අනෝමා නදියෙන් එතෙර වීම ගැන බොරු පැතිරවූ හැටි



බුදුන් ඉපදුනේ ලංකාවේ යයි අමුලික අසත්‍ය පතුරවන පුද්ගලයන් සිදුහත් කුමරු අනෝමා නදියෙන් එතෙර වීම පිළිබඳව සකස් කල චායරුපයක් නිතර තැන් තැන් වල පලකරන බව ඔබ දකින්න ඇත.

මෙම චායාරුපය තුල කරුණු දක්වා තිබෙන ආකාරය පැහැදිලි ක්රගනිමෙන් බුදුන් ලංකාවේ උපන් බව කියනා පුද්ගලයන් කෙතරම් තුච්ච අසික්කිත ලෙස අසත්‍ය කරුණු දක්වා සත්‍ය යටකර තමන්ගේ මතය සමාජගත කිරීමට උත්සහ කරනවද යන්න හොදින් පැහැදිලි කරගත හැක. ධර්මය හා ඉතිහාසය විකෘති කිරමට මොවුන් කෙතරම් නිවට ලෙස කරුණු විකෘති කරනවාද යන්න මේ තුලින් දැකබලා ගත හැක.


** මොවුන් පලකරන චායාරුපයේ අනෝමා නදියක් නැත. ඉතා කූට ලෙස හිතාමතාම කපිලවස්තුවේ සිට බිහාර් ප්‍රාන්තය දක්වා දුර දක්වා ඇත.
අනෝමා නදිය තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නොව නේපාලයේ දකුණු ප්‍රදේශයේයි. එය habrorah ලෙසින් හදුන්වන ඉතා කුඩා නදියකි. බෝසතුන් චන්න ඇමති නැවත හරවා යැවූ ස්ථානය වර්තමානයේ රාමග්‍රාමයයි. (http://www.island.lk/2008/08/25/features4.html )

* කපිලවස්තුවේ සිට රාමග්‍රාමයට ඇත්තේ කි.මී. 67 කි.



*** මොවුන්ගේ චායාරුපයේ අශ්වයෙකුට යා හැකි දුරද ඉතාම තුච්ච ලෙස විකෘති කර පළකර ඇත.
සාමාන්‍ය අශ්වයෙකුට පැය 8ක් ඇවිදගෙන යාමෙන් කි.මී 51 ක් ගමන් කල හැක. වේගයෙන් දිවීමෙන් කි.මී.67 ක් පැය දෙකතුනකින් ගමන් කිරීම ඉතාම පහසුවෙන් කල හැක.




කන්ථක අශ්වයා සාමාන්‍ය අශ්වයෙක් නොවේ. බුදුන් උදෙසාම සසරේ පින් කර ඉපදුනු අජානේය අශ්වයෙකි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අනන්ත පිනක් ඇති බුදුන්ට ගමන් යාමට සාමන්‍ය අශ්වයන් ලැබෙන්න නැත.

ඛුද්දක නිකායට අයත් ඕපව්‍යහ තේරාපදානයේ සඳහන් පරිදි අජානීය අශ්වයන් යනු වාතවේගයෙන් ගමන්කලහැකි අධික ජවසම්පන්න අශ්ව විශේෂයකි.
(’’මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ආජානීය අශ්වයෙක් දුනිමි. බුදුරජාණන් වහන්සේට (එම අශ්වයා) භාරකොට දී ස්වකීය ගෘහයට ගියෙමි.
34
’’උතුම් ධර්‍මයට දායාදීවූ (පදුමුත්තර) ශාස්තෘන් වහන්සේගේ නම්න් දෙවල නම්වූ අග්‍රශ්‍රාවක තෙමේ මාගේ සමීපයට පැමිණියේය. (පැමිණ මෙසේ කීය.)
35
’’භාග්‍යවත් තෙමේ සපත්තභාරය. (හෙවත් පාත්‍රය සහිත අටපිරිකර බර උසුලන්නේය.) උන්වහන්සේට ආජානීය අශ්ව තෙමේ කැප නොවේ. පසැස් ඇත්තාවූ බුදුරජ තෙම ඔබගේ අදහස දැන (එය) පිළිගත් සේක. (කියායි.)
36
’’ඉක්බිති මම වාතවේගය ඇති, ශීඝ්‍රව ගමන් යන වාහනයක්වූ සෛන්‍ධවයා මිළකොට (විකුණා) පදුමුත්තර බුදුරජාණන් වහන්සේට රිසිවූ (යෝග්‍ය පිරිකරක්) දුනිමි.)
එසේනම් අජානීය අශ්වයෙකු වූ කන්ථක අශ්වයාට එක් ගං ඉවුරක සිට අනෙක් ගං ඉවුර දක්වා පැන එතෙරවීමට ගංගාවේ පළල කොතෙක්ද යන්න ගැටලුවක් නොවේය.

*** එසේම බුදුන් වෙන් වී යන අවස්ථාවේ කන්ථක අසු ලය පැලීමෙන් මරණයට පත්වූ බව සදහන් වේ. මේ තුල සත්‍ය සැගවී පවතී. කන්ථක අසු වේදනාවෙන් ලය පැලී මරණයට පත්වන්නේ මේ වනවිට කන්ථක අසුට දරාගත හැකි උපරිම මට්ටමට හදවත වෙහෙස වී ඇති බැවිනි. මානසික වේදනාව දරාගත නොහැකි තරම් කායිකව වෙහෙසට පත්වී හදවත විඩාවට පත්වී ඇති බැවිනි. එනම් කන්ථක අසු තම උපරිම වේගයෙන් ගමන් කර ඇත.
ඒ අනුව සාමාන්‍ය අශ්වයෙකුට වඩා දස ගුණයක් පමණ ශක්තිය ඇති කන්ථක අසුට තම උපරිම වේගයෙන් ගමන් කර කපිලවස්තුවේ සිට රාමග්‍රාමයට පැය කිහිපයකින් යාම කජ්ජක් නොවේ.

* චන්න ඇමති කන්ථක අසුගේ එල්ලී ආ බව සදහන් වේ. එය තුලද සැගවුණු සත්‍යක් ඇතිබව පැහැදිලි වේ. අනෝමා නදියේ සමහර ප්‍රදේශ  ගැඹුර ඉතා අඩුය. බෝසතුන් අසු පිටින් ගමන් කරද්දී චන්න අසු අල්ලාගෙන පයින් ගමන් කිරීම මෙලෙස සදහන් කල බව එමගින් සිතිය හැක.
https://www.youtube.com/watch?v=uQA-TYpMBSw )

* අනෝමා ගංගාව බෝධි මණ්ඩලයට බස්නාහිරින් ඇති බවත් එයට දවස් හතරක ගමන් දුරත් ඇති බව පුජාවලිය, හයුන් සාන් සටහන් හා ත්‍රිපිටක දේශනා වල සදහන් වේ. රාම් ග්‍රාමයේ සිට බුද්ධ ගයාවට පයින් ගමන් කරන දුර පැය 78 ක් බව ගුගල් මැප් ඔස්සේද දැකබලා ගත හැක. එනම් දින 3.25 කි. දවසට වරක් ගිමන් නිවු විට එය දවස් හතරකි.




*** මොවුන් පලකල ඇති මැප් එකේම කපිලවස්තු ව සදහන් වෙන ආකාරය දුටුවාද? අතීතයේ සිට අද දක්වා කපිල වස්තුව හදුන්වන්නේ කපිලවස්තු ලෙසයි. ලංකාවේ කිසිදු නගරයක් කවදා හෝ ඒ නමින් හදුන්වා නැත. මොවුන් පලකල චායරුපයෙන්ම බුදුන් උපන්නේ ඉන්දියාවේ බව තහවුරු වේ.


බුදුන් ලංකාවේ ඉපදුනා යයි කියනා ngo කරුවන් ධර්මය හා ඉතිහාසය විකෘති කරන්නේ මෙන්න මේ ආකාරයටය. ඔවුන් ඉතාම සැලසුම් සහගතව කූට ලෙස තුච්ච ලෙස කරුණු විකෘති කර මිනිසුන් මුලා කර මෙවැනි තොරතුරු සමාජගත කරයි. මේවා පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් කරුණු නොදන්නා නිසාත් මේවා පිළිබඳ විමර්ශනයක් නොකරන නිසාත් ඒවා එක්වරම සත්‍ය ලෙස පෙනේ. නමුත් ඒවායේ ඇති කරුණු සොයා බලන විට මොවුන් අසත්‍ය විකෘතීන් සමාජගත කිරීමට කෙතරම් තුච්ච ලෙස කරුණු විකෘති කරනවාද යන්න දැකබලාගත හැක. මොවුන් පලකරන සෑම ලිපියක්, චායාරුපයක් පිටුපසම අසත්‍ය ව්‍යාජ කරුණු සිය ගණනක් සගවා ඇත. මා ඔබට ආරාධනා කරන්නේ මොවුන් පලකරන ලිපි, චායාරුප, කමෙන්ට් එකක් එකක් පාසා විමර්ශනය කර ඒවායේ සත්‍ය හෙළිකරන ලෙසයි. මොවුන් පළකරනා දේ පිළිබඳව සියලු දෙනා ගවේෂණය කරන්නේ නම් ඉතාම ඉක්මනින් බුදුන් ලංකාවේ යයි කියනා මිත්‍යාව ලංකාවෙන් තුරන් කල හැක.








Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය