Posts

හිමවත හිමාලය හා ශ්‍රීපාදය

Image
  බුදුන් ඉපදුනේ ලංකාවේ යයි කියනා ජම්බුවන්ගේ මොළය පශ්චාත් භාගයට බැස ඇති බව ප්‍රසිද්ද රහසකි. ඔවුන්ගේ එක් තර්කයක් ලෙස "හිමවත යනු ශ්‍රී පාදය" යන ඔලමොට්ටල මතය ප්‍රකාශ කරනු දක්නට ලැබේ. හිමාල කඳු වැටිය හිමවත ලෙසින් හඳුන්වන්නේ නැති බවද මොවුන් සිහි විකලෙන් දොඩවති. දේවි භගවත පුරාණය, බ්‍රහ්මාණ්ඩ පුරාණය, මහාභාරතය, කේන උපනිෂද් ආදී ඉන්දීය ලේඛන සිය ගණනක් තුල හිමාල කඳු වැටිය හිමාල හා හිමවත් යන නම් දෙකෙන්ම ඕනෑතරම් හදුන්වා තිබේ. මීට අමතරව හින්දු දේව පුරාන සාහිත්‍ය තුල පාර්වතී දෙවියන්ගේ පියා ලෙස හිමාල රජු පිලිබඳ තොරතුරු ඇති අවස්ථා සිය ගණනක හිමවත් රජු හා හිමාල රජු යන නාම භාවිත වේ. ( हिमाल ) හිමාලය යන සංස්කෘත පදය තැනෙන්නේ හිම + ආලය = හිම + නිවහන යන පද දෙකෙනි ( हिमवत् ) හිමවත් යන පදය තැනෙන්නේ හිම + වත් = හිම + ඇති තැන යන ලෙසිනි මේ අනුව හිමවත යනු හිමින් පිරුණු ස්ථානයක් බව නමින්ම තහවුරු වේ. මෙය හිමාලය, හිමවත්, හිමවන්ත්, හිමාචල්, ධරාධරේන්ද්‍ර, පර්වතෙශ්වර, හිමාවන්, හිමරාජ යන සමාන පද වලින් විවිද අවස්ථා වල විවිද මුලාශ්‍ර තුල සදහන් කර තිබේ. ඔලමොට්ටල  ජම්බුවන් හිමවත කියනා සිරිපාදයේ හිම වැටෙන්නේ කොතනටද?

රාවණ කතා පතුරවා ඉතිහාසය විකෘති කිරීමේ කුමන්ත්‍රණය Ravana history NGO

Image

සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීම හා RAWANA TRAIL ව්‍යාපෘතිය

Image
රාවන ඉතිහාසය රාවණ මතවාදය සමාජගත කිරීමේ සත්‍ය අවශ්‍යතාව කිසිදු සාධකයක් නොමැති අවුරුදු 2500 ට එපිට ඉතිහාසයක් මතුකිරීම නොව සාධක දහස් ගණනකින් සනාථ වූ 2500 ඉතිහාසය විකෘති කර ශ්‍රී ලංකා භූමියට ඇති සිංහල බෞද්ධ උරුමය නැතිකිරීම බව පෙර ලිපි වලින් පැහැදිලි කළා. https://mahasammathamanu.blogspot.com/2020/05/blog-post_76.html දිනෙන් දින එය සත්‍ය බවට සාක්ෂි මතුවන බවට උදාහරණයකුත් එංගලන්ත මහා කොමසාරිස් වරියගේ ප්‍රකාශයක් දක්වමින් සනාථ කළා. https://mahasammathamanu.blogspot.com/2020/05/blog-post_86.html මේ ඒ සියල්ලටම වඩා මේ මහා කුමන්ත්‍රණයේ අගමුල හෙළි වන තොරතුරක්. * පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා මෙම රාවණ ප්‍රවාදය සමාජගත කිරීම Ravana trail  නම් ඉන්දීය ව්‍යාපෘතියක් මගින් සිදුකරන ලද්දක් බව නම් ගම සහිතව හෙළි කර තිබෙනවා. 12.47 - 14.06 කොටස බලන්න " මේක පටන්ගත්තේ ඇත්තටම 2012 වගේ කාලේ මමත් එවකට හිටපු සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් කලෙයි සෙල්වම් මහත්තයාත් අපි දෙන්නා ජෝර්දානයේ සමුළුවකට ගියා. අපි එහෙදි කතා බහ කර කර ඉන්නකොට එතුමා කිවුවා අපි ලංකාවෙන් ගියාට පස්සේ මෙහෙම දෙයක්

රාවණ රැල්ලෙන් කළඑලි බහින ඊලාම් සෙවනැලි Ravana history terrorism

Image
ravana history මිට පෙර ලිපියකින් රාවණ රැල්ල මෙහෙයවන පුද්ගලයන් කිසිදු මුලාශ්‍ර සාධකයක් නොමැති බොරු ඉතිහාස සමාජගත කරමින් සාක්ෂි සාධක සිය දහස් ගණනකින් තහවුරු වූ මහා වංශය ආදී සිංහල බෞද්ධ ඉතිහාසයට අපහාස කරමින් එය ප්‍රතික්ෂේප කරනා සිංහල බෞද්ධ ගොන් රැලක් බිහිකර ඇති පසුබිමක විග්නේශ්වරන් විසින් "මහා වංශය බොරුවක්, ලංකාව දෙමල නිජබිමක්" කීම තුලින් මෙම රාවණ රැල්ල පිටිපස ඩයස්පෝරා කුමන්ත්‍රණයක් තිබීමේ ඉහල සම්භාවිතාවක් ඇති බව පැහැදිලි කළා. එම ලිපිය කියවීමට :- https://mahasammathamanu.blogspot.com/2020/05/blog-post_76.html මේ දිනෙන් දින එය සත්‍යයක් බවට මතුවන ඊලාම් අදුරු සෙවනැලි. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් සරෝජා සිරිසේන විසින් Guardian පුවත්පත ශ්‍රී ලංකාව හැදින්වීමට "ඊලාම්" යන නාමය භාවිත කිරීමේ ගැටළු සහගත බව ප්‍රශ්න කර ඔවුන් වෙත යැවූ ලිපියක් පිළිබඳව පළවූ කමෙන්ට් දෙකක් මෙහි දැක්වෙනවා. එහිදී ඔවුන් සදහන් කර තිබෙන්නේ ඊලාම් යන්න LTTEය නිර්මාණය කළ නමක් නොව එය දමිල "රාවණ සාහිත්‍ය" තුලදී ශ්‍රී ලංකාව හැදින්වූ නම බවයි. රාවණ මතවාදය හරහා සිදුවන සිංහල බෞද්ධ ඉතිහාස විකෘ

රාවණ රැල්ල පිටුපස සිටින්නේ ඩයස්පෝරාවද? Rawana history terrorism

Image
රාවන ඉතිහාසය බොලව් ගොබ්බයිනේ! ප්‍රභාකරන් හට යුද්ධයෙන් සිංහල භුමිය අල්ලාගැනීමට නොහැකි විය. යුද්ධයෙන් දිනිය නොහැකි නිසා ඩයස්පෝරාව දැන් අලුත්ම සෙල්ලමක් පටන්ගෙන ඇත. ඒ රාවණ වාදය හා බුදුන් ඉපදුනේ ලංකාවේ වාදය හරහා සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමයි. * මෙම මිත්‍යා ප්‍රවාද දෙක සදහාම ඉදිරිපත් කරන කරුණු පිළිබඳ සොයාබලු විට ඒවා එක්කෝ පට්ටපල් බොරුය. එසේ නැතිනම් අර්ථ විකෘති කරන ලද කරුණුය. මොවුන් ඉදිරිපත් කරන එක කරුණක් තුළවත් සත්‍ය මුලාශ්‍රයක්, සාධකයක්, සාක්ෂියක් ඇත්තේ නැත. උදා:- ලංකාවේ කිසිදා නොතිබුණු සිව් හෙලයක් හා අසුර ගෝත්‍රයක් ගැන දෙඩවීම නාලන්දා ගෙඩි ගෙය තිබුණු ස්ථානය වෙනස් කළා යයි කීම ඌරු වලවල්, උමං ගුහා පෙන්නා ඒවා මාලිගා යයි කීම * මෙලෙස මොවුන් බොරු බේගල් වලින් බොරු ඉතිහාසයක් කටින් මවයි. ඒ අතරතුර පුරාවිද්‍යා සාධක, කාල නිර්ණ සාධක, විද්‍යාත්මක සාධක ආදී සාධක දහස් ගණනකින් තහවුරු වී ඇති සත්‍ය ඉතිහාසය බොරුවක් බව ප්‍රකාශ කරයි. සත්‍ය ඉතිහාසය සුද්දා විසින් තනන ලද ඉන්දියානුවන් විසින් තනන ලද එකක් යයි මහා අවලාද කියයි.නමුත් ඔවුන් කරනා චෝදනා එකක්වත් ඔවුන්ට ඔප්පු කිරීමටද එකදු සාධකයක් නැත. මේ කරුණු ද්විත්වය

සිව් හෙළය හා අසුර ගෝත්‍රය siwhela asura

Image
සිවහෙළ අසුර ලංකාවේ කිසි දිනක සිව් හෙළයක් හෝ අසුර ගෝත්‍රයක් කියා දෙයක් තිබුනේ නැත ලංකාවේ තිබුනේ තුන් සිංහලයයි. ඒ රුහුණු පිහිටි මායා ප්‍රදේශ තුනයි ලංකාවේ යක්ෂ නාග දේව ගෝත්‍ර 3ක් මිස ගෝත්‍ර 4ක් තිබු බවට කිසිදු ඉතිහාස හෝ පුරාවිද්‍යා සාධකයක් නැත! සිව්හෙළ හා අසුර මිත්‍යාවන් මීට අවුරුදු කිහිපයකට පෙර නිර්මාණය කරන ලද ඒවාය Siwhela asura fake history.

මහා සම්මත පෙළපත ලංකාවට සමබන්ධ වන අයුරු Maha sammata

Image
මහාසම්මත රජු මහා සම්මත පෙළපත ලංකාවට සමබන්ධ වෙන්නේ විජය රජුගේ ආගමනය නිසා. විජය රජුගෙන් පසු ලංකාවට පැමිණි පණ්ඩුවාසදේව රජු විවාහ වෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසේ සිට ලංකාවට පැමිණෙන ශාක්‍ය පරපුරට අයත් භද්‍රකච්චායනා කුමරිය සමග. භද්‍රකච්චායනා කුමරිය යනු සුද්ධෝදන රජුගේ සහෝදරයෙකු වන අමිතෝදන රජුගේ පුත් පණ්ඩුශාක්‍ය රජුගේ දියණියයි. ඇය සමග ඇයගේ සහෝදරයන් පිරිසක් ලංකාවට පැමිණෙනවා. ලංකාවට මහා සම්මත පරපුරේ සුර්ය වංශයේ ශාක්‍ය ගෝත්‍රය සම්බන්ධ වෙන්නේ මේ හරහා. මිට පෙර ලංකාවේ කිසිදු ආකාරයකින් වංශයක් හෝ මහා සම්මත පරපුරක් සිටියේ නෑ. මිට පෙර ලංකාව පාලනය කල රාවණ රජු මහා සම්මත පරපුරට කිසිසේත්ම සම්බන්ධ නෑ රාවණරජු පැවතගෙන එන්නේ පුලස්ත්‍ය ඍෂි ගෙන් ආරම්භ වුනු වෙනම පෙළපතක් ඔස්සේ. භද්දකච්චායනා කුමරියගේ දුව වන චිත්‍රා කුමරිය හා භද්දකච්චායනා කුමරියගේ සහෝදර දීඝායු ගේ පුත් දීඝගාමිණි දෙදෙනාගේ පුතෙකු ලෙස උපදින පණ්ඩුකාභය කුමරු තමයි ලංකාවේ පළමු උභයකුල පාරිශුද්ධ මහා සම්මත පරපුරේ සුර්ය වංශික ශාක්‍ය ගෝත්‍ර රජු විදියට වෙන්නේ. පසුකාලින ලේඛන වලදී ලංකාවේ විවිද රජවරුන් මහා සමමත පෙළපතින්, සුර්ය වංශයෙන්, ශාක්‍ය වංශයෙන් පැවතගෙන එන බ