Posts

Showing posts from April, 2020

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති මරගලකන්දේ රාවණ පිළිමය Ravana Statue British museum

Image
මහා රාවණ පිළිමය  අවුරුදු කිහිපයක පටන් රාවණ ඉතිහාසය හෙළිකරනවා යයි කියමින් අමුලික බේගල් පතුරවන මිඩියා කරුවන් හා ෆේස්බුක් කරුවන් ලංකාවෙන් ගෙන ගිය රාවණ පිළිමයක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති බව කියමින් මෙම රාවණ පිළිමයේ චායාරුපය නිතර පලකරන ලදී. එම මත පිළිගත් පිරිස් විසින් රාවණ රජුගේ නියම පිළිමය මෙය යයි කියමින් එයට සමාන පිළිම නිර්මාණය කිරීමද සිදුකරන ලදී. එක් ප්‍රෝඩාකරුවෙක් තමන්ගේ සියත රේඩියෝ වැඩ සටහනකදී මෙම පිළිමය ලංකාවේ භූගත දේවාලයකින් ගෙන ගිය බවත් එය ලංකාවට නැවත රැගෙන ආ විට ලංකාව සශ්‍රික වෙන බවත් පවසමින් තවත් අමුලික බේගල් රාශියක් ප්‍රචාරය කළා. නමුත් මෙම පිළිමය සත්‍ය වශයෙන්ම ලංකාවට කිසිම සම්බන්ධයක් නැති දකුණු ඉන්දියාවෙන් ලබාගත් රාවණ පිළිමයක්. මෙම පිළිමය Augustus William Henry ( 1826 - 1902) නම් හමුදා නිලධාරියා තවත් ආසියානු, ග්‍රීක, ඊජිප්තු වස්තු සමග බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට 1878දී ප්‍රධානය කල කෞතුක වස්තුවක්. එය එම පිළිමය ප්‍රදර්ශනය කරන ස්ථානයේ දක්වා තිබෙනවා මෙන්ම කෞතුක වස්තු පිළිබඳ british museum වෙබ් අඩවියේ තොරතුරු වලත් ඉතා පැහැදිලිව සදහන් වෙනවා. එම වෙබ් පිටුවට යොමුවීමට :- ( මෙතන ක්ලික් කර

සීගිරියේ තියෙන්නේ සිංහ පාදද? ගුරුළු පාදද? සිංහගිරි ද සිව ගිරි ද? Sigiriya Ravana Sivagiri or Sinhagiri

Image
සීගිරිය සිංහ පාද ගුරුළු පාද  සීගිරියේ සිංහයෙකු පිළිබඳව මුල්ම සඳහන හමු වන්නේ අපගේ ප්‍රධානම ඓතිහාසික මූලාශ්‍රය වන මහාවංශයෙනි. " :ඉක්බිති ඒ පාපී වූ කස්සප නමැති රජු....බියවී සීගිරියට ගියේය. මිනිසුන් විසින් අපහසුවෙන් නැගිය යුතු එය හාත්පසින් පිරිසිදු කරවා, ප්‍රාකාරයකින් වට කොට ඉණිමං සහිත ගෙවල් සිංහයකුගේ ආකාරයෙන් කරවීය. එහෙයින් සීගිරි (සීහගිරිං) නම් විය. කැටපත් පවුර කාශ්‍යප රජුගෙන් පසුව හෝ එම ස්ථානයේ පැවති බවට ඇතැම් වියතුන් අනුමාන කරන මහායාන සංඝාරාමයේ පරිහාණි කාලයෙන් අනතුරුව සීගිරිය නැරඹීමට පැමිණි තත් කාලීන නරඹන්නන් තබා ගිය සීගිරි ගී වලින් හෙලිවන තොරතුරු එහි සිංහ රුවක් තිබූ බවට අනතුරුව හමුවන ප්‍රබලම සාධක වේ. මේ එම ගී සහ ඒවායේ අර්ථයයි. 1) අවුද් මුළු වෙ ගිරිහී යන වි අප මුළු විසිරි සිහිඳුන් සෙය හැඟැ අප සිහි වන්නට් සිහිගිරි මෙහි පැමිණ මිනිසුන් එක්වී ගල මත ඒකරාශී වේ. සිංහ රජු මෙය වටහාගෙන මෙහි සිටින්නේ, අපට එම ඒකරාශී වීමෙන් වෙන්වී ඈතට යෑමට මෙනි. එසේම සිහිගිරි ය අපගේ මතකයට කාවැද්දීමටය. යුගය - 9 වන සියවසේ අවසාන භාගයේ හෝ 10 වන සියවසේ මුල් කාලය. 2) නැගී ඇති බලනට බැලිමි සිහිමිය