බෞද්ධායුර්වේදය, බුදු වෙදකම සහ දේහධම්ම විද්‍යාව

දේහධම්ම විද්‍යාව
දේහධම්ම විද්‍යාව


============================
හෙළ ලේබලය ගැසූ නොගැලපෙන හිතලු සහ බොරු මනස්ගාත
********************************
බුදුදහම සහ හෙළ වෙදකම සමබන්ධ කොට නොයෙක් ආකාරයේ වෛද්ය සම්ප්රදායයන් බිහි කිරීම කාලයක සිටම සිදුවන දෙයකි. එසේම බෞද්ධ සංස්කෘතිය, බුදුදහමේ එන ඉගැන්වීම් සහ දේශීය වෛද්ය ක්රමය අතර සම්බන්ධතාව කිසි විටෙකත් ඉවතලිය නොහැකිය. කෝට්ටේ යුගයෙන් පසුව ඇරැඹී මහනුවර යුගයේ දී උච්චස්ථානයට පැමිණි හින්දු ආගමේ බලපෑම් දේශීය වෙදකමට ඇති වීමට පෙර අනුරාධපුර යුගයේ සිටම බෞද්ධ ආභාසය දේශීය වෛද්ය ක්රමයට ලැබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආයුර්වේදයේ මුදුන් මල්කඩ බඳු සංහිතා තුනෙන් එකක් වන අෂ්ටාංගහෘදය සංහිතාව ලියූ වාග්භාටචාර්ය තුමා ද බෞද්ධයෙක් බව එම ග්රන්ථයේ නමස්කාර ශ්ලෝකයෙන් හෙළි වන බව විද්වතුන් ගේ මතය වේ.
රාගාදී රෝගාන් සතතානුශක්තා
නශේෂකායාන් ප්රසුතානශේෂාන්
ඖත්සුක්යමොහාරතිදාන්ජගාන
යෝ’පූර්ව වෛද්යාය නමෝස්තුතස්මෛ
යනුවෙන් බුදුරජාණන්වහන්සේට නමස්කාර කිරීමක් ලෙස පෙනී යයි. අපේ රටේ ද බෞද්ධ භික්ෂූන්වහන්සේ ලා අතින් ලියැවුණු වෛද්ය ග්රන්ථ ද බොහොමයකි. ඒ අතුරින් භේසජ්ජ මංජුසාව යනු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ම පාලි භාෂාවෙන් ලියැවුණු චිකිත්සා ග්රන්ථයකි. එහි මුල් ගාථාව මෙසේය.
අභිවාදිය සත්ථාරං මනෝරෝගතිකිච්ඡකං
සබ්රහ්මචාරීනො භික්ඛු ජාතවෙය්යත්තියාමුයා
“සිතෙහි රෝගයන්ට පරම වෛද්ය වූ ශාස්තෘන් වහන්සේ මනා කොට වැඳ සබ්රහ්මචාරී භික්ෂූහු මේ කරණකොට පහළ වූ..” ආදී වශයෙන් බුදුන්වහන්සේ වෙත නමස්කාර කොට තිබේ.
ඒ අනුව බෞද්ධ ආභාසය ඇති සිදු කරන ශාන්ති කර්ම ආදිය ද වෙදකමට පිවිස ඇත්තේ බුදුදහමේ බලපෑම නිසාය. බුදුගුණ මගින් ආශිර්වාද කිරීම, බෞද්ධ මන්ත්ර හා අභිචාර ක්රම, යාතු කර්ම ආදිය මෙන්ම පිරිත් වල බලයෙන් රෝගීන් හට සුවය ප්රාර්ථනා කිරීම ද මේ බෞද්ධ ආභාසය සහිත ප්රතිකර්ම වේ. අංගුලිමාල පිරිත, ජ්වර පිරිත, කන්ද පිරිත, බෝජ්ජංග පිරිත, ජිනපංජර පිරිත, ජලනන්දන පිරිත වැනි පිරිත් මගින් රෝගීන් හට ආශිර්වාද කිරීම ද මේ බෞද්ධ ප්රතිකර්ම අතර වේ. එහෙත් කිසිදු මූලාශ්රයක බුදු වෙදකමක් හෝ බෞද්ධ වෛද්ය ක්රමයක් ගැන සඳහනක් නැත. ලෝ වැඩ සඟරාවේ “සත් හට වන බව දුකට වෙදාණන්” යන පාඨය අනුව බුදුන්වහන්සේ ලෝක සත්වයා ගේ දුක නැති කිරීමේ වෛද්යවරයා මිසක් ලෞකික වෙදකමේ නියැළුණු වෛද්යවරයෙක් නොවීය. වෙදකම තිරශ්චීන විද්යාවන් අතරට අයත් බව දන්නා වියතුන් මෙවැනි බුදුවෙදකම් ගැන නන්දොඩවන්නේ නැත.
එසේ වුවත් “බෞද්ධායුර්වේදය” යනුවෙන් හදුන්වන විශේෂ වෛද්ය ක්රමයක් ඇතැයි සම්,සමාජය නොමග යැවීමක් පසුගිය කාලයේ සිදුවිය. ආයුර්වේදය තුළ බෞද්ධ තොරතුරු මෙන්ම ත්රිපිටකය තුළ ආයුර්වේද තොරතුරු ද තිබූ පමණින් බෞද්ධායුර්වේද නමින් අලුත් වෛද්ය ක්රමයක් බිහි කරන්නට නොහැකිය. එහෙත් හොර පාරෙන් ආයුර්වේද ලියාපදිංචිය ගත් මහාචාර්යවරයෙකු ගේ ව්යාපාරික මනදොළ සපුරා ලන්නට මෙය විෂයක් ලෙස නිර්මාණය කළ බෞද්ධයුර්වේදය මේ වන විට සමහර අයගේ වෙද පරපුරු වලට ආඳා ගෙන තිබේ. තිබ්බතය වැනි රටවල වෛද්ය ක්රමය ඉතා පැහැදිලිවම බුදුදහම හා සම්බන්ධ වේ. මහායාන බුදුදහමේ "භේෂජ්ය ගුරු" නමින් වෙදකමට අධිපති බුදුකෙනෙකුන් ද සිටියි. උන්වහන්සේ අපේ ධන්වන්තරී මෙන් වෛද්යවරුන් ගේ වන්දනාවට පාත්ර වේ. එම සම්ප්රදායට යම් දුරකට බෞද්ධ වෛද්ය ක්රමයක් යැයි කියන්නටහැකිය. එය බොහෝ සෙයින් බෞද්ධ ඉගැන්වීම් මත සංවිධානය වූ දැනුමකි.
බෞද්ධායුර්වේදය
බෞද්ධායුර්වේදය

බුදු වෙදකම ද එබඳුම තවත් බොරු කයිවාරුවකි. එයට දේහධම්ම විද්යාව නමින් ද හඳුන්වයි. මේ නම් හඳුන්වා දුන් මුදලිහාමි වර්ණසූරිය මහතා මගේ ද මිත්රයෙකි. ඔහු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සුද්දන්ට ආයුර්වේදය හඳුන්වා දුන් ඉතා දක්ෂ අලෙවිකරුවෙකි. ඔහු පුරස්ථි ග්රන්ථි ඉදිමීමට ඔහුගේ ප්රකට ප්රතිකාර ක්රමය එකල බොහෝ ජනප්රියව තිබිණ. සිය වෙදකම හඳුන්වා දෙන්නට ඊට යොදා ගත්තේ රාවණා ගෙන් පැවත එන හෙළ වෙදකම හා දේහධම්ම විද්යාව නම් බුදු වෙදකම යන ඉතා ආකර්ශනීය වචන පෙළකි. ඔහු ලියූ “බුදු වෙදකම” නමැති පොත ද මා හට තිළිණ කළේය. එහෙත් ඒවා හුදු නිර්මාණ බව පැහැදිලිව ඔප්පු කළ හැකිය. ලංකාවේ බුදු වෙදකම නමින් හෝ දේහධම්ම නමින් වෛද්ය ක්රමයක් පැවතියේ නැත. එසේ පැවැති බව සාක්ෂියක් ද නැත. රාවණ සහ බුදුන්වහන්සේ එකට තියා සම්ප්රදායක් බිහිකරන්නට නොහැකිය. ඒ එකිනෙකට ප්රතිවිරුද්ධ ආගමික අනන්යතා දෙකකි.
"දේහධම්ම විද්යාව" තුළ නියම හෙළ වෙදකමේ මූලධර්ම හා සිද්ධාන්ත ඇතැයි විශ්වාස කරන එහෙත් ප්රශ්නයක් ඇසූ විට පැන දුවන හෙළ වෙද ලේබලය අලවා ගත් අයියලා ද සිටියි. මේ අය ශිෂ්යයින් ද පුහුණු කරවයි. එහෙත් ඔවුන් දේහධම්ම විද්යාව ගැන මෙලෝ හසරක් නොදනී. එහෙම විද්යාවක් නැති නිසා එය විස්තර කරන්නට නොහැකිය. බෞද්ධ දර්ශනයේ දේහය පිළිබඳ යම් ධර්මයක් ඇතත් එය හුදු අනිත්ය දුක්ඛ අනාත්ම පදනම් කොට ගත් පටිච්චසමුත්පාද රාමුව තුළ පවත්නා පංචස්කන්ධය පිළිබඳ දහම වේ. එය ඇසුරෙන් වෙදකම් කරන්නට නොහැකිය. බුදුන්වහන්සේ භික්ෂූන් හට අනුදැන වදාළ විනය පිටකයේ මහාවග්ග පාලියේ භේෂජ්ජඛන්ධය තුළ නොයෙක් වෙදකම් තිබේ. ඒවා අමුතු වෙදකම් නොවේ. ඉන්දියාවේ එකල පැවැති වෛද්ය දැනුමෙන් උකහා ගත් ප්රතිකර්ම ක්රම වේ. ඒවා කිසි සේත්ම හෙළ වෙදකම් නොවේ. එවිට බුදුවෙදකම කෙසේවත් හෙළ වෙදකමට අයත් නොවේ.
ඩැනිස්ටර් පෙරේරා

Comments

Popular posts from this blog

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

වශවත් තාණ්ඩව කුනුහරපය