බුදුදහමේ ව්‍යාප්තියෙන් හෙළිවන බුදුන් උපන් භුමිය



බුදුවරයෙක් ලොව පහළ වෙන්නේ ලෝ සතුන් දුකින් මුදවාලීමේ මහා කරුණාවෙන් යුක්තවයි. බුදුවරයෙකුගේ කරුණාව දුපතක මිනිසුන්ට සීමා වෙන්නේ නෑ බුදුවරයෙකුගේ කරුණාව මුළු මහත් විශ්වයේම සතුන් කෙරෙහි පැතිරුණු කරුණාවක්. බුදුවරයෙක් දුපතක ඉපදුනොත් දුපතේ මිනිසුන්ටයි දුපත වටේ මුහුදේ මාලුන්ටයි මිසක් ලෝකය පුරා ප්‍රඥාවන්ත මිනිසුන්ට  ධර්මය ගලායන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ.

මේ නිසයි බෝධිසත්වයන් වහන්සේ මිනිස් ලොව ඉපදීමට ප්‍රථමව පස්මහ බැලුම් හෙළා දීපය ඥානවන්තව තෝරන්නේ.
ලෝකයට අග්‍ර බුදුවරු හා චක්‍රවර්ති රජවරු උපදින "ජම්බුදීපය" යනු ලෝකයේ තිබෙන මහාද්වීප හතරෙන් එකකි. දිව්‍ය/මනුස්ස ලෝක වලට අග්‍ර මහා පුරුෂයන් වන බුදුවරුන් හා චක්‍රවර්ති රජවරු පහල වන්නේ මහා භෞතික හා මිනිස් පරිවාර සම්පත් සහිත "මහාද්වීපයක" මිස මහාද්වීප වටේ තියන ලංකාව වැනි කුඩා පරිවාර දිවයින් වල නොවේ. ලෝකයේ ප්‍රධාන ගොඩබිම් ලෙස තිබෙන මහාද්වීප හතර ධර්මයේ සඳහන් වන්නේ;
1-ජම්බුදීපය,
2-උත්තරකුරු දීපය,
3-පුබ්බවිදේහය,
4-අපරගෝයානය ලෙසය.
ඒ මහාද්වීප වල පරිවාර දිවයින් ලෙස මහාද්වීප වටේ ලංකාව, මාලදිවයින වැනි බොහෝ රටවල් තිබේ.
බුදුවරුන් හා චක්‍රවර්ති රජවරු උපදින්නේ ඉහත සඳහන් මහාද්වීප හතරෙන් "ජම්බුදීප මහාද්වීපයේ" පමණි.

බෝධිසත්වයන් වහන්සේ බුදුවීම සඳහා මෙලොව ඉපදීමටත් කලින් තුසිත දිව්‍ය ලෝකයේ සිට බුදුවරු උපදින කාලය, දීපය, දේශය, කුලය, මව යන කරුණු පහ "පංච මහා විලෝකන" ලෙස නිරීක්ෂණය කිරීම ධර්මතාවයකි. මෙහි දීපය හා දේශය විලෝකනය පාලියෙන් මෙසේ දැක්වේ...
"තතො දීපං විලොකෙන්තො සපරිවාරෙ චත්තාරො මහාදීපෙ ඔලොකෙත්වා තීසු දීපෙසු බුද්ධා න නිබ්බත්තන්ති, ජම්බුදීපෙයෙව නිබ්බත්තන්තීති දීපං පස්සි.
තතො ජම්බුදීපො නාම මහා, දස යොජන සහස්ස පරිමාණො. කතරස්මිං නු ඛො පදෙසෙ බුද්ධා නිබ්බත්තන්තීති ඔකාසං ඔලොකෙන්තො මජ්ඣිම දෙසං පස්සි."

එනම්, බෝධිසත්වයන්...
(...මෙසේ දීපය බලන විට පරිවාර දිවයින් සහිත මහාද්වීප හතර දැක එයින් 3ක බුදුවරු නූපදින බව හා ජම්බුදීප මහාද්වීපයේම උපදින බවත් පෙනුනි.
එයින් ජම්බුදීප යනු යොදුන් 10000ක මහාද්වීපයක් නිසා එහි කුමන පෙදෙසක බුදුවරු උපදිනවාද බලන විට මධ්‍ය දේසය පෙනුනි...)

"ජම්බුදීප මහාද්වීපය" පසු කාලීනව රටවල් වලට බෙදී ගොස් බුදුවරු උපදින "මධ්‍ය දේශය" දැනට ඉන්දියාවට හා නේපාලයට අයත්ව ඇත. ඉන්දියාවේ එම ප්‍රදේශය අදටත් "ම‍ධ්‍ය ප්‍රදේශ්" නමින් හැඳින්වේ. නේපාලය නමින් බෙදුන කොටසේ බුදුන්වහන්සේ උපන් ස්ථානය වන ලුම්බිණිය පිහිටා ඇත. බුද්ධත්වය ලැබූ ගයා ප්‍රදේශය දැනටත් ගයා ලෙසම හඳුන්වයි. බුදුන්වහන්සේ පලමු ධර්ම දේශනය සිදුකල බරණැස හෙවත් බාරාණසිය දැන් "වාරානසි" යනුවෙන් හඳුන්වයි. පරිනිබ්බාණය සිදුකල කුසිනාරාව දැන් "කුෂී නගර්" ලෙස හඳුන්වයි. මගධ දේශය ඒ නමින් තාමත් හඳුන්වයි.
ධර්මයේ සඳහන් වන හා භෞතික පිහිටීමෙන් හිමාල කන්ද සහ එයින් ගලන මහා ගංගාවන්, කාන්තාර සහිත භෞතික ලක්ෂණ හා නම් වලින්ද පැහැදිලි පිරිසිදු බුද්ධවචනයේ අප්‍රමාණ ලෙස විස්තර වෙන "ජම්බුදීප මහාද්වීපයේ" තොරතුරු බෞද්ධ අධ්‍යාපනයට හා සාමාන්‍ය දැනුමට විෂය වේ.



ශ්‍රී ලංකාව ලෝකයේ මහාද්වීප අතරින් කුඩාම මහාද්වීපයෙන් 16 න් 1 ක් තරම්වත් විශාල නැ. එවැනි කුඩා භූමියක කුඩා පිරිසක් පමණක් නිවනට යොමු කරවීමට බුදුරජාණන් වහන්සේ නමක් පහල වීමේ අවශ්‍යතාවක් නැ.  එයට රහතන් වහන්සේ නමක් හොදටම ප්‍රමාණවත්. ඒ නිසාමයි බුදුන් ඉන්දියාව අයත් මහාද්වීපය පුරා ධර්මය ප්‍රචාරණය කර බුද්ධ සමයෙන් පසුකාලීනව මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීම සිදුවුනේ.

** ඒ වගේම ලංකාව වගේ කුඩා දිවයිනකට පමණක් ධර්මය දේශනා කිරීමට බුදුන් පහල වුවා යයි කීමම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය හෑල්ලු කිරීමක්. බුදුවරයෙකුගේ බුදුගුණ වත් නොදන්නා අන්දබාල පෘතග්ජන මොට්ටයන් තමයි බුදුන්ගේ උපත පිළිබඳ සහතික නිකුත් කරන්න යන්නේ.

*** ලෝකය පුරා බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය මේ රුපසටහනෙන් දක්වා තිබෙනවා. ඒ තුලින් ඉතාම පැහැදිලිව බුදුන් උපන් භුමිය ඉන්දියාව බව තහවුරු වෙනවා. බුදුදහම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සිට පකිස්ථානය, ඇෆ්ගනිස්තානය, චීනය, බුරුමය, තායිලන්තය ,ටිබෙටය ආදී රටවලට ව්‍යාප්ත වී ඇති ආකාරයෙන්ම බුදුදහමේ ආරම්භය සිදුවුනේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙන් බව ඉතාම පැහැදිලිව දැකබලාගන්න පුළුවන්. ඉන්දියාව වටා ව්‍යාප්ත වීම මධ්‍ය ප්‍රදේශ් කේන්ද්‍ර කරගෙන සිදුවී ඇති බව හොදින්ම පැහැදිලි වෙනවා . අදටත් මේ රටවල් වලින් බෞද්ධ උරුම මතුවෙනවා.

*** බුදුදහමේ ලෝක ව්‍යාප්තිය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් කේන්ද්‍ර කරගත් විසිරීමක් මිස ලංකාව කේන්ද්‍ර කරගත් විසිරීමක් නෙවෙයි. බුදුන් ලංකාවේ ඉපදුනා නම් කිසිසේත්ම මේ ආකාරයෙන් බුදුදහම ව්‍යාප්ත වෙන්නේ නෑ.  මුහුදෙන් වටවිම නිසා අනිවාර්යෙන් බුදුදහම ලංකාවට සිමා වෙනවා. බුදුරජාණන් වහන්සේ හා භික්ෂුන් වහන්සේලා පයින් වැඩමවා ධර්ම ප්‍රචාරණය කළා මිස නැව් මගින් සාගරයෙන් ගමන් කර ධර්මය ප්‍රචාරනය කල බවක් කිසිදු ත්‍රිපිටක දේශනාවක සදහන් වෙන්නෙත් නෑ. 
*** ටිබෙටය බුරුමය තායිලන්තය ආදී කිසිදු රටක ඉතිහාස හා පුරාවිද්‍යා සාධක තුල බුදුදහම ලංකාවෙන් ලැබුනා කියා සදහන් වෙන්නෙත් නෑ.

*** ලංකාවෙන් ඉන්දියාවට බුදුදහම ව්‍යාප්ත උනා නම් වැඩිපුරම බෞද්ධ පැතිරීමක් තිබිය යුත්තේ දකුණු ඉන්දියාව හා මාලදිවයින් වල. ඒත් ඒ ප්‍රදේශ දෙකම බුදුදහම ඉතාම සුළුවෙන් පවතින ප්‍රදේශ.




බුදුන් ලංකාවේ උපන් බව කියනා මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ  තර්කයක් ඉදිරිපත් කරනවා ඉතා ඉක්මණින් ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වන බව දැන දැන බුදුන් ඉන්දියාවේ උපත ලබන්නේ නෑ අදටත් බුදුදහම ආරක්ෂා වී තිබෙන ශ්‍රී ලංකාවයි බුදුන් ඉපදීමට භුමිය ලෙස තෝරාගත්තේ කියලා. මේ තුලින් ප්‍රදර්ශනය වෙන්නේ මොවුන්ගේ ළිංමැඩි මානසිකත්වය.  බුදුදහම ආරක්ෂා වී පවතින්නේ ලංකාවේ පමණක් නෙවෙයි පිරිසුදු ථෙරවාද බුදුදහම තායිලන්තය හා බුරුමය ආදී රටවලත් ඉතාම පිරිසිදුව ආරක්ෂා වී පවතිනවා. ලංකාවේ භික්ෂුන්ට වඩා ඉතා පිරිසිදු ලෙස විනය රැකීම හා ධර්මය වැඩිම එම රටවල භික්ෂුන් සිදුකරනවා. බුදුදහම පවතින කාලය අනුව උපදිනවා නම් බුදුන් ඉපදුනේ ඒ රටවල් වල කියලත් කියන්න පුළුවන්.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය