය යටත් කරගන්නා පුද්ගලයා” යන්නයි.
( දුණු නමය = සතුරන් )
ඔහුගේ පුත් දෙවන රැම්සෙස් ගේ නෙබ්ටි නාමය වන්නේ “Mekkemet Wafkhasut” යන්න.
එහි අර්ථය “ඊජිප්තුවේ ආරක්ෂකයා, සතුරු භුමි විනාශ කරන්නා” යන්නයි.
1 රුපයේ නිල් වර්ණයෙන් සෙටි රජුගේ නම රුපාක්ෂර වලින් කොටා තිබෙන ආකාරයත්
2 රූපයේ කොළ වර්ණයෙන් ramses රජුගේ නම ඒ මතින් කොටා තිබෙන ආකාරයත් පැහැදිලි කර තිබෙනවා.
මෙහි සත්යතාව ඉතාම හොදින් පැහැදිලි කරගැනීමට හැකි ලෙස දෙවන රැම්සෙස් විසින් දෙව්ලොව නායක අමුන් දෙවියන් වෙනුවෙන් නිර්මාණය කල karnakහි දෙවාලයේ ඇති සෙටි රජුගේ නම කෙටු රුපාක්ෂර සටහනක් 3 වන රුපයේ දක්වා තිබෙනවා.
දෙවන රැම්සෙස් විසින් ඔහුගේ සියා වන පළමුවන රැම්සෙස් විසින් ආරම්භ කල karnakහි දේවාලයේ සටහන් තුලත් සීයාගේ නම උඩින් තමන්ගේ නම යොදා ඇති ආකාරය 4 වන රුපයේ දැක්වෙනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ පිළිබඳව රාවණා ඉතිහාසය යයි අමුලික මිථ්යා ප්රචාරය කරමින් සමාජය මුලා කරනා ත.ට්ට හිමියෙකු ඉතාම හාස්යෝත්පාදක මිත්යාවක් ප්රකාශ කළා.
රාවණ රජතුමා අතීතයේ සිට වර්තමානයට කාලතරණය කර පැමිණ 😄 වර්තමානයේ සිටින විද්යාඥයන් පිරිසක් අතීතයට රැගෙන ගොස් 😆 ඊජිප්තු පිරමිඩ තුල වර්තමාන ගුවන් යානා රූප සටහන් කල බව මෙම පුද්ගලයා ප්රකාශ කළා. 😂🤣😅
මේ තරම් ව්යාජ ,මතයක් ප්රකාශ කිරීමට මොහු කොතරම් මානසික ව්යාධියකින් පෙලෙන්නෙක් විය යුතුද?
තමන් ශිරාලි නම් ග්රහලෝකයේ සිට පැමිණි රාවණාගේ සෙන්පතියෙක් යයි කියාගමින් මෙම අමුලික ප්රෝ.ඩා.ක.රුවා මොන තරම් විහිලුකාරයෙක්ද යන්න මේ තුලින් දැකබලා ගන්න පුළුවන්. 💩💩💩
මෙවැනිම තවත් මහා රාවණ මිථ්යා ප්රචාරකයෙකු වන පුරාවිද්යා ගවේෂක යයි කියාගන්නා ලොරි ඩ්ර.යි.ව.ර් වරයෙකු මෙම සටහන යොදා අමුලික බොරුවක් ඇතුලත් කර “රාවණ රජුගේ සෙල්ලිපි” 😂 යයි ග්රැනයිට් ඵලකයක් ඉදිකර තිබෙනවා.
වඩාත් හාස්යජනක කරුණ වන්නේ පුරාවිද්යාව ගැන මෙලෝ දෙයක් නොදත් මෙම ලොරි ඩ්ර.යි.ව.ර් කරුවා මෙම ඊජිප්තු සටහන් කාබන් කාලනිර්ණය කර ඇතිබව මෙහි දක්වා තිබීමයි. 🤣😅
ඊජිප්තු රුපාක්ෂ සටහන තිබෙන්නේ ගල් කණුවක. ගල් වල කාබන් පරමාණු ඇත්තේ නෑ. සාමාන්ය පෙළ සිසුන් පවා දන්නා ගල් කාබන් කාල නිර්ණය කිරීමට නොහැකි බවවත් නොදන්නා කමෙන්ම මෙම ලොරි ඩ්ර.යි.වර් කරුවාගේ පුරාවිද්යා දැනුම හෙළිදරව් වෙනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මෙම හෙලිකොප්ටර බොරුවත් රාවණ වාදීන්නිර්මාණය කරන ලද්දක් නෙවෙයි. මෙය ඇත්තටම කාලයක් තිස්සේ අන්තර්ජාලයේ සංසරණය වුනු පින්තුරයක්. රාවණ මිථ්යා ප්රචාරකයන් සාධක අතරින් කොතරම් බංකොලොත් ද කියනවා නම් මොවුන් සාධක ලෙස පතුරවන බොරුවත් අනුන්ගෙන් හොරකම් කරගත් බොරුවක්. මෙම අහස යානා බොරුව යුරෝපයේ ප්රචලිත වී තිබෙන්නේ 2005 – 2010 වගේ කාලයේදී. පසුව ඒ පිළිබඳව ඊජිප්තු පුරාවිද්යාඥයන් හා රුපාක්ෂර විශ්ලේෂකයන් විසින් ඉතා හොදින් තොරතුරු පැහැදිලි කර නිරාකනය තිබියදී තමයි මොවුන් 2020 දීත් මේ තුලින් සමාජය මුලා කිරීමට උත්සහ කරන්නේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතින් මිත්රවරුනි මේවා හොයන්න, ඉගෙනගන්න, පරිවර්තනය කරන්න දැනුම බුද්ධිය හා මොළය කියන දේවල් ඕනි. රාවණා ඉතිහාස නමින් බොරු බේගල් පතුරවන ප්රෝඩාකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට ඒ තුනම නැති නිසාත් ඒවා අවශ්ය නැති නිසාත් බටකොළ ආච්චිගේ කොස්ස වගේ ගල් පැලෙන බොරුවක් හදලා කියන ඒක තමයි එකම විසදුම. ඉතින් මිට පස්සේ මේ වගේ බොරු වලට අහුවෙන්න කලින් හොදට හොයලා ඉන්න.
සරලවම කියනවා නම්
* රාවණා නම ගෑවුනා නම් ඒ අමුලික බොරුවක්
* රාවණා නම ගාවගත්තා නම් මහා ප්රෝඩාකාරයෙක්
බව රාවනා වන්දනා කරුවන් විසින්ම රටට ඔප්පු කර තිබෙනවා.
රාවණා ඉතිහාසය මතුකරනවා කියමින් සමාජය නොමග යවනා වංචාකරුවන් ඉතිහාස සාධක ලෙස ඉදිරිපත් කරනා මෙවැනි අමුලික බොරු රාශියක් මිට පෙර ලිපි රැසකින් විස්තර කළා.-
රාවණ මිථ්යා සාධක වල සත්ය හෙළි කරන මෙවැනි ලිපි දුටු විට රාවණ වාදීන් සංවිධානාත්මකව මෙම ලිපි හා ගිණුම් රිපෝර්ට් කිරීම සිදුකරනවා. ඔවුන් මෙම බොරු ප්රචාරය කරන්නේ මාධ්ය ඔස්සේ මහා පරිමාණයෙන් මුදල් වියදම් කරමින්.
මෙම කරුණු ශෙයා කර මිනිසුන් දැනුවත් කරන්න. හැකි උපරිමයෙන් මෙම කරුණු නැවත පලකරන්න.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය