Posts

Showing posts from November, 2020

භූගත නිල්දිය පොකුණ Rawana nildiya pokuna

Image
නිල්දිය පොකුණ මොකක්ද මේ නිල්දිය පොකුණ කියන්නේ. ? Full video Link https://youtu.be/LW7PegcZMKo මේක වසර 20කට අධික කාලයක් තිස්සේ මිනිස්සුන්ගෙ හිතට කුතුහලයක් ගෙනත් දුන්න තැනක්.සමහර පුද්ගලයන් විසින් රාවණා සම්බන්ධ කරමින් ඒ පුරාවෘත්තයට සම්බන්ධ කරත් මේ පිලිබද ගවේෂණය කරන්න සැහෙන පුද්ගලයන්ට ආසාවක් ආවත් සියලුම දෙනා ගවේෂණය අවසන් කරන්නේ පොකුණ අසලින්. ඉතින් මෙත්තානන්ද කියන ඒ ගමේ පුද්ගලයා 2000 වසරේදි පමණ මේ ගුහාව සහ පොකුණ සොයා ගැනීමත් සමග මේ පොකුණ අසලට යැමට විශාල පිරිස් සුදානම් උනා වගේම සමහරුන් ගැඹුර පරික්ෂා කිරිමට පවා පීහිනුම් කටයුතු පවා කරනු ලැබුවා. නමුත් හැම කෙනෙක්ම පොකුණ අසලින්ම නැවතෙන්න සිදු උනේ කැලි කැපිය හැකි තරම් ඝණ අදුරත් ඉතාමත් සීතල වතුරත් ගුප්ත බවකින් යුත් නිසායි. නමුත් වර්ෂ 2017 දි අපේ රටේ විශිෂ්ඨ කිමිදුම් කරුවෙක් වෙන සහ අන්තර්ජාතික ගුහා කිමිදුම් (Cave Diving) ශිල්පියෙක් වෙන දර්ෂණ ජයවර්ධන විසින් මෙහි ගවේෂණ ආරම්භ කරනවා. ඔහු විසින් මේ නිල්දියපොකුණ යටින් තියන ගුහා සහ කූටීර සියල්ලම පවා හදුනාගෙන,ගවේෂණය කර, සිතියම් ගත කරනු ලබනවා. ඒහිදි නාමකරණය සිදුකළ යුතු වන අතර අප විසින් නාමකරණයට වාල්මිකි විසි

කාශ්‍යප බුදුන් රාවණ රජුට දෙසූ ලංකාවතාර සුත්‍රය Rawana Lankawathara suthra

Image
  ලංකාවතාර සූත්‍රය ලංකාවතාර සූත්‍රය රවාණා රජු ගැන සාක්ෂියක් ද? ======================= ******************************************* රාමායණය, මහා භාරතය හා පුරාණ ග්‍රන්ථ හැරුණු විට ලංකාධිපති රාවණ ගැන යම් සාක්ෂියක් ලෙස උපුටා දක්වන පැරණිතම මූලාශ්‍රයක් වන්නේ ලංකාවතාර සූත්‍රයයි. මෙය අපේ රටේ රාවණාවාදීන් ගේ ද ඉතා ප්‍රබල උපුටා දැක්වීමක් වේ. ප්‍රධාන මහායාන සූත්‍ර 9 ට අයත් සූත්‍රයක් වන ආර්ය ලංකාවතාර සූත්‍රය යෝගාචාර විඥානවාදී දර්ශනයට අයත් සිද්ධාන්ත අන්තර්ගත මූල ග්‍රන්ථයක් ලෙස සැලකේ. ලංකාවතාර යන්නෙහි වචනාර්ථය වන්නේ ලංකාවට ඇතුළු වීම යන්නයි. කරුණු නොදන්නා පිරිස් මෙය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් ලෙස සැලකුවද මෙය පශ්චාත් කාලීනව රචනා වූවක් බවට සූත්‍ර ආරම්භයේ එන “ නෛරාත්ම්‍යං යත්‍රධර්මාණාං ධර්මරාජේන දේශිත ලංකාවතාරං තත් සූත්‍ර මිහ යත්නේන ලිඛ්‍යතේ ” යනුවෙන් සඳහන් ශ්ලෝකයෙන් ප්‍රකට වේ. මෙහි චීන පරිවර්තන හතරක් ගැන කියවේ. මුල්ම පරිවර්තනය සිදුවන්නේ ධර්මරක්ෂ අතිනි. ක්‍රි.ව. 443 දී මධ්‍යම භාරතයේ විසූ ආචාර්ය ගුණභද්‍ර භික්ෂුව විසින් ලංකාවට පැමිණ ලංකාවේ දී ම මෙම මෙය චීන භාෂාවට පරිවර්තනය කළ බැව් සඳහන් වෙයි. එ