රාම රාවණ කතා සම්ඵප්‍රලාපයෝය - රේරුකාණේ චන්දවිමල හිමි Rama Rawana Rerukane chandawimala thero

රාම රාවණ
රාම රාවණ


යම් කථාවක් එය කියවන්නා වූ ද, අසන්නා වූ ද, තැනැත්තන්ගේ මෙලොව පරලොව යහපතට හේතු නොවේ ද? හුදෙක් කෙලෙස් වැඩීමටත්, යම්කිසි යහපතක් සිදුකර ගැනීමට තිබෙන කාලය නිකම් ම ගෙවී යාමටත් පමණක් හේතු වේ ද, ඒ කථාව සම්ඵප්ලාප නම් වේ. සම්ඵප්ලාප කීම් වශයෙන් ඇති වන්නා වූ අකුශල චේතනා සංඛ්යාත කර්මයට ද මේ කර්ම කතාවෙහි සම්ඵප්ලාප යන වචන ම කියනු ලැබේ.
(1) අසන කියන දෙපක්ෂයට ම වැඩක් නැති කථාවක් කියන අදහස ය. (2) එ බඳු කථාවක් කීමය අය අඞ්ග දෙකින් සම්ඵප්ලාප අකුශලය සිදු වේ. සම්ඵප්ලාප කියන තැනැත්තේ අනුන්ගේ කාලය නසන්නෙකි. අන්යයන් කෙරෙහි කෙලෙස් වැඩි කරන්නෙකි. එබැවින් සම්ඵප්ලාප කීම පාපයකි. ඇතැමුන් කාලය ගත කරනු පිණිස තැන් තැන්වලට එක් වී කරන්නා වූ නිෂ්ඵල කතාවෝ ද, අසන කියන කාහටවත් අවැඩක් මුත් වැඩක් නොවන, බොරු සැබෑ දෙවර්ගය ම මිශ් කර ගොතා තිබෙන “රාම-රාවණා” කථාව වැනි කථාවෝ ද, අල්පමාත් සත්යකුදු නැති සාවාගේ හා නරියාගේ කථාව වැනි කථාවෝ ද සම්ඵප්ලාපයේ ය. යම් කිසි උපදේශයක් උගැන්වීම සඳහා ගොතා තිබෙන කථා අසත්ය වුව ද, ප්යෝජනයක් ඇති බැවින් සම්ඵප්ලාප සංඛ්යාවට නො ගැනේ. කියන ලද සම්ඵප්ලාපය අන්යයන් පිළිගත හොත් කර්මපථයක් වේ. කිසිවකු නො පිළිගත හොත් කර්මපථ නො වේ. සාමාන්යයෙන් සම්ඵප්ලාප කීම අල්පසාවද්ය වේ. නැවත නැවත වර්ණනා කර රසවත් කර කීම මහා සාවද්ය වේ. අසන්නවුන්ට වන්නා වූ අර්ථ හානියේ කුඩා මහත් බවේ සැටියට ද එහි අල්පසාවද්ය මහා සාවද්ය භාවය කිය යුතු ය.

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය