භූගත නිල්දිය පොකුණ Rawana nildiya pokuna



නිල්දිය පොකුණ
නිල්දිය පොකුණ





මොකක්ද මේ නිල්දිය පොකුණ කියන්නේ. ?
Full video Link
https://youtu.be/LW7PegcZMKo

මේක වසර 20කට අධික කාලයක් තිස්සේ මිනිස්සුන්ගෙ හිතට කුතුහලයක් ගෙනත් දුන්න තැනක්.සමහර පුද්ගලයන් විසින් රාවණා සම්බන්ධ කරමින් ඒ පුරාවෘත්තයට සම්බන්ධ කරත් මේ පිලිබද ගවේෂණය කරන්න සැහෙන පුද්ගලයන්ට ආසාවක් ආවත් සියලුම දෙනා ගවේෂණය අවසන් කරන්නේ පොකුණ අසලින්.

ඉතින් මෙත්තානන්ද කියන ඒ ගමේ පුද්ගලයා 2000 වසරේදි පමණ මේ ගුහාව සහ පොකුණ සොයා ගැනීමත් සමග මේ පොකුණ අසලට යැමට විශාල පිරිස් සුදානම් උනා වගේම සමහරුන් ගැඹුර පරික්ෂා කිරිමට පවා පීහිනුම් කටයුතු පවා කරනු ලැබුවා. නමුත් හැම කෙනෙක්ම පොකුණ අසලින්ම නැවතෙන්න සිදු උනේ කැලි කැපිය හැකි තරම් ඝණ අදුරත් ඉතාමත් සීතල වතුරත් ගුප්ත බවකින් යුත් නිසායි.

නමුත් වර්ෂ 2017 දි අපේ රටේ විශිෂ්ඨ කිමිදුම් කරුවෙක් වෙන සහ අන්තර්ජාතික ගුහා කිමිදුම් (Cave Diving) ශිල්පියෙක් වෙන දර්ෂණ ජයවර්ධන විසින් මෙහි ගවේෂණ ආරම්භ කරනවා. ඔහු විසින් මේ නිල්දියපොකුණ යටින් තියන ගුහා සහ කූටීර සියල්ලම පවා හදුනාගෙන,ගවේෂණය කර, සිතියම් ගත කරනු ලබනවා.

ඒහිදි නාමකරණය සිදුකළ යුතු වන අතර අප විසින් නාමකරණයට වාල්මිකි විසින් රචිත පුරාවෘත්ත සාහිත්‍යයක් වන රාමායණයට අනුව එහි ඇති නාම වලින් අප මේ ස්ථාන නාමකරණය සිදු කරනු ලබනවා. ( එයට හේතුව වනුයේ මෙ ස්ථානය රාවණා සම්බන්ධව ගෙතුනු කතා නිසාත් කිසිදු පුරාවිද්යාත්මක සාධක පවා මෙ ගවේෂණයන්හිදි නොලැබුන නිසාත් නාමකරණයට ඒ පුරාවෘත්ත කතාවට සම්බන්ධ කරනු ලැබුවා.)
පහලින් හදපු මැප් එකත් දැම්මා.

එ වගෙම කියන්න ඔන මෙ සියල්ලේම කතෘ අයිතීන් වෙනස් කිරීම් සහ පිටපත් කිරීම් වෙනස් කිරිම් කරන්න එපා උපුටා ගන්නවා නම් credits දෙන්න. මොකද මේවාට නීතිමය පසුබිම හදලා තියෙන්නෙ අදාල ආයතන හරහා..( සමහර අය මෙවා යොදාගෙන මිත්‍යා මත ගොඩ නගන නිසාවෙන්....)

2020 සැප්තැම්බර් අන්තිම සති කිහිපයෙදි මට දර්ෂණ අයියා කතා කරනවා
" මල්ලි, ලබන මාසේ මැද සතියේ ප්ලැන් කොහොමද? වතුරේ ද කැලේ ද නැත්තම් ගෙදර ද ?" ඉතින් විශේෂ වැඩක් තිබුනේ නැති නිසාත් මන් කිව්වා මුකුත් නැ කොහෙද යන්නේ වතුරකටද කියලා. කෙලින්ම කිව්වේ රාවණා හොයාගෙන ඉවර කරමුද අන්තිම ටිකත් කියලා... ගත් කටම හා යන් කිව්වාට අපි ප්ලැන් කරේ සදුදා හරි සිකුරාදා දවසක නැත්තම් වෙනත් සතියේ දවසක මේ කිමිදුම් වැඩේ ඉවර කරන්න.මොකද සති අන්තේ මේක බලන්න කට්ටිය එන නිසා අපේ කිමිදුම් වැඩේ හරියට කරන්න බැරි නිසාවෙන්.(අත්දැකිම් තියන නිසාවෙන් ),.ඔන්න ඔක්තෝම්බර් දෙවන සතිය වෙන් කරා වැඩේට. ඔක්කොම රෙඩි කරන් ආවත් ඔෆිස් එකේ නිවාඩු ප්‍රශ්නයක් සහ මගේ වෙනත් නිතීමය ප්‍රශ්නයක් නිසා දවස් වෙනස් කරගන්නත් වෙන ලයින් එකක් එද්දි අයියා කිව්වා අපේ ගයිඩ් වෙන මෙත්තා සහ ටීම් එකට ඒ දවස් අපහසුයි කියලා.ඉතින් අපි මෙත්තාට පහසු දවසක් බලපුවාම ඔක්තොම්බර් 5 එනම් මාසේ මුල් සතියේ සදුදා මේ ගමන ඔකේ කරගත්තා. නිවාඩු නැති මන් නිවාඩු දාගෙනම ඔන්න ඉරිදා උදේ 9ට විතර මගේ ගම වෙන කදානෙ ටවුන් එකට ආවා මගේ යාලුවා දුලාජ් එක්කම.

දර්ෂණ අයියා ක්‍රිශාන්ත අයියා එක්ක වැන් එකේ ටැන්කි ටිකයි ඩයිවින් බඩු ටිකයි අරන් ආවා කදානට.මාවත් අරන් එහෙම්ම හයිවේ දාලා අපි ගියා ඇල්ලට.හයිවේ එකෙන් එලියට ඇවිත් රත්නපුරේ හරහා ඇල්ලට එනකොට හවස 3-4 අතර ඇති.අපි ඇල්ල ගැප් එකේ විව් එක බලන ගමන් තේ එකක් බොන ගමන් අපේ ඉදිරි ගමන සහ ගවෙෂණ විස්තර කතා කරනකොට රැ උන නිසා රැ කැමත් අරගෙන හරියටම 8 වෙද්දි නිදාගන්න ගියේ උදේ පාන්දර 7 වෙද්දි මෙත්තා සහ ටීම් එක එක්ක ගවෙෂණයට යන්න පාන්දරම නැගිටින්න ඔන නිසාවෙන්.ඉතින් හොද නින්දක් එහෙම අරන් පාන්දරම අපි ගියා මෙත්තාව බලන්න.මගදි අපිට අපේ යාලුවෙක් එකතු කරගත්තා ඒ Ella Jungle Resort එකේ Tharindu අයියාව.ඉතින් අපි කට්ටියම ගියා ටීම් එකත් එක්කම ගුහා කට ලගට,එහෙම්ම අපි ගුහාව බහින්න යද්දි ටීම් එක අපේ ටැන්කි සහ ඩයිවින් බඩු පහලට අරන් ගිය හැටි නම් හිතාගන්නම බැ.මොකද ඒවා ගොඩක් බර නිසා.

අපි අපේ ඩයිව් කම්පියුටර් කැමරා සහ රෙගියුලෙටර් ටික විතරයි අරන් ගියේ. ඔහොම පහලට බැහැලා යනකොට වෙලාවකට බඩගාගෙන රින්ගලා එහෙම ගිහින් අපි ආවා විශාල කුටිරයට,එක මිටර් 15 උසක් තියනවා. ටීම් එක එතනදි වීවේකයක් අරන් යද්දි අපි කෙමෙන් කෙමෙන් ගුහාවෙ අවසාන පොයින්ට් එකක් විදිහට සැලකෙන පොකුණ අසලට ඇවිත් රෙඩි උනා ඩයිව් එකට.කලින් පාර ඩයිව් එකකදි එක ටැන්කියක් වැටුනා වතුරට. ඒක ගන්නම බැරි විදිහකට තිබුනේ හිර වෙලා.මෙත්තා සහ අයියා මාරම මහන්සියක් දාලා තමා ඒක අරගත්තේ.ඔන්න ඒ මතකයත් අලුත් කරන් රෙඩි උනේ ටැන්කිත් පරිස්සම් කරගෙන,මෙත්තා සහ ටීම් එකෙන් සපොර්ට් එක අරන් රෙඩි උනා ඩයිව් එකට. 5mm වෙට් සූට් එකක් ඇන්දා සීතල ආසන්නවම 17 සෙල්සියස් අගයක් තිබ්බ නිසා.ඔය අතරවාරයෙදි කැමරාවෙ බැටරියකුත් නැති කරගත්තා මන්. ඔන් දැන් ඔක්කොම ඩයිව් එකට රෙඩි කරන් හරියටම 8.51 A.M. ඩයිව් එක පටන් ගත්තා.


