කොළඹට නුදුරින් දඹදිව පිහිටි බව ඇති ඉංග්‍රීසි ග්‍රන්ථය



බුදුන් ඉපදුනේ ලංකාවේ බව තහවුරු කිරීමට ෆොටෝ කොපි පේස්ට් කරන පුද්ගලයන් පැරණි ඉංග්‍රීසි පොතක ඇති චායාරුපයක් පෙන්වමින් කොළඹට නුදුරින් දඹදිව ඇති අයුරු එම ග්‍රන්ථ රචකයා ලියා ඇති ආකාරය පෙන්වනවා. එම ග්‍රන්ථය පිළිබඳව මෙම අන්ධයන්ට කිසිදු අදහසක් නැත.


මේ විස්තර වෙන්නේ ෆෙඩ්රික් නෝර්ත් ආන්ඩුකාරයා උඩරට ප්රධානීන් සමඟ ගිවිසුමකට එලැඹීමට ගත් උත්සාහයක් ගැන තොරතුරුය..මේ ලියූ සුද්දා දඹදිව කියා වැරදියට මේ ගැන ලියා තිබුනද මේ සිදුවීම ගැනම ලියන forbes නම් සුද්දා ඒ හමුවීම තිබුනේ දඹදෙණියේ බව eleven years in Ceylon නම් සිය ග්රන්ථයේ මෙසේ සටහන් කර ඇත.

අනිත් එක එහි කලින් රාජමාලිගාවක් පිහිටා තිබූ රාජධානියක් බවද සදහන් කර ඇති නිසාත්, කොලඹින් සැතපුම් පනස් ගණනක් නැගෙනහිරට වෙන්නට තිබූ බව කියන නිසාත් මේ ලේඛකයා කරුණු නොදත්කමට දඹදෙණිය දඹදිව පටලවාගෙන ඇති බව තහවුරු වෙයි..

ක්රිස්තු වර්ෂ 1803 දී උඩරට රජුට එරෙහිව කැරලි ගැසූ රදළ ප්රධානීන් හා ෆෙඩ්රික් නෝර්ත් ආන්ඩුකාරයා අතර ඇති කරගන්නට ගිය ගිවිසුමක් ගැනයි.. පොත ලියූ ලේඛකයාගේ නොදැනුවත්කම නිසා දඹදෙණිය යන්න දඹදිව වගට පටලවාගෙන ඇත.. කොලඹින් සැතපුම් පනස් ගණනක් නැගෙනහිරට වෙන්නටත් පෙර රජ වාසලක් සහිත රාජධානියන් වන්නටත් පුළුවන් එකම තැන දඹදෙණිය බව සාමාන්ය පෙල සිසුවෙකුට වුවත් වැටෙහෙන සරල කරුණකි.. එසේම Forbes නැමති සුද්දා මෙකී සිදුවීමම තමන්ගේ eleven years in ceylon පොතේ ලියද්දී අදාල ස්ථානය දඹදෙණිය වශයෙන් නිවැරදිව පලකර ඇත..












Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය