Posts

පාරාවෝ සහ රාවණා Rawana pharaoh

Image
රාවණ පාරාවෝ රජ රාවණා පිළිබඳ අසත්‍ය ප්‍රවාද පතුරවන්නන් ඊජිප්තු පිරමිඩ ආදිය ලංකාවට පටවාගැනීම සදහා පාරාවෝ යන නාමය පිළිබඳව අමුලික බොරු සමාජගත කරන බව දකින්න ලැබෙනවා. ඊජිප්තු දේව මණ්ඩලයේ සුර්ය දෙවියන් රා නමින් හැදින්වෙන නිසා රා-වනා යනු සුර්ය වංශිකයා බවත් පාරාවෝ යනු ලංකාවේ සිට ඊජිප්තුවට ගොස් ඊජිප්තුව පාලනය කල රාවණ හා ඔහුගේ යටත් පාලකයන් බවත් මොවුන් ප්‍රචාරය කරනවා. මෙම මතය මුලින්ම සමාජගත කර ඇත්තේ  අරිසෙන් අහුබුදු විසින් බව දකින්න ලැබෙනවා. මොන පණ්ඩිත වියතෙක් විසින් ප්‍රචාරය කලත් අසත්‍ය නුගත් මත අසත්‍ය නුගත් මතමයි. මෙම පාරාවෝ විකෘතිය ඊජිප්තු භාෂා හා ඊජිප්තු ඉතිහාසය නොදත් කමින් නිර්මාණය කරන ලද ඉතාම නුගත් මතයක්. ඊජිප්තු භාෂාවෙන් පාරාවෝ කියා වචනයක් ඇත්තේ නෑ. ඊජිප්තු රජවරුන් හැදින්වුයේ " ෆේරෝ" ලෙසින්. එය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ " pharao" විදියටයි. ෆේරෝ ලංකාවේ පාරාවෝ බවට් පත් කරගෙන තිබෙන්නේ ඊජිප්තු භාෂාව වත් ඉංග්‍රීසි උච්චාරනයවත් නොදන්නා අන්ධ පුද්ගලයන් විසින්. නිවැරදිව pharao උච්චාරනය කරන ආකාරය අන්තර්ජාලයෙන් උවත් සොයා බැලිය හැකි :- (  https://www.youtube.com/watch?v=zx

අනෝමා නදියෙන් එතෙර වීම ගැන බොරු පැතිරවූ හැටි

Image
බුදුන් ඉපදුනේ ලංකාවේ යයි අමුලික අසත්‍ය පතුරවන පුද්ගලයන් සිදුහත් කුමරු අනෝමා නදියෙන් එතෙර වීම පිළිබඳව සකස් කල චායරුපයක් නිතර තැන් තැන් වල පලකරන බව ඔබ දකින්න ඇත. මෙම චායාරුපය තුල කරුණු දක්වා තිබෙන ආකාරය පැහැදිලි ක්රගනිමෙන් බුදුන් ලංකාවේ උපන් බව කියනා පුද්ගලයන් කෙතරම් තුච්ච අසික්කිත ලෙස අසත්‍ය කරුණු දක්වා සත්‍ය යටකර තමන්ගේ මතය සමාජගත කිරීමට උත්සහ කරනවද යන්න හොදින් පැහැදිලි කරගත හැක. ධර්මය හා ඉතිහාසය විකෘති කිරමට මොවුන් කෙතරම් නිවට ලෙස කරුණු විකෘති කරනවාද යන්න මේ තුලින් දැකබලා ගත හැක. ** මොවුන් පලකරන චායාරුපයේ අනෝමා නදියක් නැත. ඉතා කූට ලෙස හිතාමතාම කපිලවස්තුවේ සිට බිහාර් ප්‍රාන්තය දක්වා දුර දක්වා ඇත. අනෝමා නදිය තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නොව නේපාලයේ දකුණු ප්‍රදේශයේයි. එය habrorah ලෙසින් හදුන්වන ඉතා කුඩා නදියකි. බෝසතුන් චන්න ඇමති නැවත හරවා යැවූ ස්ථානය වර්තමානයේ රාමග්‍රාමයයි. ( http://www.island.lk/2008/08/25/features4.html  ) * කපිලවස්තුවේ සිට රාමග්‍රාමයට ඇත්තේ කි.මී. 67 කි. *** මොවුන්ගේ චායාරුපයේ අශ්වයෙකුට යා හැකි දුරද ඉතාම තුච්ච ලෙස විකෘති කර පළකර ඇත. සාමාන්‍

බුදුදහමේ ව්‍යාප්තියෙන් හෙළිවන බුදුන් උපන් භුමිය

Image
බුදුවරයෙක් ලොව පහළ වෙන්නේ ලෝ සතුන් දුකින් මුදවාලීමේ මහා කරුණාවෙන් යුක්තවයි. බුදුවරයෙකුගේ කරුණාව දුපතක මිනිසුන්ට සීමා වෙන්නේ නෑ බුදුවරයෙකුගේ කරුණාව මුළු මහත් විශ්වයේම සතුන් කෙරෙහි පැතිරුණු කරුණාවක්. බුදුවරයෙක් දුපතක ඉපදුනොත් දුපතේ මිනිසුන්ටයි දුපත වටේ මුහුදේ මාලුන්ටයි මිසක් ලෝකය පුරා ප්‍රඥාවන්ත මිනිසුන්ට  ධර්මය ගලායන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ. මේ නිසයි බෝධිසත්වයන් වහන්සේ මිනිස් ලොව ඉපදීමට ප්‍රථමව පස්මහ බැලුම් හෙළා දීපය ඥානවන්තව තෝරන්නේ. ලෝකයට අග්‍ර බුදුවරු හා චක්‍රවර්ති රජවරු උපදින "ජම්බුදීපය" යනු ලෝකයේ තිබෙන මහාද්වීප හතරෙන් එකකි. දිව්‍ය/මනුස්ස ලෝක වලට අග්‍ර මහා පුරුෂයන් වන බුදුවරුන් හා චක්‍රවර්ති රජවරු පහල වන්නේ මහා භෞතික හා මිනිස් පරිවාර සම්පත් සහිත "මහාද්වීපයක" මිස මහාද්වීප වටේ තියන ලංකාව වැනි කුඩා පරිවාර දිවයින් වල නොවේ. ලෝකයේ ප්‍රධාන ගොඩබිම් ලෙස තිබෙන මහාද්වීප හතර ධර්මයේ සඳහන් වන්නේ; 1-ජම්බුදීපය, 2-උත්තරකුරු දීපය, 3-පුබ්බවිදේහය, 4-අපරගෝයානය ලෙසය. ඒ මහාද්වීප වල පරිවාර දිවයින් ලෙස මහාද්වීප වටේ ලංකාව, මාලදිවයින වැනි බොහෝ රටවල් තිබේ. බුදුවරුන් හා චක්‍රවර්ති රජවරු

ඉසින් බැස්ස ගල අතීතයේ කිසිදින ඉසිපතනාරාමය වී නැත

Image
සුද්දෝ අපේ රටේ බලය ගත්තේ අවුරුදු 200කට පෙරද? අවුරුදු 1700කට පෙරද? මම මෙහෙම අැහුවේ මීට අවුරුදු 1700කට පෙර සිටම ඉසින්බැස්සගල හඳුන්වලා තියෙන්නේ "අසියකර" නමින්. එතකොට අවුරුදු 1700කට පෙර හිටපු මිනිස්සුන්ටත් අමතක වුණාද ඉසිපතනාරාමය කියන නම? ලංකාවේ ඉතිහාසය වෙනස්කලේ සුද්දලුනේ එ්කයි මම මෙහෙම අැහුවේ... මේ ලිපිය කයවලාම බලන්නකෝ... මෙහි දැක්වෙන්නේ මැදවච්චිය ඉසින්බැස්සගල විහාරයෙන් නොබෝ දිනකට පෙර හමු වු සෙල්ලිපියයි. මෙය ඒ විහාරයේ තිබෙන පිහිටි ගල්පර්වතයක කොටා තිබෙන්නක්. ස්වභාවික උවදුරැවලට ලක්වීමෙන් එය සෑහෙන දුරට මැකී ගොස් තිබෙනවා. මෙම සෙල්ලිපිය මීට අවුරැදු 1700 කට පමණ ඉහත කාලයකදී කොටවන ලද්දක් බව එහි තිබෙන අක්ෂර අනුව වටා ගත හැකියි. නාගදාඨා සහ සුමනගෝණ නමින් හදුන්වන ලද පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම විහාරයට වැවකින් ලැබෙන ආදායම පූජා  කළ බව එහි සදහන්. ඒ කාලයේ මෙම විහාරය හදුන්වා දී තිබෙන්නේ අසියකර විහාරය යනුවෙන්. අසිය යන පදය පැරණි සිංහල භාෂාවේ සෘෂි යන පදයට සමාන තේරැමකින් සෙල්ලිපිවල යොදා තිබෙනවා.අසියකර යන නමේ සම්පූර්ණ තේරැම සෘෂීන් විසූ විහාරය ලෙස ගත හැකියි. අද එය ඉසින්බැස්සගල වුවත් එදා එය ඉසින්විසු

ලංකාවේ බුද්ධ චරිත ස්ථාන එකම රේඛාවක පිහිටන්නේ නැත

Image
මිව්නපලානේ ධම්මාලංකාර ශ්‍රමණ වෙෂධාරියා විසින් සදහන් කරන බුද්ධ චරිතයට අදාළ ලංකාවේ පිහිටි ස්ථාන හතර එකම රේඛාවක පිහිටනවා යයි කියමින් එය මහත් ආශ්චර්යයක් ලෙස ප්‍රචාරණය කරන ලදී. නමුත් සැබවින් පරික්ෂා කර බලන විට ඒවා ඇත්තේ එකම රේඛාවක නොවේ . ඔවුන්ගේ කණ්ඩායම විසින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන චායාරුප වල එම ස්ථාන එකම රේඛාවක් ලෙස සටහන් කිරීමෙන්ම නිරුපනය වන්නේ ඔවුන්ගේ ලේ වල දුවනා වංචාකාරී බවයි.

සද්දනීතිප්‍රකරණය පාලි ව්‍යාකරණ ග්‍රන්ථයෙ ජම්බුදිප අර්ථය

Image
manu  දඩමස් මවල⁣ පෙන්වන්න ගිහින් මීවනසාදු නැට්ටෙ ඉඳන්ම ගොම ගාගෙන තීන හැටි  😂 💥 🔫 "මීවනසාදුගෙ 'ජන්බුද්වීපය' vs සද්දනීතිප්පකරනය. මීවනසාදු බෝම ඉහලින් වර්ණනාකරන පොතක් තමයි "සද්දනීතිප්පකරනය' කියන්නෙ. මීවන සාදු කියනවිදියට මාගධි භාශාව භාවිතා කරනකොට අනුගමනය කරන්න ඕනි ව් ‍ යාකරන රීති තීන්නෙ සද්දනීතිප්පකරනයේ කියල එයාගෙ දායක ඇත්තෙක්ගෙ පොස්ට් එකක තිබුන.මටත් ඉතින්  ඔය පොත ඩව්න්ලොඩ්කරගන්න ලින්ක 1 ලැබුන නිසා මාත් ඩව්න්ලොඩ්කරගත්ත.අද නිකමට වගේ ඒක පොඩ්ඩක් කියවලබලන්න ගත්තු වෙලේ මතක්වුනා මීවනසාදුගෙ 'ජන්බුද්වීප' කියන මාගධි වචනේ විග් ‍ රහකරද්දි යොදාගන්න ඕනි ව් ‍ යාකරන රීතිය ඒකෙ කොහොම ඇතිද බලන්න ඕනි කියල.මොකද මීවනසාදු ලීව 'ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනාගතයුත්තෙ ඇයි ?' කියන පොතේදී 'ජන්බුද්වීපය යනු (ජන්+බුද්+ද්වීප) "බුදුන් ජන්මය ලබන දීපය" යන අර්ථය ඇති මාගධි භාශාවේ පද තුනකි' කියන විදියට විග් ‍ රහ කරල තිබුන නිසා. ඒත් ඉතින් ඒ පොතේ කොතනකවත් 'ජන්බුද්වීප' කියල වචනයක්නම් හොයාගන්න තිබුනෙ නෑ.ඒකෙ තිබුනෙත් අපි කව්රැත් අහල තීන 'ජම්බුදීප

කොළඹට නුදුරින් දඹදිව පිහිටි බව ඇති ඉංග්‍රීසි ග්‍රන්ථය

Image
බුදුන් ඉපදුනේ ලංකාවේ බව තහවුරු කිරීමට ෆොටෝ කොපි පේස්ට් කරන පුද්ගලයන් පැරණි ඉංග්‍රීසි පොතක ඇති චායාරුපයක් පෙන්වමින් කොළඹට නුදුරින් දඹදිව ඇති අයුරු එම ග්‍රන්ථ රචකයා ලියා ඇති ආකාරය පෙන්වනවා. එම ග්‍රන්ථය පිළිබඳව මෙම අන්ධයන්ට කිසිදු අදහසක් නැත. මේ විස්තර වෙන්නේ ෆෙඩ් ‍ රික් නෝර්ත් ආන්ඩුකාරයා උඩරට ප් ‍ රධානීන් සමඟ ගිවිසුමකට එලැඹීමට ගත් උත්සාහයක් ගැන තොරතුරුය..මේ ලියූ සුද්දා දඹදිව කියා වැරදියට මේ ගැන ලියා තිබුනද මේ සිදුවීම ගැනම ලියන forbes නම් සුද්දා ඒ හමුවීම තිබුනේ දඹදෙණියේ බව eleven years in Ceylon නම් සිය ග් ‍ රන්ථයේ මෙසේ සටහන් කර ඇත. අනිත් එක එහි කලින් රාජමාලිගාවක් පිහිටා තිබූ රාජධානියක් බවද සදහන් කර ඇති නිසාත්, කොලඹින් සැතපුම් පනස් ගණනක් නැගෙනහිරට වෙන්නට තිබූ බව කියන නිසාත් මේ ලේඛකයා කරුණු නොදත්කමට දඹදෙණිය දඹදිව පටලවාගෙන ඇති බව තහවුරු වෙයි.. ක් ‍ රිස්තු වර්ෂ 1803 දී උඩරට රජුට එරෙහිව කැරලි ගැසූ රදළ ප් ‍ රධානීන් හා ෆෙඩ් ‍ රික් නෝර්ත් ආන්ඩුකාරයා අතර ඇති කරගන්නට ගිය ගිවිසුමක් ගැනයි.. පොත ලියූ ලේඛකයාගේ නොදැනුවත්කම නිසා දඹදෙණිය යන්න දඹදිව වගට පටලවාගෙන ඇත.. කොලඹින් සැතපුම් පනස් ගණනක් නැ