තාවකාලික කේබල් (temporary cable) එක මතුපිට ආසන්න ගලක අටවලා හිමිට යටට යන්න පටන් ගත්තා.එහෙම්ම මුලින්ම ගියේ Lanka Point එකට. එතන තමා permanent cable එක තියලා තියෙන්නෙ.විශෙෂයෙන් කිව්වොත් ඩයිවර් කෙනෙක් නොවන (Non Diver)විශෙෂයෙන් ගුහා ඩයිව් නොකරපු කෙනෙක් (Cave Dive) මේ දේවල් බලන්න තිය අත්හදාබලන්න යන එකෙන් වලකින්න කියලා මන් ඉල්ලනවා.මොකද යම්කිසි සුලු දෙයක් උනත් ඇති ජිවිතයම විනාශ වෙන්න ඒ නිසාමයි permanent cable එක අපි මතුපිටට ආසන්නයටවත් ගේනත් තියලා නැත්තේ. ඔන්න දැන් Point එකේ ඉදන් ඉස්සරහට යන්න ගත්තම මුලින්ම හම්බෙනවා #JatayuPass එක,
එතනට යනකම් තියන පාර නම් කරා #රාවණ_මග කියලා.

මේක පට්ටම පොයින්ට් එකක්, මොකද වෙලාවකට ඩයිව් කම්පියුටර් වැඩ කරන්නෙ නැ නැත්තම් ටැන්කි වල හුලන් නැ,හෙනම විකාරයක් වෙනවා.ඉතින් මෙතනට ජටායූ කියලාම දැම්මෙත් රාමායණයේ ඉන්නවා ජටායූ කියලා දිව්‍ය කුරුල්ලෙක් එ කුරුල්ලා අරුනා සහ ඔහුගේ බිරිඳ ෂියානිගේ බාල පුත්‍රයා කියලා තමා තියෙන්නේ ඒ වගේම සම්පති කියන රාජාලියෙකුගේ ස්වරූපයක් තියන දෙවි කෙනෙක්ගෙ සහෝදරයෙක් කියලාත් කියනවා. ඒ වගේම සම්පති කියන්නේ රාමාගේ තාත්තා වෙන දශරත රජුගේ මිත්‍රයේක්. ඒ නිසා ඒ කරදරකාර ජටායු පොයින්ට් එක පහු කරලා ඉස්සරහටම යද්දි #රාම_මග හම්බේනවා.

මේ රාම මග ආසන්නව මීටර 100ත් 200ත් අතර දුරක් පවතිනවා ඒ වගේම මේ පාර අවසන් වෙන්නේ #Kosala_Point කියලා නම් කරපු පොයින්ට් එකෙන්.ඒක #රාම #රාවණ සහ #සීතා මග සම්බන්ධ වෙන පොයින්ට් එකක් ඒ නම දෙනවා Kosala කියලා.මෙතන ආසන්න වශයෙන් ගැඹුර මීටර 23ක් වෙනවා.මේ හරිය ඉතාමත් භයානක ස්තානයක්.මොකද වායු බුබුලු පිටකිරිම නිසා ඉහලින් තියන ගල් ස්ථර කැලි කඩන් ඇගටම වැටෙන්න ගන්නවා.විශේෂම දේ මෙ වතුර යට තියන ගල් දුර්වල ගල්.කාලයක් ජලය තුලම තිබ්බ නිසාද දන්නේ නැ මේ ගල් කැඩෙනවා අල්ලනකොටත්.ඉතින් භයානකම කම කොච්චරද කියලා බලන්න පුලුවන් විඩියෝ එකේ 11 වෙනි මිනිත්තුවේ කිමිදුම්කරුවට වෙන අනතුර දැක්කානම්.හෙල්මට් එක දාගෙන හිට්ය නිසාත් වැඩි අනතුරක් උනේ නැ. එතනින් ඉස්සරහට ගියා #සීතාමග ඔස්සේ. සීතා මග දිගේ යද්දි අවට නිරික්ෂණය කරද්දි කිසිදු පෞරාණික නටබුන් යැයි කියන්න පුලුවන් දේවල් හම්බුනේ නැ.

තවත් ඉදිරියට යද්දි පොඩි Slop එකක් හම්බෙනවා ඒකට නම් කරේ #Urmila_Bhumi කියලා. මෙතන වතුර හරිම නිස්චලයි වගෙම මෙතන Shallow Water ප්ලේස් එකක්.එතනදි තව මීටර්4 ක ගැඹුරක් හම්බෙනවා එතකොට හිතාගන්න පුලුවන් නේ පොකුණෙ මේ වෙනකොට ගැඹුර. එතනින් එනවා #සීතාමග ඔස්සේ ඉදිරියට.ආවාම එක්තරා ගල් කුලක් වටේ කැරකෙන විදිහක් තමා තෙරුනේ,ඔතනදි මීටර 100 ඒද්දි ගැබුර වෙනස් වෙනවා මීටර 16කට.එ කියන්නේ නැග්මක්.අපි ඒ ඔස්සේ ආවම සීතා මගේ දකුණු අතට තව පාරක්.ඉතින් ඒ පාරේ නොයා ඉස්සරහට ආවාම හම්බෙනවා ගල් කුලක්.එතනින් අවසන් වෙනවා සීතාමග,එතන හරියටම බැලුවොත් ආපහු ඇවිත් මෙත්තා සහ ටීම් එක ඉන්න තැනට එහා පැත්තට,එ කියන්නේ ආරම්භක ස්තානයටම අපහු ඇවිත් වෙනම පාරකින්.නමුත් එතනින් මෙත්තා සහ ටීම් එක ඉන්න තැනට එන්න අපහසු නිසාත් #Mithila_Point ලෙස නම් කරලා එහෙම්ම අපහු ගියා පහලට.යනකොට මන් අර කිව්ව දකුණට හැරෙන්න තිබුන පාරෙන් යද්දි ගිහින් වැටුනෙ ආයෙම රාවනා මගටමයි,ඉතින් තෙරුම් ගත්තා යම් කිසි දෙයක් වටා කැරකුන බව.එ ගැන සෝදිසි කරනකොට රාවණ සහ සීතා මග එකතු කරන මගට Athara මග කියලා නම් කරා ඒක 50-60 මිටර් දිගකින් යුක්තයි.ඔය වටේ ආයෙ කැරකෙනකොට තමා හම්බුනෙ මැද තියන මහ කූටීරය.එක නම් කරා #හනුමා කුටිරය (Chamber of Hanuma) විදිහට. මේ සියල්ල නම් කිරීම් සිදු උනේ මෙ ඔක්තෝම්බර් 5 කරපු 11 වෙනි ගවෙෂණයෙන් නෙවෙයි අවුරුදු 3ක් තිස්සෙ කරපු අනිත් ගවෙෂණ 10ම එකතුවකින් සාරන්ශයක් විදිහට මන් මේක කිව්වෙ.

ඔන්න 11 වෙනි ගවෙෂණයෙන් කරන්න හෙව්වෙ තව මග හැරුණු කොටස් තියනවාද කියලා බලන්න සහ පෞරාණික දෙවල් පිලිබද හොයන්න, උඩ කිව්ව හැම පාරකම ගිහින් යනකොට Kosala Point එකේදි කේබල් එකේ පැටලිලා සම්පුර්ණයෙන්ම කරන්න ආපු දෙ විනාස වෙන තත්වයක් ආවෙ. තනියම කේබල් කපාගෙන අපහු ගැටගහනකොට ගල් කඩන් වැටිලා ඔලුවත් මඩේ හිරවෙලා එනකොට වතුර යට කැස්සකුත් එනවා.එ කට්ටත් කාගෙනම අලුතෙන් තව කුටිරයක් හොයාගන්නවා කොනටම වෙන්න.ඒක නම් කරා #Dasharatha_Chamber කියලා. එහෙම්ම අලුතෙන් කෙබල් එකක් එකතු කරලා ඇදගෙන ඉස්සරහට යනකොට සීතල සහ කාලය සීමිත බව නිසා නැවත 12වෙනි ගවෙෂනයට කල් දමා නැවත පොකුණට එන්න පිටත් වෙනවා. එදින වතුර මට්ටම පෙර කිමිදුම් වලදි තිබුනු මට්ටමට වඩා අඩු බැවින් මෙදින ඩයිව් එකේදි සම්පූර්ණ කිමිදුම් ගැඹුර මීටර 23ක් විය,නැත්නම් එය මීටර 30ක් විය යුතුය.,

මෙත්තා සහ එයාගෙ ටීම් එකේ පූර්ණ සහයෝගය මත තමා මෙ ගමන තීරණය උනේ.මොකද ඩයිව් එකක් කරන්න කලින් වෙහෙසෙන එක සහ ඩයිව් කරලා වෙහෙසෙන එක තරමක් අවදානම් සහගත දෙයක්.ඉතින් මේ ගමනෙදි බර උස්සන් ගිය මෙත්තා සහ ටීම් එකට මේ සම්පූර්ණ ගවෙෂණයෙ ක්‍රෙඩිට්ස් දෙන්න වටිනවා.ඒ වගෙමයි අපේ රටේ තවමත් මිනිස්සු නොදන්න රටෙ වටින තවත් එක මැණිකක් වෙන දර්ෂණ අයියාටත් සම්පුර්ණ ගෞරවය හම්බෙන්න ඔන,මොකද මේ ගවේෂණය සම්පුර්ණයෙන්ම ඔහුගෙ.මෙ සියල්ලටම ගෞරවය ඔහුට හිමිවිය යුතුය,

- nipun samintha



භූගත රාවණ පොකුණ
භූගත රාවණ පොකුණ 






Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය