සද්දනීතිප්‍රකරණය පාලි ව්‍යාකරණ ග්‍රන්ථයෙ ජම්බුදිප අර්ථය

manu

 දඩමස් මවල⁣ පෙන්වන්න ගිහින් මීවනසාදු නැට්ටෙ ඉඳන්ම ගොම ගාගෙන තීන හැටි 😂💥🔫
"මීවනසාදුගෙ 'ජන්බුද්වීපය' vs සද්දනීතිප්පකරනය.

මීවනසාදු බෝම ඉහලින් වර්ණනාකරන පොතක් තමයි "සද්දනීතිප්පකරනය' කියන්නෙ. මීවන සාදු කියනවිදියට මාගධි භාශාව භාවිතා කරනකොට අනුගමනය කරන්න ඕනි ව්යාකරන රීති තීන්නෙ සද්දනීතිප්පකරනයේ කියල එයාගෙ දායක ඇත්තෙක්ගෙ පොස්ට් එකක තිබුන.මටත් ඉතින් ඔය පොත ඩව්න්ලොඩ්කරගන්න ලින්ක 1 ලැබුන නිසා මාත් ඩව්න්ලොඩ්කරගත්ත.අද නිකමට වගේ ඒක පොඩ්ඩක් කියවලබලන්න ගත්තු වෙලේ මතක්වුනා මීවනසාදුගෙ 'ජන්බුද්වීප' කියන මාගධි වචනේ විග්රහකරද්දි යොදාගන්න ඕනි ව්යාකරන රීතිය ඒකෙ කොහොම ඇතිද බලන්න ඕනි කියල.මොකද මීවනසාදු ලීව 'ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනාගතයුත්තෙ ඇයි ?' කියන පොතේදී 'ජන්බුද්වීපය යනු (ජන්+බුද්+ද්වීප) "බුදුන් ජන්මය ලබන දීපය" යන අර්ථය ඇති මාගධි භාශාවේ පද තුනකි' කියන විදියට විග්රහ කරල තිබුන නිසා.


ඒත් ඉතින් ඒ පොතේ කොතනකවත් 'ජන්බුද්වීප' කියල වචනයක්නම් හොයාගන්න තිබුනෙ නෑ.ඒකෙ තිබුනෙත් අපි කව්රැත් අහල තීන 'ජම්බුදීප' කියන වචනෙම තමයි.ඒක පාලි භාශාවෙ එක එක විභක්තිවල වරනැගෙන විදිය බෝම පැහැදිලිව තිබුන.ඒකෙ තිබුන විස්තරවල හැටියට ජම්බුදීප කියන වචනෙ හැදිල තීන්නෙ ජම්බු සහ දීප කියන ශබ්ද දෙ⁣කෙන්.ඒකෙ එකතැනක ජම්බුදීප කියන්නෙ ජම්බු කියන නාමය ඇති දීපය (ජම්බුනාමකො දීපො) කියලත් තීනව.බුදුහාමුදුරැවො දේශනාකරල තීන්නෙත් ජම්බු කියන ශාකයක් නිසා ජම්බුදීපය වුනා කියලයි.ඒ වගේම ජම්බුදීපයෙ ගස් අතරින් ජම්බු ගහ අග්ර වෙනව කියල දේශනා කරල තීනවා. ඉතින් මීවන සාදු කියනවිදියට බුදුන් උපදින දීපය කියන අර්ථයෙන් මාගධි වචන 3ක් එකතුවෙල හැදුන ජන්බුද්වීප කියන මාගධි වචනය වෙනුවට ජම්බු කියන නාමයෙන් හැඳින්වෙන දීපයක් ගැන මීවනසාදු ඉස්මුදුනෙ තියාගෙන ඉන්න සද්දනීතිප්පකරනයේම තිබුනෙ මීවනසාදුගෙ පූරැවෙ කරැමයක් නිසාද නැතිනම් උන්දැ තාම සද්දනීතිප්පකරනය කියවල නැතිනිසාද කියල ඔයාලම තීරනය කරන්නකො.


දැන් අපි බලමුකො මීවනසාදුගෙ ජන්බුද්වීප කියන මාගධි වචනෙ සද්දනීතිප්පකරනයේ නැත්තෙ ඇයි කියලත්.ඒකට හේතුව ජන්බුද්වීප කියන වචනෙ හැදුන කියන මාගධි වචන 3 වෙන ජන්,බුද්,ද්වීප කියන වචන තුන ඇත්තටම මාගධි භාශාවෙ නැති වචන නිසා.ජන්,බුද් කියන්නෙ මීවන සාදුගෙ හිතලු වචන දෙකක්.ද්වීප කියන්නෙ සංස්කෘත භාශාවෙ තීන වචනයක්.මාගධියෙදි ද්වීප කියන වචනෙ දීප වෙනවා.එහෙනම් කලවම් භාශාවකින් තීන ජන්බුද්වීපය කියන වචනෙ සද්දනීතිප්පකරනයේ නැතිවෙන එක පුදුමයක් නෙවීනෙ.

- kalpana samadhi



සද්දනිතිපකරණය pdf download link (click here )















manu 

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය