Posts

පුලස්ති රාවණ හෙළ වෙදකම pulasthi rawana hela wedakama

Image
  පුලස්ති රිෂි අපේ වෙදකමට පුලස්ති රාවණල කරපු කෙන්ගෙඩියක් නැත..! ========================== අපේ වෙදකමේ තියෙන්නෙ අපේ මුතුන්මිත්තන් ගේ දැනුම හා උරුමය..!!  ++++++++++++++++++++++++ ජටා බැඳගෙන අමුඩ ගහගෙන උඩ පැනල වෙදකම රකින්න බැහැ ..!!!  ******************************************* අපේ වෙදකම කියන්නේ අවුරුදු දහස් ගණනක් මේ රටේ පැවතිච්ච ජාතික උරුමයක්. ඒකෙ දේශීය අනන්‍යතාව ගැන විවාදයක් නැහැ. “ඒ වෙදකමෙන් කරන්න බැරි දෙයක් නැහැ..! ඕනෙම ලෙඩක් හොඳ කරන්න පුළුවන්..!! මුළු ලෝකෙටම වෙදකම ගියේ මෙහෙන් ....!!!” වගේ ගොන් පුරසාරම් ඉවසගෙන ඉන්න තමයි අපිට වෙලා තියෙන්නේ. අපේ ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ බොහෝ රටවල සංස්කෘතිකමය ආභාසයන් එක්ක මිශ්‍ර වෙලා. අපෙන් ලෝකෙට ගිය දේවල් වගේම අපිට ලෝකෙන් ලැබිච්ච දේවල් ගොඩක් තියෙනවා. ඉන්දියාවේ බලපෑම ඉතිහාසය තුළ ඉතාම තීරාණාත්මකයි. ලංකාව කියන්නේ මුහුදු මාර්ගයක පිහිටලා තියෙන දූපතක් නිසා නොයෙක් ආකාරයෙන් වෙනත් රටවල දැනුම් අපිට ගලා එන එක වළක්වන්න බැහැ. ඒකේ වාසි අවාසි දෙකම තියෙනව. අතීතයේ දැනුම් ලිඛිතව සංග්‍රහ කළේ අපේ රටේ විතරක් නොවෙයි. අපේ කලාපයේ බොහෝ රටවල එහෙම ලිඛිත සම්ප්‍රදායක් තිබ්බ. ඒවා රටවල

බෞද්ධායුර්වේදය, බුදු වෙදකම සහ දේහධම්ම විද්‍යාව

Image
දේහධම්ම විද්‍යාව ============================ හෙළ ලේබලය ගැසූ නොගැලපෙන හිතලු සහ බොරු මනස්ගාත ******************************** බුදුදහම සහ හෙළ වෙදකම සමබන්ධ කොට නොයෙක් ආකාරයේ වෛද් ‍ ය සම්ප් ‍ රදායයන් බිහි කිරීම කාලයක සිටම සිදුවන දෙයකි. එසේම බෞද්ධ සංස්කෘතිය, බුදුදහමේ එන ඉගැන්වීම් සහ දේශීය වෛද් ‍ ය ක් ‍ රමය අතර සම්බන්ධතාව කිසි විටෙකත් ඉවතලිය නොහැකිය. කෝට්ටේ යුගයෙන් පසුව ඇරැඹී මහනුවර යුගයේ දී උච්චස්ථානයට පැමිණි හින්දු ආගමේ බලපෑම් දේශීය වෙදකමට ඇති වීමට පෙර අනුරාධපුර යුගයේ සිටම බෞද්ධ ආභාසය දේශීය වෛද් ‍ ය ක් ‍ රමයට ලැබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආයුර්වේදයේ මුදුන් මල්කඩ බඳු සංහිතා තුනෙන් එකක් වන අෂ්ටාංගහෘදය සංහිතාව ලියූ වාග්භාටචාර්ය තුමා ද බෞද්ධයෙක් බව එම ග් ‍ රන්ථයේ නමස්කාර ශ්ලෝකයෙන් හෙළි වන බව විද්වතුන් ගේ මතය වේ. රාගාදී රෝගාන් සතතානුශක්තා නශේෂකායාන් ප් ‍ රසුතානශේෂාන් ඖත්සුක් ‍ යමොහාරතිදාන්ජගාන යෝ’පූර්ව වෛද් ‍ යාය නමෝස්තුතස්මෛ යනුවෙන් බුදුරජාණන්වහන්සේට නමස්කාර කිරීමක් ලෙස පෙනී යයි. අපේ රටේ ද බෞද්ධ භික්ෂූන්වහන්සේ ලා අතින් ලියැවුණු වෛද් ‍ ය ග් ‍ රන්ථ ද බොහොමයකි. ඒ අතුරින් භේසජ්ජ මංජුසාව යනු

පුලස්ති ඍෂි රාවණා හෙළ වෙදකමේ කොහෙද? Pulasthi rishi sage rawana king

Image
  පුලස්ති ඍෂි පුලස්තිලා නැති අගස්තිලා ඇති හෙළ වෙදකම ==================== සිංහල වෙදපොත් වල පුලස්ති ගේ වට්ටෝරු නැත. අගස්ති ගේ වට්ටෝරු ඇත. +++++++++++++++++++++++ හෙළ වෙදකමේ නිර්මාතෘ පුලස්ති නම් එහෙම වෙන්නෙ කොහොමද? *************************************** අපිට මේ දිනවල යූට්යුබ් වල සමාජ මාධ් ‍ ය වල බෙරිහන් දෙන හෙළ යක්ඛ පුතුන් ගේ කටේ ලෙලවන මහා රාවණ ගේ විස්මිත වෙදකමට පිය උරුමය දුන් පුලස්ති ඉසිවරයා ගැන අපේ වෙදපොත් වල නැත්තේ ඇයිද යන්න ගැටලුවකි. හිමාලයේ මහා ඍෂි සම්මේලනයේ මුල් පුටුව හොබවන්නට ලංකාවෙන් පුලස්ති ගිය බව කියමින් කෙප්ප කියමින් සමාජය නොමග යවන මේ රාවණ පෝතකයින් අපේ වෙද පොත් කියවන්නට තබා දැක හෝ නොමැති බව ඔවුන් ගේ මුග්ධ අදහස් වලින් පැහැදිලිය. ලෝකයට වෙදකම දුන්නේ හෙළයින් යැයි පුරසාරම් කියන බොහෝ දෙනා නිසි දැනුමක් හෝ හැදෑරීමක් නොමැතිව රැල්ලට කටමැත දොඩන බක පඬියන් බව නොබියවම කියමි. අපේ වෙදපොත් සිසාරා බැලුවත් පුලස්ති ගේ හෝ රාවණ ගේ නම් හොයාගන්නට නොහැකිය. එසේ තිබේ නම් පෙන්වන ලෙස අභියෝග කොට බොහෝ කල් ගතවී ඇතත් එකදු හෙළ වෙද වීරයෙක් ඒ අභියෝගය භාරගත්තේ නැත. අපේ දේශීය වෙදකමේ අභිමානයට විනකරන පුලස්ති රාවණ ක

හෙළ වෙදකමේ රාවණා Hela Wedakama Rawana

Image
රාවණ හෙළ වෙදකම ====================== ඔප්පු කළ නොහැකි රාවණ බේගලය අපේ වෙදකමට විනයක් ++++++++++++++++++++++++++ රාවණා ලියූ වෙද පොත් තියෙන්නේ කොහෙද? ********************************** හෙළ වෙද ලේබලය අලවා ගත් බොහෝ දෙනා එල්ලී සිටින්නේ රාවණාගේ විස්කම් වෙදකම් මෙරට තිබුණු බව කියන බේගල් කතාවේය. එයට සාධක ලෙස උපුටා දක්වන ප් ‍ රධාන සාක්ෂියක් වන්නේ රාවණ විසින් ලියන ලදැයි සැලකෙන පොත් කිහිපයක නම් තිබේ. රාවණා ලියූ බව කියන පොත් අතර අර්කප් ‍ රකාශ, නාඩිපරීක්ෂා, කුමාරතන්ත් ‍ ර, උඩ්ඩිශ් තන්ත් ‍ ර යන පොත් සතර වෙද පොත් ලෙස සැලකිය හැකිය. මෙයින් අර්කප් ‍ රකාශය අර්ක පෙරීම හා ඒවායේ යෙදීම් ගැන ද, නාඩිප් ‍ රකාශය නාඩි පරීක්ෂාව ගැන ද, කුමාරතන්ත් ‍ රය බාල රෝග හා ප් ‍ රතිකාර ගැන ද, උඩ්ඩිශ් තන්ත් ‍ රය අභිචාර විධි ගැන ද ලියැවී තිබේ. මෙම ග් ‍ රන්ථ හතරම ඉන්දියාවේ මුද් ‍ රණය වී ඇති අතර ඒ සියල්ලම ලංකාධිපති රාවණා විසින් ලියන ලද බව කියැවේ. පුදුමයට කාරණය නම් එම පොත් වල එකම පිටපතක් හෝ ලංකාවෙන් හමු නොවීමයි. එසේම ශිව භක්තිය වෙනුවෙන් ලියූ ශිවතාණ්ඩවය නම් ග් ‍ රන්ථයක් ගැන කියැවූණ ද එම නමින් ස්තෝත් ‍ රයක් විනා ග් ‍ රන්ථයක් දක්නට නොල

රාම රාවණ කතා සම්ඵප්‍රලාපයෝය - රේරුකාණේ චන්දවිමල හිමි Rama Rawana Rerukane chandawimala thero

Image
රාම රාවණ යම් කථාවක් එය කියවන්නා වූ ද, අසන්නා වූ ද, තැනැත්තන්ගේ මෙලොව පරලොව යහපතට හේතු නොවේ ද? හුදෙක් කෙලෙස් වැඩීමටත්, යම්කිසි යහපතක් සිදුකර ගැනීමට තිබෙන කාලය නිකම් ම ගෙවී යාමටත් පමණක් හේතු වේ ද, ඒ කථාව සම්ඵප් ‍ ර ‍ ලාප නම් වේ. සම්ඵප් ‍ ර ‍ ලාප කීම් වශයෙන් ඇති වන්නා වූ අකුශල චේතනා සංඛ් ‍ යාත කර්මයට ද මේ කර්ම කතාවෙහි සම්ඵප් ‍ ර ‍ ලාප යන වචන ම කියනු ලැබේ. (1) අසන කියන දෙපක්ෂයට ම වැඩක් නැති කථාවක් කියන අදහස ය. (2) එ බඳු කථාවක් කීමය අය අඞ්ග දෙකින් සම්ඵප් ‍ ර ‍ ලාප අකුශලය සිදු වේ. සම්ඵප් ‍ ර ‍ ලාප කියන තැනැත්තේ අනුන්ගේ කාලය නසන්නෙකි. අන් ‍ යයන් කෙරෙහි කෙලෙස් වැඩි කරන්නෙකි. එබැවින් සම්ඵප් ‍ ර ‍ ලාප කීම පාපයකි. ඇතැමුන් කාලය ගත කරනු පිණිස තැන් තැන්වලට එක් වී කරන්නා වූ නිෂ්ඵල කතාවෝ ද, අසන කියන කාහටවත් අවැඩක් මුත් වැඩක් නොවන, බොරු සැබෑ දෙවර්ගය ම මිශ් ‍ ර ‍ කර ගොතා තිබෙන “රාම-රාවණා” කථාව වැනි කථාවෝ ද, අල්පමාත් ‍ ර ‍ සත් ‍ යකුදු නැති සාවාගේ හා නරියාගේ කථාව වැනි කථාවෝ ද සම්ඵප් ‍ ර ‍ ලාපයේ ය. යම් කිසි උපදේශයක් උගැන්වීම සඳහා ගොතා තිබෙන කථා අසත් ‍ ය වුව ද, ප් ‍ ර ‍ යෝජනයක් ඇති බැවින් සම්ඵප් ‍ ර ‍

ලෝකයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය ශ්‍රී ලංකාව ද? Lowest gravity on earth Srilanka

Image
  ගුරුත්වය අඩුම රට  ----1 ලිපිය ---මිෂන් ග්‍රේස් පිලිබඳ ප්‍රචාරය කල බොරු ------ බුදු උපත ලංකාවේ වගට පවසන්නන් ගෙන යන තවත් මුසාවකි ලංකාව යනු ගුරුත්වය අඩුම රට වන බවට..ඔව්න් බොහෝම අභිමානයෙන් පවසන්නේ එය නාසා ආයතනය මගින්ද තහවුරු කොට ඇති බවයි..විශේෂයෙන් "මීවනපලානෙ ධම්මාලංකාරයන්" පවා එය මත පදනම්ව හිරිවඩුන්න පිලිබඳව බොහෝ පුරසාරම් දොඩවා ඇත.. නමුත් හාස්‍යයට කරණනම් නාසා ආයතනය විසින් තම මිශන් ග්‍රේස් ව්‍යාපෘතිය මගින් මාස 13 ක් තිස්සේ ලබාගත් දත්ත මත පදනම්ව නිකුත් කල ගුරුත්ව සිතියමට අනුව ලංකාව යනු ගුරුත්වය අඩුම රට නොවීමයි..😂 එයට අදාල නාසා ගුරුත්ව සිතියම මෙහි අමුනා ඇති අතර ඕනෑම අයෙකුට එම සිතියම විශාලනය කිරීමෙන් මෙම කරුණ තහවුරු කරගත හැක.. එයට අමතරව මෙහි මා එම සිතියම විශාලනය කොට දක්වා ඇති අතර මිෂන් ග්‍රේස් ව්‍යාපෘතියට පෙර පල කල සිතියමට අනුවද ලංකාව යනු ගුරුත්වය අඩුම රට නොවන වග ඉතා පැහැදිලිව දැක ගත හැක.. ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය ----2 ලිපිය---grace and goce--- මධ්‍ය ලක්ෂයේ මිත්‍යාව. බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 15. මේ පිළිබඳව මෙම පිරිස ගෙන එන කරුණු... A) ලෝකයේ මැද