Posts

Showing posts from July, 2020

හිමවත හිමාලය හා ශ්‍රීපාදය

Image
  බුදුන් ඉපදුනේ ලංකාවේ යයි කියනා ජම්බුවන්ගේ මොළය පශ්චාත් භාගයට බැස ඇති බව ප්‍රසිද්ද රහසකි. ඔවුන්ගේ එක් තර්කයක් ලෙස "හිමවත යනු ශ්‍රී පාදය" යන ඔලමොට්ටල මතය ප්‍රකාශ කරනු දක්නට ලැබේ. හිමාල කඳු වැටිය හිමවත ලෙසින් හඳුන්වන්නේ නැති බවද මොවුන් සිහි විකලෙන් දොඩවති. දේවි භගවත පුරාණය, බ්‍රහ්මාණ්ඩ පුරාණය, මහාභාරතය, කේන උපනිෂද් ආදී ඉන්දීය ලේඛන සිය ගණනක් තුල හිමාල කඳු වැටිය හිමාල හා හිමවත් යන නම් දෙකෙන්ම ඕනෑතරම් හදුන්වා තිබේ. මීට අමතරව හින්දු දේව පුරාන සාහිත්‍ය තුල පාර්වතී දෙවියන්ගේ පියා ලෙස හිමාල රජු පිලිබඳ තොරතුරු ඇති අවස්ථා සිය ගණනක හිමවත් රජු හා හිමාල රජු යන නාම භාවිත වේ. ( हिमाल ) හිමාලය යන සංස්කෘත පදය තැනෙන්නේ හිම + ආලය = හිම + නිවහන යන පද දෙකෙනි ( हिमवत् ) හිමවත් යන පදය තැනෙන්නේ හිම + වත් = හිම + ඇති තැන යන ලෙසිනි මේ අනුව හිමවත යනු හිමින් පිරුණු ස්ථානයක් බව නමින්ම තහවුරු වේ. මෙය හිමාලය, හිමවත්, හිමවන්ත්, හිමාචල්, ධරාධරේන්ද්‍ර, පර්වතෙශ්වර, හිමාවන්, හිමරාජ යන සමාන පද වලින් විවිද අවස්ථා වල විවිද මුලාශ්‍ර තුල සදහන් කර තිබේ. ඔලමොට්ටල  ජම්බුවන් හිමවත කියනා සිරිපාදයේ හිම වැටෙන්නේ කොතනටද?