ඉසින් බැස්ස ගල අතීතයේ කිසිදින ඉසිපතනාරාමය වී නැත
සුද්දෝ අපේ රටේ බලය ගත්තේ අවුරුදු 200කට පෙරද? අවුරුදු 1700කට පෙරද? මම මෙහෙම අැහුවේ මීට අවුරුදු 1700කට පෙර සිටම ඉසින්බැස්සගල හඳුන්වලා තියෙන්නේ "අසියකර" නමින්. එතකොට අවුරුදු 1700කට පෙර හිටපු මිනිස්සුන්ටත් අමතක වුණාද ඉසිපතනාරාමය කියන නම? ලංකාවේ ඉතිහාසය වෙනස්කලේ සුද්දලුනේ එ්කයි මම මෙහෙම අැහුවේ... මේ ලිපිය කයවලාම බලන්නකෝ...
මෙහි දැක්වෙන්නේ මැදවච්චිය ඉසින්බැස්සගල විහාරයෙන් නොබෝ දිනකට පෙර හමු වු සෙල්ලිපියයි. මෙය ඒ විහාරයේ තිබෙන පිහිටි ගල්පර්වතයක කොටා තිබෙන්නක්. ස්වභාවික උවදුරැවලට ලක්වීමෙන් එය සෑහෙන දුරට මැකී ගොස් තිබෙනවා. මෙම සෙල්ලිපිය මීට අවුරැදු 1700 කට පමණ ඉහත කාලයකදී කොටවන ලද්දක් බව එහි තිබෙන අක්ෂර අනුව වටා ගත හැකියි. නාගදාඨා සහ සුමනගෝණ නමින් හදුන්වන ලද පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම විහාරයට වැවකින් ලැබෙන ආදායම පූජා කළ බව එහි සදහන්. ඒ කාලයේ මෙම විහාරය හදුන්වා දී තිබෙන්නේ අසියකර විහාරය යනුවෙන්. අසිය යන පදය පැරණි සිංහල භාෂාවේ සෘෂි යන පදයට සමාන තේරැමකින් සෙල්ලිපිවල යොදා තිබෙනවා.අසියකර යන නමේ සම්පූර්ණ තේරැම සෘෂීන් විසූ විහාරය ලෙස ගත හැකියි. අද එය ඉසින්බැස්සගල වුවත් එදා එය ඉසින්විසු විහාරය ලෙස සලකා තිබෙනවා. ලබන වෙසක් පෝ දිනට එම සෙල්ලිපිය දැක්වෙන පුවරැවක් පන්සල් භූමියේ වීවෘත කිරීමට නියමිතයි. අපි මේ වෙසක් පොහෝදින ඒ අසිරිමත් විහාරයේ ඉතිහාසය නැවත ගොඩ නංවමු
- මහාචාර්ය රාජ් සෝමදේව
/

Comments
Post a Comment