Posts

Showing posts from June, 2021

ලෝකයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය ශ්‍රී ලංකාව ද? Lowest gravity on earth Srilanka

Image
  ගුරුත්වය අඩුම රට  ----1 ලිපිය ---මිෂන් ග්‍රේස් පිලිබඳ ප්‍රචාරය කල බොරු ------ බුදු උපත ලංකාවේ වගට පවසන්නන් ගෙන යන තවත් මුසාවකි ලංකාව යනු ගුරුත්වය අඩුම රට වන බවට..ඔව්න් බොහෝම අභිමානයෙන් පවසන්නේ එය නාසා ආයතනය මගින්ද තහවුරු කොට ඇති බවයි..විශේෂයෙන් "මීවනපලානෙ ධම්මාලංකාරයන්" පවා එය මත පදනම්ව හිරිවඩුන්න පිලිබඳව බොහෝ පුරසාරම් දොඩවා ඇත.. නමුත් හාස්‍යයට කරණනම් නාසා ආයතනය විසින් තම මිශන් ග්‍රේස් ව්‍යාපෘතිය මගින් මාස 13 ක් තිස්සේ ලබාගත් දත්ත මත පදනම්ව නිකුත් කල ගුරුත්ව සිතියමට අනුව ලංකාව යනු ගුරුත්වය අඩුම රට නොවීමයි..😂 එයට අදාල නාසා ගුරුත්ව සිතියම මෙහි අමුනා ඇති අතර ඕනෑම අයෙකුට එම සිතියම විශාලනය කිරීමෙන් මෙම කරුණ තහවුරු කරගත හැක.. එයට අමතරව මෙහි මා එම සිතියම විශාලනය කොට දක්වා ඇති අතර මිෂන් ග්‍රේස් ව්‍යාපෘතියට පෙර පල කල සිතියමට අනුවද ලංකාව යනු ගුරුත්වය අඩුම රට නොවන වග ඉතා පැහැදිලිව දැක ගත හැක.. ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය ----2 ලිපිය---grace and goce--- මධ්‍ය ලක්ෂයේ මිත්‍යාව. බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 15. මේ පිළිබඳව මෙම පිරිස ගෙන එන කරුණු... A) ලෝකයේ මැද

ඊජිප්තුවේ පිරමිඩ වල ගුවන් යානා කැටයම් කල හෙළයෝ Egypt pyramid rawana

Image
ඊජිප්තු පිරමිඩ හෙළිකොප්ටර් ගුවන් යානා ඊජිප්තුවේ කඩාවැටුණු පිරමිඩයක හෙලිකොප්ටර් හා ගුවන් යානා සහිත රුපාක්ෂර සහිත චායාරුප අන්තර්ජාලයේ හුවමාරු වෙනවා ඔබ දැක ඇති. දකින දකින හැම අත්භූත දෙයක්ම රාවණාගේ කියනා රාවනා වාදීන් විසින් මෙය ඊජිප්තුව ශිෂ්ටාචාර කල හෙළයෙන් ගිය සිංහ මිනිසුන්ගේ වැඩක් යයි කියවනවා ද ඔබ දැක ඇති. මෙය මුළුමනින්ම අසත් ‍ ය ව් ‍ යාජ ප් ‍ රචාරය කිරීමක්. පළමු බොරුව වන්නේ මෙය තිබෙන්නේ පිරමිඩයක් තුල නෙවෙයි. මෙම ගුවන් යානා වැනි රූප සහිත රුපාක්ෂර පෙළ තිබෙන්නේ ඊජිප්තුවේ Abydos හි පළමු වන සෙටි රජතුමාගේ දේවාලයේ උළුවස්සක කොටසකයි. මෙම දේවාලයේ නිර්මාණය ආරම්භ කලේ පළමු වන සෙටි රජතුමා විසින් වුනත් මෙහි කටයුතු අවසන් කලේ ඔහුගේ පුතු වන දෙවන රැම්සෙස් රජු විසින්. පාරාවෝ රජවරුන්ගේ නම් ආකාර පහකින් ලියනු ලබනවා. එම නාමයන් ආරම්භ වීමේදී විශේෂ රුපාක්ෂර පස් ආකාරයක් දක්වා ආරම්භ කරනවා 1. උපන් නම - තාරාවෙක් හා සුර්යයා දක්වා ආරම්භ කරයි 2. කිරුළු නාමය - මිමස්සෙකු හා පැපිරස් ශාකය දක්වා ආරම්භ කරයි 3. හෝරස් නාමය - ත් ‍ රිකෝණ හැඩයක් මත සිටින උකුස්සෙකුගෙන් 4. ස්වර්ණමය හෝරස් නාමය - අත්තක් උඩ වසා සිටින උකුස්සෙකුගෙන්