Posts

Showing posts from December, 2020

රාවණ සක්විති රජෙකු නොවේ ! Sakwithi Rawana king

Image
සක්විති රාවණා රාවණා සක්විති රජෙකු නොවේ 1. සක්විති රජවරුන් පිළිබඳ සඳහන් වන එකම මුලාශ්‍රය වන්නේ බුද්ධ භාෂිතය. බුදුරජාණන් වහන්සේ විසින් කල්ප දහස් ගණනට පෙර පවා සිටි සක්විති රජවරුන් පිළිබඳව බොහෝ අවස්ථා වලදී දේශනා කර තිබෙනවා. බුදුන් දේශනා කරන ලද කිසිදු දේශනාවක් තුල රාවණ රජු හෝ එම පරපුරේ වෙනත් කිසිදු රජෙකුගේ නමක් සඳහන් වන්නේ නෑ. කල්ප ගණනකට පෙර සිටි සක්විති රජවරුන් ගැන දේශනා කර තිබියදීත් මේ කල්පයේම සිටියා යයි කියනා රාවන නම් සක්විති රජෙකු පිළිබඳව කිසිදු සඳහනක් කිසිදු බුද්ධ  දේශනාවක සඳහන් වෙන්නේ නෑ.  රාවනා පිළිබඳව සඳහන් වන ලංකාවතාර නම් මහායාන සුත්‍රය කිසිසේත්ම බුද්ධ දේශනාවක් නෙවෙයි. නිර්මල බුදුදහම විකෘති කරමින් බුද්ධ පරිනිර්වාණයෙන් ඉතාම පසුකාලීනව  නිර්මාණය කල කිසිදු බුද්ධ භාෂිතයක් සඳහන් නොවන  ලංකාවතාර සුත්‍රය නම්  බහුබුතය තුළවත් රාවනා සක්විති රජෙකු යයි සඳහනක් නෑ  සක්විති රජවරුන් පිළිබඳව  මහාපරිනිර්වාණ සූත්‍රය මහාසුදස්සන සූත්‍රය චක්‍රවර්ති සිංහනාද සූත්‍රය බ්‍රහ්මායු සුත්‍රය  බහුධාතුක සුත්‍රය  බාල පණ්ඩිත සුත්‍රය  චක්කවත්ති සුත්‍රය  චක්කවත්ති අච්චරිය සුත්‍රය  චක්කානුවත්තන සුත්‍රය  අම්බට්ට ස

මහා සම්මත රජුගේ හතර වරිගයටවත් නොගෑවුණු රාවණා Mahasammata manu Ravana king

Image
මහා සම්මත මනු රාවනා  රාවණා විකුණා කමින් ඉතිහාසය විකෘති කරනා ගයාන් සඳකැලුම් වැනි ටොම්පච කාරයන් රාවණ රජු මහා සමමත මනු රජුගෙන් පැවතගෙන එන සුර්ය වංශිකයෙක් යයි අමුලික මිථ්‍යා මතයක් පළකරනවා. "මහා සමමත මනු" යන නාමය යෙදිමෙන්ම මොවුන්ට මහා සම්මත හෝ මනු පිළිබඳ කිසිදු දැනුමක් නැති බව තහවුරු වෙනවා. මහා සම්මත රජු හා එම පෙළපත පිළිබඳව අග්ගඤ්ඤ , පාඨික, අම්බට්ට යන සුත්‍ර වලත්, දීඝ නිකාය අටුවාව, අම්බට්ඨ අටුවාව තුලත් මහා මන්ධාත හා චේතිය ජාතක කතා වලත්, මහා වංශය, දීපවංශය, බෝධි වංශය, වංසත්ථප්පකාසිනිය, බොධ්‍යාහාරකුලය හෙවත් දෙව වංශය, කුරුනෑගල විස්තරය, රාජාවලිය, වන්නි රාජාවලිය හා පුජාවලිය තුලත් කෝලම්, සුනියම් කැපීම ආදී ශාන්ති කර්ම කවි, කතා, මන්ත්‍ර තුළත් පුරාවිද්‍යා අභිලේඛන, සන්නස් හා මංගල කවි ආදිය තුලත් තොරතුරු ඇතුලත් වෙනවා. මනු රජු හා එම පෙළපත පිළිබඳව මනුස්මෘතිය, මහා භාරතය තුලත් විෂ්ණු පුරාණ, මස්ත්‍ය පුරාණ, බ්‍රහ්ම පුරාණ, ශිව පුරාණ, භගවත පුරාණ ආදී පුරාණ තුලත් ඍජ් වේදය, අතර්ව වේදය ආදී වේද ග්‍රන්ථ තුලත් ශතපාත බ්‍රාහ්මණ ආදී පැරණි ඉන්දිය ලේඛන සිය ගණනක් තුලත් පැරකුම්බා සිරිත, රඝු වංශය, සන්නස්, මන්ත්‍ර හ